සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මොස්කව් ප්‍රහාරය ISIS නොවෙයි… රුසියාව කියයි! ISIS  යනු දේශපාලන බලු පොරයක නින්දිත ඝාතන සඟවා දමන ආවරණ කලාපයක් ද?

by editor
මාර්තු 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අඩුම තරමින් අසරණයින් 133ක් මිය ගොසිනි. නිල දැන්වීම එයය. නිල නොවන වාර්තා අනුව මරණ ගණන 160කි. දරුවන් දෙදෙනෙක් සමග 107ක් රෝහලේය. මේ ඒ ම්ලේච්ඡ ඝාතනය ය.

අපරාධය අයි.එස්.අයි.එස් ප්‍රහාරයක් නොවන බව රුසියානු රාජ්‍ය මාධ්‍ය මේ වනවිට වාර්තා කර තිබේ. ඔවුන් ඒත්තු ගැන්විය හැකි සාක්ෂි සමග ප්‍රකාශ කරන්නේ මේ ප්‍රහාරය පසුපස ඉන්නේ යුක්රේනය බවය.

සිද්ධියෙන් පැයක් ඇතුළත    මොස්කව් සිට   කිලෝමීටර් 340 ක් (සැතපුම් 210) පමණ නිරිත දෙසින් Bryansk ප්‍රදේශයේ දී පොලිසිය විසින්  සැකකටයුතු  රෙනෝල්ට් වර්ගයේ වාහනයක ගමන් ගත්  ප්‍රහාරකයින්   අත් අඩංගුවට ගෙන තිබිණි.

මෝටර් රථයේ තිබී පිස්තෝලයක්, ප්‍රහාරක රයිෆලයක් සඳහා මැගසිනයක් සහ ටජිකිස්තානයේ ගමන් බලපත්‍ර සොයාගත් බව රුසියානු නීති සම්පාදක ඇලෙක්සැන්ඩර් කින්ස්ටයින් ප්‍රකාශ කර තිබිණි. ටජිකිස්තානය යනු සෝවියට් සංගමයේ කොටසක් වූ ප්‍රධාන මුස්ලිම් මධ්‍යම ආසියානු රාජ්‍යයකි.

BBC News   නම් නොකළ මූලාශ්‍රයක් උපුටා දක්වමින් ප්‍රකාශ කළේ එක් ප්‍රහාරකයෙකු ප්‍රසංග ශාලාවේදී සහ තවත් ප්‍රහාරකයෙකු බ්‍ර Bryansk හි ප්‍රහාරකයන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ දි  මෝටර් රථය තුළ මිය ගොස් සිටි  බවය.  මිය ගිය පුද්ගලයාත් 30 හැවිරිදි ටජිකිස්තාන පුරවැසියෙකු යැයි ඔහු කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පූටින් කී කතාව

රූපවාහිනී දේශනයකදී පුටින් මෙසේ පැවසුවේය.  “තුවක්කුකරුවන් හතර දෙනා ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙකු රඳවාගෙන ඉන්නවා. ඔවුන් සැඟවී සිටීමට   යුක්රේනය දෙසට ගමන් කරමින් සිටියා. මූලික දත්ත වලට අනුව  දේශසීමාව තරණය කිරීම සඳහා යුක්රේන පැත්තේ කවුළුවක් සූදානම් කර තිබුණු බව හෙළි වී තිබෙනවා”.

රුසියාවේ FSB ආරක්ෂක සේවය පැවසුවේ තුවක්කුකරුවන් යුක්රේනයේ සබඳතා පැවැත්වූ බවත් දේශසීමා ආසන්නයේදී ඔවුන් අල්ලා ගත් බවත්ය. ඔවුන් මොස්කව් වෙත රැගෙන එන  බව ද එහි සඳහන් විය.

සැකකාර ඝාතකයින්ගෙන් ප්‍රශ්න කිරීම

සැකකාර ඝාතකයින්ගෙන් ප්‍රශ්න කරමින් ඇත.  රුසියානු රාජ්‍ය  පාලිත රූපවාහිනී නාලිකාවක් වන RT ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රධාන කර්තෘවරිය වන මාගරිටා සිමෝනියන් විසින් මේ ප්‍රශ්න කිරීමේ පූර්ණ පිටපත පළ කළාය.

සැකකරුවන්ගෙන් එක් අයෙකු වන තරුණ රැවුල වවාගත් මිනිසෙකුගෙන් ප්‍රශ්න කෙරිනි. ඔහු දැඩි ප්‍රශ්න කිරීම් මධ්‍යයේ සිය අපරාධය වෙව්ලමින් පාපොච්චාරණය කරමින් සිටියේය.

උඹ මොකක් ද කළේ… මොකක්ද  ඊයේ උඹ ඉලක්කය. උඹ වෙඩි තිබ්බා නේද?. උඹ වෙඩි තිබ්බෙ ඇයි ?. උඹ එය කලේ සල්ලිවලට ද?.එක දිගටම කෙරෙන ප්‍රශ්න කිරීම් පසුබිමේය.

ආරක්ෂක නිලධාරියා – “ උන් කිසිම හේතුවක් නොමැතිව උඹට මිනිසුන් ඝාතනය කරන්න කිව්ව ද? නැතිනම් උන් මිනිස්සු ඝාතනය කරන්න කිව්වේ නැද්ද. “

සැකකරු – “ නෑ. මම දෙශකයෙකුගේ ඉගැන්වීම්වලට ටෙලිග්‍රෑම් එකෙන්  සවන් දෙමින් හිටියා.

ආරක්ෂක නිලධාරියා –  “උඹ දේශකයට සවන් දුන්නා?”

සැකකරු –  “ ඔහුගේ සහායකයා මට ලිව්වා මිනිස්සු මරන්න කියලා…”

ආරක්ෂක නිලධාරියා – “ සහායකයගේ නම මොකක් ද?”

සැකකරු  – “ දන්නේ නෑ…. මුල නමක් දන්නේ නෑ… අග නමක් දන්නෙ නැ… මුකුත් දන්නෙ නැ. ඔවුන් මට ලිව්වා විතරයි…”

ආරක්ෂක නිලධාරියා – “ කවද්ද  උඹට උන් ලිව්වේ”

සැකකරු  – “ මාසෙකට විතර කලින්…”

ආරක්ෂක නිලධාරියා – “ ඌ උඹට හරියමට ලිව්වේ මොකක් ද?”

සැකකරු – “ ඔහු මට පවුම් 8600ක්  ලබා දෙන්න පොරොන්දුවෙන බව ලිව්වා…”

මුහුණේ කැපුම් තුවාල සහිත තවත් පුද්ගලයකු අත් පා බැඳ බංකුවක් මත වාඩි වී සිටියදී පරිවර්තකයකු හරහා ප්‍රශ්න කෙරෙන අයුරු පෙනුනි.

මේ මිනිසා විස්තර කරන්නේ දින ගණනකට පෙර  ටෙලිග්‍රෑම් හි මිතුරු වූ 10 -12ක් පමණ පිරිසක් සමග එක්කව කළ සැලසුමකි. එහිදී ඔවුන්  කුලී රථයක් ලෙස භාවිතා කිරීමේ අභිලාෂයෙන් වාහනයක් මිල දී ගෙන තිබුණු බව හෙළි වූයේය.

මේ වනවිට රුසියානු ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන ඇති සැකකරුවන් 11 දෙනෙක් වෙති. ඔවුන් යුක්‍රේන දේශ සීමාවට නුදුරු  නුදුරු bryansk කලාපයේය.

ප්‍රහාරය ISIS නොවෙයි

සිද්ධිය පිළිබඳව යුක්රේනයේ සම්බන්ධය රැසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය තහවුරු  කරන්නේ මෙම ප්‍රහාරය ISIS ප්‍රහාරයක් නොවන බවය . RT ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රධාන කර්තෘ මාගරිටා  සිමෝනියන් අවධාරණය කරන්නීය.

රුසියානු මාධ්‍යයට මෙම ප්‍රශ්න කිරීම සඳහා තර්කානුකූල පදනමක් ගොඩනගති.

සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පෙර සිට බටහිර මාධ්‍ය ISIS මෙම අනුවාදය පෝෂණය කරන්නට පටන් ගත් බව ඔවුහු පෙන්වා දෙති.  ප්‍රහාරකයන් අත් අඩංගුවට ගැනීමට පෙර එක්සත් ජනපද මාධ්‍ය මෙම ප්‍රහාරය අයි.එස්.අයි.එස් ප්‍රහාරයක් බව පවසන්නේ කෙසේද යන්න ඔවුහු මතු කරති.

රුසියානු රාජ්‍ය රූපවාහිනී ප්‍රධානියා පවසන්නේ මේ  සමූහ ඝාතනයට බටහිර ඍජු මැදිහත්වීමක් ඇති බවය.  .

“ අපි දැනටමත් අපරාධකරුවන්ගේ නම් දන්නවා. අපි දැනටමත් ඔවුන්ගේ මුහුණු දැක තියනවා. ඔවුන් ප්‍රශ්න කිරීමේ දී පිළිතුරු නොදී  “ගායනා” කරන බව අප දන්නවා.  මෙය සිදුවෙමින් පවතින පරීක්ෂණයක්. ඒ නිසා අපි නම් හෙලි කරන්නේ නෑ…” මාගරිටා සිමෝනියන් කීවාය.

සැකකරුවන් රුසියානු පුරවැසිභාවය සහිත පුද්ගලයින් බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන ඕපාදූප රුසියාව ප්‍රතික්ෂේප කරයි. රුසියාවට අනුව සැකකරුවන් සිව් දෙනාම විදේශිකයන්ය මගාරිටා සිමෝනියන්ට අනුව මෙම සැකකරුවන්ට රුසියානු භාෂාව කතා කිරීමට නොහැකිය.  .

ඝාතකයන්  ISIS නොවන්නේ ඇයි?

ප්‍රහාරයෙන් පසු මෙම ප්‍රහාරයේ වගකීම අයි.එස්.අයි.එස් සංවිධානය විසින් බාරගත් බවට සී.එන්.එන් වාර්තා කළේය.

මෙම ප්‍රකාශය යාවත්කාලීන කිරීම සඳහා සී.එන්.එන් නාලිකාව අයි.එස්.අයි.එස් සමග අනුබද්ධ AMAQ  ටෙලිග්‍රෑම් නාලිකාව උපුටා දක්වා තිබිණි.

අතහැරලා දාපු ටෙම්ප්ලේට් එකක්…

අයි.එස්.අයි.එස් ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගත් බව පළකළ ප්‍රකාශයක්  සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය විය.

“ මේ ප්‍රකාශය සහිත ප්‍රවෘත්තිය සකස් කරලා   තියෙන්නේ  ISIS   වසර ගණනකට පෙර අත්හැර දැමූ ටෙම්ප්ලේට් එකක් භාවිතා කරලා.” රුසියාව සහතික කර හෙළිදරව් කළේය.  මැදපෙරදිග මාධ්‍යත් එය තහවුරු කළේය.  මේ  ආකෘතිය ISIS විසින් වසර ගණනකට පෙර ඉවත් කළ බව මැදපෙරදිග මාධ්‍යය සහතික කළේය.

ප්‍රහාරයෙන් පසු රුසියාවට මෙම ප්‍රහාරය එන බව   එක්සත් ජනපද තානාපති කාර්යාලය දුටු ආකාරය ද  රුසියාව අවධාරණාත්මකව පෙන්වා දෙන්නේය.

එමෙන්ම රුසියාවේ ප්‍රහාරයක් සිදුවිය හැකි බව එක්සත් ජනපදය රුසියාවෙ වෙසෙන ඇමරිකානු පුරවැසියන්ට දැනුම් දෙන්නේ මාර්තු 07 වැනිදාය. එම දැනුම් දීමේ දී එල්ලවන ත්‍රස්තවාදී ප්‍රහාරයේ ස්වරූපය සහ එම ත්‍රස්තවාදීන් කවුරුද යන්න ඔවුන් පෙන්වා දී තිබුණේ නැත.

ප්‍රහාරයෙන් අනතුරුව  ISIS – K හෝ කොරසාන් පළාතේ ISIS කණ්ඩායම් මෙම ප්‍රහාරය පසුපස ඉන්නට ඇති බව බටහිර මාධ්‍යය සැක පහළ කළේය.

යුක්රේන ප්‍රතිචාරය

මාස 25කට පෙර සිට රුසියාව සමග යුද්ධයක් දියත් කරමින් සිටින යුක්රේනය හා මොස්කව් ප්‍රහාරය අතර  සම්බන්ධයක් පිලිබඳ කිසිදු සාක්ෂියක් පුටින් හෝ FSB ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළේ නැත.

මෙම චෝදනාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන  යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy පැවසුවේ, වරද වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීම පුටින් සහ “අනෙකුත් මැරයන්” සඳහා සාමාන්‍ය දෙයක් බවය.

යුක්රේන ජනපති සෙලෙන්ස්කි…

යුක්රේන හමුදා බුද්ධි ප්‍රකාශක Andriy Yusov රොයිටර් පුවත් සේවයට ප්‍රකාශයක් නිකුත් කළේය.  “මෙම ත්‍රස්ත ප්‍රහාරයට යුක්රේනය කිසිම ආකාරයකින්  සම්බන්ධ වී නෑ. යුක්රේනය රුසියානු ආක්‍රමණිකයන්ගෙන් සිය ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින්, ස්වකීය භූමිය නිදහස් කර ගැනීම සඳහා හමුදා ඉලක්ක එක්කයි සටන් කරන්නේ.  යුක්‍රේනයේ ඉලක්කය සිවිල් වැසියන් නොවේ… ආක්‍රමණිකයන්ගේ හමුදාව සහ හමුදා ඉලක්ක යි.”  Andriy Yusov කීවේය.

සතුරන්ට අනතුරු ඇඟවීමක්

පුටින් කියන්නේ මොස්කව් මළගෙයක් කළ සතුරා ජාත්‍යාන්තර ත්‍රස්තවාදය බවය. එය පරාජය කිරීමට ඕනෑම රාජ්‍යයක් සමග කටයුතු කිරීමට තමන් සූදානම් බව පුටින් පැවසුවේය.

” මේ අපරාධයට  සියලු අපරාධකරුවන්, එය සංවිධානය කළ උන්,     මෙම අපරාධයට අණ දුන් උන් කවුරුන් වුවද, ඔවුන්ට මඟ පෙන්වන්නා කවුරුන් වුවද යුක්ති සහගත සහ නොවැළැක්විය හැකි දඬුවම් උන්ට ලැබෙනු ඇති. පුටින් පැවසීය.

“අපි ත්‍රස්තවාදීන් පිටුපස සිටින, රුසියාවට එරෙහි, අපේ ජනතාවට එරෙහි මෙම කුරිරු ප්‍රහාරය කළ සියලු දෙනාම හඳුනාගෙන දඬුවම් කරන බව මා අවධාරණය කරනවා. “

ක්‍රෙම්ලිනය පැවසුවේ පුටින් බෙලාරුස්, උස්බෙකිස්තානය සහ කසකස්තානයේ නායකයන් සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට එක්ව කටයුතු කිරීමට සියලු පාර්ශ්වයන් ඔවුන්ගේ කැමැත්ත තහවුරු කළ බවය.

මේ පෙළ පසුපස හුරු පුරුදු ගතියක් දැනෙමින් ඇත. දේශපාලන අවශ්‍යතාවයන් උදෙසා කරන ප්‍රහාර සඳහා  ISIS දැවැන්ත ආවරණ කලාපයක් ද?. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අප තවමත් නගන ප්‍රශ්නය මෙයය. එය අද රුසියාවේ ලේ වැකුණු මොස්කව්වලින් ඇසෙමින් ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලක්ෂ 23ක ඉන්ධන මහ පාරේ ගලාගෙන යයි!

Next Post

මෛත්‍රී හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.