අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යහපාලනය සහ මිල පාලනය අතර සංසන්දනය කරමින් කබීර් හෂීම් කළ කතාව

හාල් මිලයි පරිප්පු මිලයි පාලනය කරගන්න බැරි ජනපති කොහොමද රටක් පාලනය කරන්නේ?

by Lanka Sara Editor
නොවැම්බර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

“මිල පාලනයයි යහපාලනයයි අතර තියෙන මිල සංසන්දනය කරලා බැලුවොත් 2019 යහපාලනය යටතේ පරිප්පු කිලෝ එකක් 110යි මිල පාලනය යටතේ 275යි. එදා යහපාලනයේ සීනි කිලෝ එකක් 100යි මිල පාලනය යටතේ 160 යි. හාල් යහපාලනය යටතේ කිලෝ එකක් 85 යි මිල පාලනය යටතේ 130 3ට යහපාලනය යටතේ 235 යි මිල පාලනයට යටතේ 685යි. ගෑස් යහපාලනය යටතේ 1735 යි අද මිල පාලනය යටතේ 2720 යි. පරිප්පු මිල, හාල් මිල වැනි සරල දෙයක් පාලනය කරන්න බැරිනම් ජනාධිපතිවරයා රටේ මූල්‍ය ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, විනිමය අනනුපාත, ණය අර්බුදය පාලනය කරන්නේ කෙසේද“දැයි සමගි ජනබලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද අයවැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පැවසීය.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂයේ ඊයේ ඉදිරිපත් කළ මංගල අයවැය ආණ්ඩුවේ අවමංගල අයවැය විය හැකි බවය.

වැඩිදුරටත් විවාදයට එක්වෙමින් කරුණු දැක්වූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා,

“අද මේ රට උපයනවට වඩා වියදම් කරනවා. නිෂ්පාදනය කරනවට වඩා පරිභෝජනය කරනවා. මේ අසමතුලිතතාවයට විසඳුමක් දෙන්නට මේ රජය අපොහොසත් වෙලා තියෙන බව පැහැදිලියි. මේ අවුරුදු දෙකේ කළෙත් නෑ මේ ගැන කතා කරලවත් නෑ. අපිට ප්‍රතිපත්ති රාමුවක් අවශ්‍යයි. ප්‍රතිපත්ති රාමුව මේ ආණ්ඩුවෙ නෑ මේ ආණ්ඩුව දුවන්නෙ එදා වේල ටුවර්ස් හැටියට. ගොඩක් අය කියන්නේ ‘ගෝඨා reverse’ කියලා ඒකයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රටේ පාලනය අද අපට පේන්නේ අවුල් හවුලක් වගේ. අද ගමේ මිත්තණියක එකතු කරගන්න කවලම් පලා වට්ටියකට තමයි ඒගොල්ලන්ගෙ ප්‍රතිපත්ති සමකරන්න පුළුවන්. මොකද කිසිම සංගත භාවයක් නෑ. මේකෙන් වෙන හානිය විශාලයි. තිරසාර ආර්ථික සංවර්ධනයකට නම් සමගි ජන බලවේගය නියෝජනය කරන අපි අලුත් බලවේගයක් හැටියට අපි විශ්වාස කරනවා රටේ සමාජ ආර්ථික පසුතලයට ගැලපෙන ඒ වගේම සබුද්ධික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කළ යුතුයි කියලා.

ලෝකයේ දේශපාලනඥයන්ට පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් අනුන්ට දොස් කියන්න නිතරම නිදහසට කරුණු හොයන්න. නැතිනම් කවුරුහරි දඩමීමා කර ගන්න. උදාහරණයක් ගත්තම හැම රටකම දඩයක්කාරයො හොයනවා. ට්‍රම්ප් ජනාධිපති වුණහම එතුමා දඩයක්කාරයා කරගත්තේ මෙක්සිකෝවලින් එන නීතිවිරෝධී සංක්‍රමණිකයන්. නැත්තං චීනෙන් ලාබෙට එන ආනයන භාණ්ඩ. ඒවා පෙන්න පෙන්න ඇමරිකන්කාරයා නිදහසට කරුණු පෙන්නුවා. එංගලන්තයේ බොරිස් ජොන්සන් මොකද කරේ? අර නැගෙනහිර යුරෝපයෙන් එන ඒ සංක්‍රමණිකයන්ට පෙන්න පෙන්න pro-Brexit සටන් පාඨ අරගෙන එංගලන්ත තියන ප්‍රශ්න වසාගන්නට බැලුවා. හැබැයි ශ්‍රී ලංකාවේ ඊට වඩා එක පොඩ්ඩක් වෙනස්. ශ්‍රී ලංකාවේ දඩමීමා කර ගන්නේ දඩයක්කාරයා හැටියට හොයාගන්නේ නිතරම සුළුජාතීන්. සුළු ජාතිය, ආගම පෙන්න පෙන්න දඩමීමා කරගෙන තමන්ගේ නොහැකියාව වසා ගැනීමට උත්සාහ කරනවා බවක් තමයි අද මේ රජයේ තියෙන්නෙ. දැන් අලුත්ම දේ තමයි තවත් ඒ වගේ දඩමීමා කර ගන්න අලුත් අය හොයනවා.

කොරෝනා එක අල්ලගෙන කොරෝනා කොරෝනා ඒ වෛරසය අල්ලගෙන කියනවා ඔක්කොම වුණේ ඒක නිසා කියලා. ඒක පට්ටපල් බොරුවක්. ඒක අපි සහතික කරලා පෙන්නන්නම් මේ රටට. දැන් වෙනකොට හාල් ප්‍රශ්නෙට හාල් මාෆියාව ඊළඟට කියනවා සීනි මාෆියාව ඊළගට කියනවා පොහොර මාෆියාවක් ගැන. ඔක්කොම ප්‍රශ්න ඇති කරගෙන එක එක අය දඩමීමා කර ගන්නවා දැන් ගුරු මාෆියාවක් තියෙනවා කියනවා. වෘත්තිය සමිති මාෆියාවක් තියෙනවා කියනවා. මේකෙන් නිදහසට කරුණු පෙන්නන්නට පෙර තමන්ට හයියක් තියෙනවද ඇත්ත තත්ත්වෙ කියලා ඒකට විසඳුම් ලබාදෙන්නට කටයුතු කරනවා නම් තමයි ආණ්ඩුව අපට ගරු කරන්න පුළුවන් වෙන්නේ.

ආණඩුවේ මේ දුර්වල මේ දුර්වල ප්‍රතිපත්තිසම්පාදනය නිසා ඒ වගේම මන්දගාමී ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් ජාත්‍යන්තර අවබෝධතා ගිවිසුම් ඒ වගේම නීතිය නීතියේ ආධිපත්‍යය හරියට ක්‍රියාත්මක නොකිරීම ආදී වශයෙන් ප්‍රශ්න ඇති කිරීම නිසා අද ගෝලීය ජාත්‍යන්තරය තුළ විශ්වාසය වැටිලා තියනවා. අප රට ගැන ඒ නිසා අපේ විකල්පය ගැන සමහර අය අහනව සමහර අය අපෙන් ප්‍රශ්න කරනවා මොකක්ද අපේ විකල්පය කියලා. අපිට ගොඩක් දේවල් කියන්න පුළුවන්. මට ප්‍රධානම දේ තමයි රාජතාන්ත්‍රික උපාය මාර්ගවලින් මූලික ප්‍රතිසංස්කරණ තමයි ආර්ථික රාජ්‍යතාන්ත්‍රික භාවය economic diplomacy. ඒක මේ ආණ්ඩුවට ගෑවිලාවත් නෑ . ආර්ථික රාජ්‍යතාන්ත්‍රික භාවය හසුරුවන්නේ රටේ ආර්ථික තරඟකාරීත්වය. ඊළඟට ආර්ථික සහ සම්බන්ධතාවේ ශක්තිමත් කිරීමේ අපනයන ඉලක්ක වර්ධනය කිරීම සහ විදේශ ආයෝජන තවත් පුළුල් කිරීම හැබැයි ආර්ථික රාජතාන්ත්‍රික භාවය පමණක් කරලා මදි. ඒ ඉලක්කයට යන එක මදි. ඒකට බලගතු පිරිසිදු පාලන රාමුවක් තියන්න ඕන. මේ රජයට අද බැරි වෙලා තියෙනවා ඒ කළමනාකරණය ඉස්මතු කරලා පෙන්නන්න.

අදත් මේ අයවැයෙන් පැලැස්තර ඇලවීමක් හැර තමන්ට බැරි වෙලා තියෙනවා ප්‍රධාන ප්‍රශ්නවලට උත්තර දෙන්න. අපි සමගි ජනබලවේගයේ විශ්වාස කරනවා මේ අයවැය පැලැස්තර ඇලවීම කියලා. පියවර කීපයක් ගත්තොත් ඉන්න අභියෝගාත්මක කිහිපයක් ගත්තොත් අභියෝගාත්මක ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න ඔබට ඒ හයිය තිබුණේ නැහැ. රාජපක්ෂ මහත්තයට හරි නම් ඒවා ආමන්ත්‍රණය කරලා කරන්න තිබ්බා. මාස දෙකකට කලින් මේ සභාවේ එතුමා පිළිගත්තා ප්‍රශ්න ගොඩක් තියෙනවා කියලා මේ රටේ රාජ්‍යය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරන්නේ නෑ මේ රටේ fiscal consolidation මූල්‍ය ඒකාබද්ධ කිරීමක් ගැන මේ රජය ආමන්ත්‍රණය කරන්නේ නෑ. රාජ ආදායම් වැඩිකිරීම සඳහා ස්ථිරසාර වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ගැන ඉල්ලූවේවත් නෑ ඊළඟට මුදල් ප්‍රතිපත්ති කාර්ය සාධනය සහ විනිමය අනුපාතය පාලනය කිරීම පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන කතා කරේ නෑ .ජාත්‍යන්තර වෙළඳාම ප්‍රතිපත්ති ආයෝජන ප්‍රතිපත්තියක් ම පැහැදිලිව කතා කරේ නෑ. කොහොමද මේ ප්‍රශ්න විසඳන්නේ ආණ්ඩුවක් හැටියට. හරිනම් අයවැයකින් ඒ මූලික ගැටළුව ආමන්ත්‍රණය කරන්න ඕනේ ඒක මාර්ග සිතියමක් වෙන්න ඕන. හැබැයි මේ අය වැයෙන් එහෙම ගැටලු ආමන්ත්‍රණය කළා ද කියලා අපිට හිතා ගන්න බෑ. මම දන්නේ නෑ එහෙම වෙන කවුරුහරි මේ ප්‍රශ්න ආමන්ත්‍රණය කළා ද කියලා.

මේ අයවැය ඉදිරිපත් කරලා මාසයක් ඇතුලත පුදුම වෙන්න එපා අපිව ඩවුන්ග්‍රේඩ් කරලා (Moody’s) ශ්‍රී ලංකාව අප ලේඛනගත වුනානම් ඒක පුදුමයක් නෙවෙයි මහජන බැංකුව අපලේඛන ගත කරලා තියෙනවා. මේ රටේ කීර්තියට මොකක්ද වෙන්නෙ මූල්‍ය විශ්වාසයට මොකක්ද වෙන්නෙ? ලැජ්ජයි කියන්න අද ඉදිරිපත් කළ අයවැයෙන් ඒවට මේවාට විසඳුමක් දෙන්නැතුව මේ සෙල්ලම කතා ටිකක් කියලා මේකෙන් බේරෙන්න බලනවා.

රට කොහොමද මෙතෙන්ට වැටුණේ සමහර අය කියනවා මේක කොරෝනා නිසා කියලාහදපු අසාර්ථක රාජ්‍යයක් බවට පත් වෙලා කියලා .බංකොලොත් රටක් බවට පත්වෙලා තියෙනවා. මේ ගොල්ල මේ ලොකුවට කතා කළාට ඒකනෙ ඇත්ත. වරායෙන් බඩු ටික ගන්න බෑ ඩොලර් නෑ. බඩු මිල අහස උසට ගිහිල්ලා කොරෝන නිසා කියනවා නම් ඒක බොරුවක් . මේ එකේ වගකීම ගන්න ඕන රටේ ප්‍රධානීයා. විධායකය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වගකීම ගන්න ඕන හැමතැනම කොරෝනා නම් අනිත් රටවල්වල මේ ප්‍රශ්න ඇති වෙන්න ඕන.

යහපාලන ආණ්ඩුවෙන් මේ රට භාර දෙන කොට 2019 අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 8.9 ක් වුණා. අද ඩොලර් බිලියන 1 1/2ක්වත් නෑ. ඒක තමයි යථාර්ථය. ජනාධිපති වරයා 2019 බලයට පත් වූ ගමන් කිව්වේ ජනතාවට බඩු මිල අඩු කරන්න ඕනෑ කියල. රාජ්‍ය ආදායම් කප්පාදු කළා. රාජ්‍ය ආදායම් කප්පාදු කලහම ජනතාවට බඩුමිල අඩු වුණාද සහන ලැබුණද තව සතයකින්වත් අඩු වුණේ නෑ එදා සිට වැඩි වුණා මිසක්. vat එකවැට් එක සියයට 47 කින් අඩු කරා හරිනම් බඩු මිල සියයට 47 කින් අඩු වෙන්න ඕන. රජයට ඇතිවෙච්ච පාඩුව කෝටි 600ක්. එතකොට ඒ කෝටි හයසීය හිමිවෙන්න ඕන ජනතාවට බඩු මිල අඩු වීමත් එක්ක ඒ කෝටි 600 කාර්ය සාක්කුවටද ගියේ තමන්ගේ ගජමිතුරු සමාගමට. තමන්ගෙ වියත්මඟ කල්ලියට. විදේශ ආයෝජන හමුවේ මේ රජය තම ඇඳිවත පවා උනා දමනවා . අද වෙනකොට කෝටි දෙලක්ෂ 280000 මුදල් අච්චු ගහලා තියෙනවා ඒ මුදල් අච්චු ගැසීමෙන් තමයි බඩු මිල වැඩි වෙන්නේ. කොරෝනා නිසා නෙවෙයි.

මිල පාලනයයි යහපාලනයයි අතර තියෙන මිල සංසන්දනය කරලා බැලුවොත් 2019 යහපාලනය යටතේ පරිප්පු කිලෝ එකක් 110යි මිල පාලනය යටතේ 275යි. එදා යහපාලනයේ සීනි කිලෝ එකක් 100යි මිල පාලනය යටතේ 160 යි. හාල් යහපාලනය යටතේ කිලෝ එකක් 85 යි මිල පාලනය යටතේ 130 3ට යහපාලනය යටතේ 235 යි මිල පාලනයට යටතේ 685යි. ගෑස් යහපාලනය යටතේ 1735 යි අද මිල පාලනය යටතේ 2720 යි.

එහෙම මිල වැඩි කරලා මිනිස්සුන්ට බඩට ඇතිවෙන්න ගහද්දි ජනාධිපතිතුමා මං දැක්කා කොහෙද කතා කරල කියනවා ‘මාව පත්කරේ සීනි මිල අඩු කරන්නයි නම් පරිප්පු මිල අඩු කරන්නයි නම් මගෙන් වැඩක් නෑ’ කියලා. මං අහන්න කැමතියි පරිප්පු මිල පාලනය කරන්න බැරිනම් හාල් මිල පාලනය කරන්න බැරිනම්, ඒ වගේ සරල දෙයක් කරන්න බැරිනම් ජනාධිපතිතුමා කොහොමද රටේ මූල්‍ය ආරක්ෂාව පාලනය කරන්නේ, ජාතික ආරක්ෂාව කොහොමද පාලනය කරන්නේ, ජාත්‍යන්තර ණය අර්බුදය කොහොමද පාලනය කරන්නේ, විනිමය අනුපාතය කොහොමද පාලනය කරන්නේ? පරිප්පු මිලයි සීනි මිල පාලනය කරගන්න බැරුව. මම ජනාධිපතිතුමාට මතක් කරන්න කැමතියි තමන්ගේ ජනතාවට සංවේදී විය යුතුයි කියලා. මේ ඔක්කොම ගොඩ දාන්න ගැලවුම් කරුවෙකු ගෙනාවා බැසිල් රාජපක්ෂ මැතිතුමා. එතුමාට මැජික් කරන්න පුළුවන් කියලා කිව්වේ. එතුමාගේ මංගල ඇයවැය ඊයේ ඉදිරිපත් කළේ. හැබැයි මේක ආණ්ඩුවේ අවමංගල අයවැය වෙන්න පුළුවන්.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුගයක් රංජනය කරමින් මහෙල සදාතනික විශිෂ්ටයන්ගේ ලයිස්තුවට එක් වෙයි!

Next Post

උඩවළවේ අලි සොරකම පසුපස දේශපාලකයෙක් සහ මහාචාර්යවරයෙක්?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.