දිනසේන රතුගමගේ –
යාපනයේ මරදන්කේණී ප්‍රදේශයේ ඉඩමකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය මෝටාර් හා තවත් යුද උපකරණ රාශියක් 24 දා සොයා ගෙන තිබේ.
මරදන්කේණී ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් සුද්ධ කිරීමට ගිය අවස්ථාවේදී මුලින්ම ඉඩම් හිමියාට මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය වළදමා තිබූ ස්ථානය හමු වී තිබේ.
ඔහු විසින් ඒ පිළිබදව පොලිස් විශේෂ කාර්ය බලකායට හා යුද හමුදාවට දැණුම් දීමෙන් පසුව එම නිලධාරීන් පැමිණ අදාල ස්ථානය හාරා මෙම පුපුරණ ද්‍රව්‍ය මෝටාර් බෝම්බ ඇතුලු යුද උපකරණ තොගය ගොඩ ගෙන ඇත.
චාවාකච්චේරී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.