සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි එනවිට කොළඹ රත් කරන්නට හැදූ පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණය වැලකුණු හැටි!

by editor
අප්‍රේල් 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මෝදි දිවයිනට පැමිණ අත්සන් කිරීමට යන ගිවිසුම් සම්බන්ධව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සමාජය තුළ බරපතල කුකුසක් ඇති කළේය. මේ ගිවිසුම් සම්බන්ධව පාර්ලිමේන්තුව තුළ සංවාදයට ලක් නොවීම මෙන්ම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්සගෙන් ඒ සම්බන්ධව මාධ්‍ය විමසූ විට ඔහු ලබා දුන් උද්දච්ඡ උත්තරය සම්බන්ධව පෙරටුගාමී පක්ෂයේ දේශපාලනය දැඩි ලෙස ප්‍රශ්න කළේය.

ඉන්දීය මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රශ්න කරනු ලැබුවේ රටට, ජනතාවට, පාර්ලිමේන්තුවට පමණක් නොව, කැබිනට්ටුවට ද වසන් කරමින් මේ අත්සන් කරන්නට යන්නේ කුමණ ගිවිසුම් ප්‍රමාණයක් දැයි ජනතාව දැනගත යුතු බවය.

මේ ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය පල කරමින් අද (05) දිනයේ කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු අනුබද්ධ දේශපාලන කණ්ඩායම් සැලසුම් කළේය. අද පොලිසිය උසාවි නියෝගයක් ගෙන මෙම උද්ඝෝෂණය තහනම් කරනු ලැබුවේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු පූජ්‍ය ගල්නෑවේ සිරිධම්ම හිමි, විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු මොහොමඩ් රිෆාන් අතුළු පාර්ශ්වයන්ට එරෙහිව මෙම තහනම් නියෝගය ගැනීමට කොටුව පොලිසිය විසින් මෙම තහනම් නියෝගය රැගෙන තිබිණි.

පෙරටුගාමීන් මෙම උද්ඝෝෂණයට පෙළඹුනේ ඇයි?

ජාතික ජන බලවේග ආණ්ඩුවකින් ඉන්දියානු ආධිපත්‍යයට යටත් වීමේ ගිවිසුමකට අවතීර්ණ වීම දේශපාලනික වශයෙන් ලොකු හැරවුමක් බවත් දේශපාලනික වශයෙන් විශේෂ සන්ධිස්ථානයක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය පැවසුවේය. මුලින්ම ඔවුන් උත්සාහ කළේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම්වල අන්තර්ගතය සම්බන්ධව තොරතුරු ලබා ගැනීමටය. ඒ පිළිබඳව විමසීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පෙරේදා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය.

RelatedPosts

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

මේ ගිවිසුම් ගැන විමසමින් තමන් පැමිණි කාරණාවට හේතුව ලෙස ඔහු කීවේ නිශ්චිත තොරතුරු රහිත මෙම ගිවිසුම් අනුව ඉන්දියාවේ ප්‍රධාන විදුලි බල පද්ධතියට ශ්‍රී ලංකාවේ විදුලි බල සම්ප්‍රේෂණ පද්ධතිය ඒකාබද්ධ කිරීමට ඇති සැලසුමක් ගැනය. ලංකාවේ ජෛවමිතික දත්ත සහිත දත්ත ගබඩාවක් ඉන්දියාවේ සහායෙන් හදන්නට උත්සාහ කරන බවය. ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කළ ප්‍රකාශය සම්බන්ධව ද පුබුදු ජයගොඩ ඊයේ ප්‍රශ්න කළේය.

ජනතාවට හෝ පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් හොරෙන් අත්සන් කරන මෙම ගිවිසුම් සම්බන්ධව ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ දී ප්‍රකාශ කරන බවට නලින්ද ජයතිස්ස කළ ප්‍රකාශය අතිශයින් උද්දච්ඡ එකක් බව ද පුබුදු ජයගොඩ පෙන්වා දුන්නේය.

“ඉන්දියාව හවුල්කාරයෙක් ලෙස ඉන්නවා ක්වොඩ් සම්මුතියේ. ක්වොඩ් එකේ ඉන්නවා ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, සහ ඔස්ට්‍රේලියාව. ක්වොඩ් එකට කියන්නේ ආසියාවෙ නේටෝව කියලා. ආසියාවේ නේටෝව ලෙස ඉන්න ක්වොඩ් සංවිධානය යටතේ ඉන්න ඉන්දියාවත් එක්ක ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා කියන්නේ යුරෝපයේ නේටෝවත් එක්ක ගිවිසුම් අත්සන් කරන්න ගිහින් සෙලෙන්ස්කිලට වෙච්චි වැඩේ අපට වෙන්න ඉඩ තියනවා.”

“අනිත් එක ඉන්දියාවේ ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරලා තියනවා මේ ගිවිසුම කෙලින්ම චීනයේ නැගී එන යුද බලයට ප්‍රතිචාර දැක්වීමක් විදිහට එන්නෙ කියලා. හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත කියලා තියනවා 1987 ජුලි අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවයි ලංකාවයි අතර අත්සන් කරන වැදගත්ම ගිවිසුම තමයි මේ අත්සන් කරන්නේ කියලා. එහෙම ගිවිසුමක් ජනතාවට කියන්නේ නැතිව ජනතාවට පෙන්වන්නේ නැතිව අත්සන් කරන්න බෑ. ”

පුබුදු ජයගොඩ කීවේ විශාල භූ දේශපාලන උගුලක රටක් ලෙස අප පැටලී ඇති බවය. අද මේ ගිවිසුම් අත්සන් කිරීමට ආන්ඩුවට කිසිම බලයක් ජනතාව විසින් ලබා දී නැති බවත් ඔහු අවධාරණය කළේය.

කුමාර් ගුණරත්නම් මේ ගිවිසුම් ගැන කතා කළේය. ඒ ඊයේ දිනයේ දී ය.

“අත්සන් කරන්න යන ගිවිසුම් පිළිබද තොරතුරු ජනතාව දන්නේ නෑ. අපි හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දන්නේ නෑ. අපි හිතනවා කැබිනට් එකත් මේ සම්බන්ධව හොදම අවබෝධයක නෑ. මේකෙ ඉතාම හාස්‍යයට කාරණාව තමයි 1987 දි ඉන්දු ලංකා ගිවිසුම එවකට ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක ලලිත් ඇතුළත් මුදලිලා, ප්‍රේමදාසලව දණ ගස්වලා එදා බලහත්කාරයෙන් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ ඒත් ජනතාවට කියන්නේ නැතිව. පාර්ලිමේන්තුවට කියන්නේ නැතිව. කැබිනට් එකට කියන්නේ නැතිව. ”

“පැය 48ක් ඇඳිරි නීතිය දාලා තමයි එදා 1987 ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. ජූලි මාසේ ඒකට විරෝධය දක්වපු සාමාන්‍ය ජනතාව 140ක් ඝාතනය කරලා තමයි එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළේ. ”

“ජාතික ජන බලවේගයට නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් එදා ඊට බරපතල විරෝධයක් රට තුළ මතු කළා. ඒ වගේම දිගින් දිගටම එදා සිට මේ වනතුරු රනිල් වික්‍රමසිංහ අයි.එම්.එෆ්.එකත් එක්ක කළ ගිවිසුම්, රනිල් වික්‍රමසිංහ ඉන්දියාවත් එක්ක කළ ගිවිසුම් රටට හෙළි දරවු කරන්න කියලා, ජනතාවට පාර්ලිමේන්තුවට හෙළිදරවු කරන්න කියලා බලපෑම් කළ කණ්ඩායමක් තමයි ජනතාවට හොරෙන් ජනතාවගේ ජන වරමින් තුනෙන් දෙකක බලයක් ලබා ගෙන ජනතාවට පාර්ලිමේන්තුවට සහ කැබිනට් එකට වසන් කරමින් මේ ගිවිසුම් අත්සන් කරන්න යන්නේ.”

“එදා ඇඳිරි නිතිය දැම්මා වගේ මේක සති අන්තයේ අත්සන් කරන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා මේ සම්බන්ධව මේ රටේ ජනතාව බරපතල අවධානයකට යොමු කරන්න ඕන. මේ ගිවිසුම්වලින් සිද්ධවන හානිය වළක්වා ගැනීමට මේ රටේ ජනතාවට වගකීමක් වගේම අයිතියක් තියනවා. අපි මේ රටේ ආණ්ඩුවට නැවත නැවත කියන්නේ මෙවැනි ජනතා විරෝධි ගිිවිසුම්වලට ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස එළඹිලා රට පාවා දෙන්න එපා කියන කාරණාව අපි බරපතල ලෙස අවධාරණය කරනවා.” කුමාර් ගුණරත්නම් ප්‍රකාශ කළේය.

ඒ අනුව අද කොළඹ පැවැත්වීමට උත්සාහ කළ විරෝධතාවය උසාවි නියෝගයක් මගින් වළක්වා ඇත. පෙරටුගාමීන් පසුපස සිටින චීනය මේ හඬ පසුපස සිටින බවට දේශපාලන විචාරක මත පළ වෙමින් තිබේ. කෙසේ වෙතත් ආරක්ෂ ලේකම්වරයා අද විශේෂ ප්‍රකාශයක් කරමින් තහවුරු කළේ අත්සන් කරන කිසිම ගිවිසුමකින් රටේ ස්වයිරීත්වයට, අභ්‍යන්තර දේශපාලනයේ ස්වාධීනත්වයට මෙන්ම දෙරටේම ස්වාධිනත්වයට කිසිම බලපෑමක් නොවන බවට තහවුරු කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණියක් ලිංගික හිංසනයට ලක් කළ වෛද්‍යවරයාට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්න… GMOA රජයෙන් ඉල්ලයි!

Next Post

රටේ අනාගත ආර්ථික ස්ථාවරය තහවුරු කරන්න අද ඇරඹූ සංවර්ධන ව්‍යාපෘති 03ක්…

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.