දිනසේන රතුගමගේ –
යාපනය වඩමරච්චි හාට්ලි ජාතික පාසලේ සිසුවෙකු විසින් මෝටරයකින් ක්‍රියා කරනු ලබන පාපැදියක් නිර්මාණය කොට තිබේ.
සෙල්වචන්ද්‍රන් සිරිමන් නැමති මෙම සිසුවා විසින් නිර්මාණය කොට ඇති පාපැදියේ පැඩලය ක්‍රියාත්මක කිරීමත් සමගම කුඩා බැටරියකින් බල ගැන්වෙන මෝටරයක් ක්‍රියාත්ම වී පාපැදියට ඉදිරියට ගමන් කිරීම සඳහා විදුලි බලය ලබා දෙයි. පසුව පාපැදියේ පැඩලය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය නොවේ. පා පැදිය සඳහා යොදාගෙන ඇත්තේ ආරෝපණය කළ හැකි බැටරියකි. රෝදය කැරකෙන විට බැටරිය ආරෝපණය වන බව නිර්මාණකරු පවසයි.

නව නිපැයුම සිරිමන් සිසුවා විසින් සිය විදුහලේ විදුහල්පතිවරයා ආචාර්ය මණ්ඩලය හා තවත් ආරාධිතයින් කීප දෙනෙකු ඉදිරියේ ප්‍රදර්ශනය කළ අතර එම අවස්ථාවට ඔහුගේ හිතාදර පාසල් මිතුරන් විශාල පිරිසක්ද සහභාගී වී සිටියහ.
විද්‍යාලයේ විදුහල්පති තම්බයියා කලෙයිචෙල්වන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිසුවාගේ නව නිපැයුම පිළිබඳව හැඳින්වීමක් කළේය.
පාසල් යළි ආරම්භ වූ පසුව තමන් අළුතින් නිපදවන ලද මෝටරයක් සහිත පාපැදියෙන් පාසලට පැමිණෙන බව සෙල්වචන්ද්‍රන් සිරිමන් ශිෂ්‍යයා මෙහිදී ප්‍රකාශ කළේය.








