සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යාපනයේ සිට කටුනායකට යන්න 75000 – ඉන්දියාවට ගිහින් එන්න 60000යි… පලාලි ගුවන් තොටුපල ගැන යාපනයේ වැසියෝ කියති!

by editor
දෙසැම්බර් 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ගුවන් සේවා කටයුතු වසර ගණනාවකට පසුව පසුගිය සඳුදා (12) නැවත ආරම්භ කෙරිණ.

ඒ අනුව ඉන්දියාවේ,චෙන්නායි සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දක්වා මගී ගුවන් යානයක් එදින ළඟා විය.

මීට පෙර පැවති කොරෝනා වසංගත තත්වය හා ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු හේතුවෙන් පසුගිය සමයේ පලාලි සිට ඉන්දියාව දක්වා ගුවන් ගමන් නවතා තිබිණ.

ඉතිහාසය

1947 දෙසම්බර් 10 වැනිදා එයාර් සිලෝන් නමින් පැවති ගුවන් ගමන් සේවාව රත්මලාන සිට එවක මැඩ්‍රාස් නමින් හැදින්වු මදුරාසිය දක්වා ගුවන් ගමන් කිරීමේදී පලාලි හරහා ගමන් කළ බවත්, 1960 හා 1970 දශකයන් තුළ පලාලි සිට චෙන්නායි දක්වා ගුවනින් විනාඩි 45 ක පමණ කාලයකින් ගමන් කිරීමට හැකියාවක් පැවති බවත් යාපනය ජිවත්වන වැඩිහිටියෝ පවසති.

එයාර් සිලෝන් ගුවන් ගමන් පැවති අයුරු

1982 වසරේ ජනවාරි මාසයේදී පලාලි ප්‍රදේශයේ ගුවන් හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කොට තිබිණ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

යුධ සමයේ පැවති ආරක්ෂක තත්වය පාදක කර ගනිමින් යාපනයේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා නවත්වා තිබු අතර, ආරක්ෂක කටයුතු හා උතුරු පළාතට පැමිණෙන ප්‍රභූ ගමන් සේවා වෙනුවෙන් අභ්‍යන්තර ගුවන් ගමන් පමණක් පලාලි ගුවන් තොටුපොළ හරහා ක්‍රියාත්මක විණ.

ගුවන් තොටුපල සංවර්ධන කටයුතු

ශ්‍රී ලංකා රජයේ හා ඉන්දීය රජයේ එකඟතාවය මත රුපියල් මිලියන 2250 ක වියදමකින් යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉදිකළ අතර,ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 1950 ක්ද, ඉන්දීය රජය රුපියල් මිලියන 300 ක්ද යොදා යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංවර්ධන කටයුතු සැලසුම් කොට තිබිණ.

ගුවන් තොටුපල අභ්‍යන්තරය

ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම අදියර තුනක් යටතේ සිදුකිරීමට සැලසුම් කොට තිබේ.

ඒ අනුව ආසන 80 ට අඩු ගුවන් යානා හැසිරවීමට හැකි ලෙස ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම එහි පළමු අදියර යටතේ සිදුවිය.

දෙවන අදියර යටතේ ගුවන් පථය කිලෝමීටර 1.5 ක් දුරට සකස් කොට විශාල ගුවන් යානා හැසිරවිය හැකි ලෙසට ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමට අරමුණ කොට පැවතිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා එවකට අගමැතිව සිටි රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් 2019 ඔක්තෝම්බර් 17 වැනිදා මෙරට තෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙසට පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ විවෘත කළහ.

නාම පුවරුව

භාෂා අන්දෝලනය

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය මත යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හැඳින්වීමේ පුවරුවේ නම සකස් කිරීමේදී පළමුව දෙමළ භාෂාවෙන්ද, දෙවනුව සිංහල භාෂාවෙන්ද, තෙවනුව ඉංග්‍රීසි භාෂාවෙන්ද නම් සඳහන් කොට තිබු අතර, එවකට අදාළ නාම පුවරුව සම්බන්ධයෙන් විවිධ මතයන් ඉදිරිපත් විණ.

ගුවන් ගමන් සේවා ඇරඹීමේ අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්, ඉන්දිය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියහ.

ගුවන් ගමන් සේවා ඇරඹීමේ අවස්ථාවට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන්,ඉන්දිය මහ කොමසාරිස් කාර්යාල නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගි වි සිටියහ.

පලාලි චෙන්නායි ගුවන් ගමන්

යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා නැවත වතාවක් ගුවන් ගමන් සේවා ආරම්භයත් සමඟ ඉන්දියාවේ, චෙන්නායි සිට පලාලි දක්වා සතියේ සෑම සදුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනයකම ගුවන් ගමන් සේවා සුදානම් කොට ඇති බව ගුවන් තොටුපොළ භාර මෙහෙයුම් කළමණාකාර ඩබි.එම්.එල්.ජි.වන්සේකර බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

යාපනයේ ජනතාව කියන්නේ කුමක්ද?

පලාලි සිට චෙන්නායි දක්වා ගුවන් ගමන් සේවා නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් යාපනය වැසියෙකු වු නඩරාසා මනෝහරන් අප වෙත කියා සිටියේ “යාපනය ඉදලා චෙන්නායි දක්වා ගුවන් සේවාව නැවත ආරම්භ කිරීම උතුරු නැගෙනහිර ජනතාවට ලොකුම සහනයක්. නැත්නම් අපි ඉන්දියාවට යන්න යන කාලයට වඩා වැඩි කාලයක් යාපනය ඉඳලා කටුනායක යන්න ගතවෙනවා.

ඒ වාගේම යාපනය ඉඳලා කටුනායක යන්න රුපියල් 75,000 ක් විතර දීලා තමයි වෑන් එකකින් කටුනායකට යන්න ඕනේ. කටුනායක ඉඳලා ඉන්දියාවට ගුවන් ටිකට්පත්වලට යන මුදලට වැඩි මුදලක් යාපනය ඉදලා කටුනායක යන්න වෑන් රථයට ගෙවන්න ඕනේ.”

“ඒත් පලාලි ඉදලා කෙලින්ම චෙන්නායිවලට යන්න අපිට පහසුකම් තිබුණොත් අපේ කාලයයි, මුදලයි දෙකම ඉතුරු වෙනවා. යාපනය ඉඳලා චෙන්නායි යන්න වැඩිම වුණොත් පැයක කාලයක් තමයි යන්නේ.”

“ඒක හින්දා පලාලි ගුවන් තොටුපොළ නැවත විවෘත කිරීම උතුරු නැගෙනහිර ජනතාවට මහත් ප්‍රයෝජනයක්. ඉන්දියාවේ ඉන්න අපේ නැදෑයෝ බලන්න අපිට දැන් හරිම පහසුයි. පැයකින් දෙකකින් ඉන්දියාවට ගිහිල්ලා එන්න පුළුවන් කියන්නේ හැමෝටම සහනයක්.” යනුවෙනි.

ගුවන් ටිකට් පත් නිකුත් කරනු ලබන සංචාරක නියෝජිතායතනකින් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔවුන් පැවසුවේ යාපනයේ සිට චෙන්නායි දක්වා එක් ගමනකට ශ්‍රී ලංකා රුපියල් 44,000 ක් ආසන්න අගයක්ද යාමට සහ ඒමට ශ්‍රී ලංකා රුපියල් 65,000 කට ආසන්න අගයකද ටිකට් පත් අළෙවි වන බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාසල් උපකරණ වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන්ට නීතිය දැඩි වෙයි….

Next Post

පේරාදෙණිය සිද්ධිය – පොලිස් අත්අඩංගුවට පත් තවත් සිසුන් 02ක් 22 තෙක් රිමාන්ඩ්

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.