දිනසේන රතුගමගේ –
යාපනයේ දෙමළ වැසියෙකු කැනඩාවේ දී කිසියම් පිරිසක් විසින් ඝාතනය කොට ඇති බවට 10 දා යාපනයේ ඥාතීන්ට තොරතුරු එවා තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනයේ කුරුම්බාසෙට්ටි ප්‍රදේශයේ පදිංචිව සිට වසර අටකට ඉහතදී කැනඩාවට ගිය හතළිස් පස් හැවිරිදි මදන් මහාලිංගම් නැමති අයෙකි.
මහාලිංගම්ගේ මළ සිරුර කැනඩාවේ යෝර්ක් ප්‍රදේශයේ මහා මාර්ගයක් අසල දමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන තිබේ.
මියගිය අයගේ ලේ ඥාතියෙකු කැනඩාවේ සිටින අතර ඔහුට මේ පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසුව යාපනයේ සිටින මහාලිංගම්ගේ ඥාතීන්ව දැනුවත් කොට තිබේ.
ඔවුන් කියා සිටියේ පොලිස් පරීක්ෂණ අවසන් නොවීමත් කොරෝනා වසංගතයත් නිසා ඔහුගේ මළ සිරුර යාපනයට රැගෙන ඒමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.