කොළඹ නුවර පාර කලගෙඩිහේනේ දී ලොරි රථ රියදුරෙකුගේ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා අනතුරට ලක්වූ අගමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයෙක් අද ( 13) උදේ මිය ගියේය.
යතුරුපැදියකින් ගමන් කළ මෙම නිලධාරියා ලොරි රථයේ ගැටී අනතුරට ලක්වීමෙන් පසු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් තිබේ.
අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරා හා රථය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.