අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යළිත් රට ගිනි නොතබා ගොල්ෆේස් අරගලයට ගැසූ මැරයන් සතියක් තුළ අත්අඩංගුවට ගන්න…. අරගලකරුවෝ පොලිස්පතිට කියති!

by editor
මැයි 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල්ෆේස් පිටියේ සාමකාමී අරගලකරුවන්ට පහර දී දින හතක් ගතවීමෙන් අනතුරුවත් එම සාහසික අපරාධයට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව විරෝධය පල කිරීමට   කොළඹ පොලිස් මූලස්ථානය අසලට පැමිණි  සමාජවාදී තරුණ සංගමයේ තරුණ තරුණියන්   මෙම අපරාධයේ මහ සැලසුම්කරුවන් සතියක් තුළ අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිට දන්වා සිටින බවත්, එසේ නොවුනහොත් රට පුරා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වනු ඇති බවත් කියා සිටියහ.  

පොලිස්පතිවරයා වෙනුවෙන් ඔවුන් හමුවීමට පැමිණි පොලිස්පති ලේකම් කාර්යාලයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. කීර්තිපාල හමුවේ තරුණ සමාජවාදී සංගමයේ උද්ඝෝෂකයින් කියා සිටි කරුණු තුනක් විය.

පළමු කාරණාව මේ අපරාධය සිදුකළ බවට සියලුම ඡායාරූප සාධක, වීඩියෝ සාධක, සහිත මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, සනත් නිශාන්ත ඇතුලු දේශපාලන මැරයින් සතියක් තුළ අත්අඩංගුවට ගැනීම, දේශපාලන ව්‍යාපෘතියක් දියත් කරමින් සිය රාජකාරිමය වගකීම පැහැර හරිනුලැබූ දේශබන්දු තෙන්නකෝන්ගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් පැවැත්වීම, සැලසුම් සහගත අපරාධකරුවන් පසෙක සිටිය දී මේ අරගලකරුවන්ගේ ජීවිතය රැක ගැනීම වෙනුවෙන් මගට බසින ලද පිරිස් අත්අඩංගුවට ගැනීම නැවැත්වීම සහ අත්අඩංගුවට පත් පිරිස් නිදහස් කිරීම එම කරුණු අතර විය.

අද වනවිට තුන්සියයකට අධික පිරිසක් රට වටා අත්අඩංගුවට ගෙන ඇති නමුත් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත්තේ අරගලකරුවන්ට පහර දුන් එක් පුද්ගලයෙක් පමණක් බවත් මෙම උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

එහිදී නියෝජ්‍ය පොලිස්පති කේ.බී.කීර්තිරත්න ඇමතූ උද්ඝෝෂකයෝ මෙසේ ද පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“දේශබන්දු තෙන්නකෝනය මයිනාගෝගමේදි අපට පොරොන්දුවුනා අපට  ගහන්න දෙන්න නෑ කියලා. එහෙම කියලා අර පොලු ගත්ත මැරයො එව්වා අපට ගහන්න. අපේ  හට් කැඩුවා. ගිනි තිබ්බා. කොල්ලන්ගෙ  ඔළු පැලුවා. ඔයාලට බැරිවුනා මහත්තයො අපිව ආරක්ෂා කරන්න. ඔයාල රැක්කෙ අර මිනීමරු දේශපාලකයින්ගෙ බැලයො. ඒත් මේ රටේ මිනිස්සු අපිව රැක්ක. එහෙම කළේ අපි කළේ හොඳ වැඩක් නිසා.“

“මේ රටේ මිනිස්සු අපිව රැක්කෙ නැතිනම් අද අපේ ජීවිත නෑ. 88 -89ක් මේ රටේ පාලකයො හදනවා එහෙමනම්. අපිව බේරගත්තු කිසිම මිනිහෙකුට අපරාධයක් වෙන්න දෙන්නෙ නෑ අපි. සංවිධානය වෙලා ගැහුවෙ ඒ මිනිස්සු නෙමෙයි. සංවිධානය වෙලා අපිට ගැහුවේ මහින්දගෙ මැරයො. උන්ගෙන් අපිව බේරගන්නයි මිනිස්සු පාරට බැස්සෙ. ඒ සංවිධානය වුනු මිනිස්සු නෙමෙයි. උන්වයි දැන් අත්අඩංගුවට ගන්නෙ. “

“ඒ අපරාධය නවත්වන්න. දැන් ඔයාලගෙ පොලිසිවලට ප්‍රාදේශීය සභාවෙ සභාපතිලත් ඇවිත් ලිස්ට් දෙනවාව මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්න. ඔයාලත් අත්අඩංගුවට ගන්නවා. හැබැයි මේ විනාසය කළ අපරාධකරායො සම්බන්ධව කිසිම දෙයක් ඔයාලට කරන්න බැරි වෙලා තියනවා.“

“ ඔයාලට මේ දේ කියන්න ඕන. ඔයාලව ආරක්ෂා කරන්නෙ ඔය දේශපාලකයො නොවෙයි. මේ රටේ ජනතාව. ඩීල් නොදා පොලිස්පතියට නීතිය කරන්න කියන්න. පොලිස්පතියට ඒ පණිවිඩය දෙන්නයි අපි ආවේ. ඇයි ඔය අපරාධයට හවුල් වෙච්චි දේශබන්දුවගෙ වැඩ තහනම් කරන්න පොලිසියට බැරි. “

“ඔයාල හදන්නෙ මිනිස්සුන්ව  අත්අඩංගුවට ගන්න නම් කී දෙනෙක් අත්අඩංගුවට ගන්න ද?. මරන්න නම් කී දෙනෙක් මරන්න ද? අපි මේ ප්‍රශ්නය පොලිස්පති එක්ක විසඳගන්න ඕන ඒකයි.  ඔබතුමා දැක්ක ජනතාවගෙ බලය මොකක්ද කියලා. මේ පුරසාරම් කියපු චන්ඩි පාලකයො අද බංකර්වලට කොටුකළේ අපි නෙමෙයි . මේ මහා ජන බලය.  තවත් අසාධාරණයට එරෙහිව නැගුනු මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක සෙල්ලම් කරන්න එපා.“

“සතියක් ඇතුළත  දේශබන්දුගෙ වැඩ තහනම් කරලා පරීක්ෂණයක් තියන්න. මහින්ද, ප්‍රසන්න, ජොන්ස්ටන්, සනත් නිශාන්ත ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න. දිගට හරහරට දේශපාලන උවමනා මත සිදුවන මිනිස් දඩයම නවත්වන්න. දඬුවම් දීම උඩින් පටන් ගන්න…“

මේ පණිවිඩය අවතක්සේරු නොකරන ලෙස පොලිස්පතිට දන්වනැයි ද උද්ඝෝකයෝ නියෝජ්‍ය පොලිස්පති කීර්තිපාලට දැන්වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැයි 09 අපරාධයට මුල පිරූ මැරයින් නීතිය ඉදිරියට පමුණුවන්න… පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණක්!

Next Post

ඉදිරි මාස තුන බිහිසුණුයි… ඇත්තේ දුක් කම්කටොලු පමණයි… ඉවසා මා විශ්වාස කරන්න.. අපට ගොඩ යා හැකියි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.