දිනසේන රතුගමගේ –
යාපනයේ කරෙයිනගර් ‘’මහසෙන්’’ නැව් නිපදවීමේ ආයතනය විසින් නිපදවූ සූර්ය බලයෙන් යාත්‍රා කළ හැකි සුඛෝපභෝගී මගි යාත්‍රාව දියඹට දියත් කිරීම ඊයේ (19 ) කරෙයිනගර් මුහුදේදී සිදු කෙරුණි.
බුරුමයේ සංචාරක සමාගමක ඇනවුමක් මත මෙම සුඛෝපභෝගී යාත්‍රාව නිපදවා ඇති අතර එම යාත්‍රාව බුරුමයේ සංචාරක කටයුතු සඳහා යොදා ගැනෙයි.
මගීන් 150 කට ගමන් කළ හැකි මෙම යාත්‍රාව දියත් කිරීම සාර්ථක ලෙස සිදු වූ බව කරෙයිනගර් මහසෙන් නැව් නිපදවීමේ ආයතනය ප්‍රකාශ කොට තිබේ.
කරෙයිනගර් ප්‍රදේශයේ මෙම මහසෙන් යාත්‍රා නිපදවීමේ ආයතනය මීට වසර හතරකට පමණ ඉහතදී උතුරේ ධීවරයින්ට අවශ්‍ය ධීවර යාත්‍රා නිපදවීම පිණිස ආරම්හ කරණ ලද කර්මාන්ත ශාලාවකි.
එම කර්මාන්ත ශාලාවෙන් ප්‍රමිතයෙන් යුත් යාත්‍රාවක් නිෂ්පාදනය කිරීම තම ආයතනය ලද විශිෂ්ඨ ජයග්‍රහණයක් බවද එම ආයතනය වැඩි දුරටත් සදහන් කොට සිටියි.








