යාපනයේ කොවිඩ් රෝගීන් 09ක්… එක් අයෙක් මිය යයි!

දිනසේන රතුගමගේ

කොරෝනා රෝගය වැළදීම නිසා යාපනයේ එක් පුද්ගලයෙකු ඊයේ  20 දා මිය ගොස් තිබේ.

ඔහු යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

උණ රෝගය  වැළදීමෙන් පසුව ඔහු ප්‍රතිකාර ලබා ගැනීමට පුතූර් මූලික රෝහලට ගොස් ඇති අතර එහිදී ඔහුට කොරෝනා රෝගය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

ඔහුව එම රෝහලේ තබා ගෙන නිරෝධායනයට ලක් කොට තිබූ අතර ඔහු එහිදී මියගොස් තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර යාපනය ශීක්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් පස් දෙනෙකුද තවත් රෝහල් දෙකක කොරෝනා රෝගීන් හතර දෙනෙකුද වශයෙන් රෝගීන් 9 දෙනෙකු දැනට යාපනය අර්ධ ද්වීපය තුළින් හමු වී ඇත.

Exit mobile version