මනම්පිටිය නිමල් ජයරත්න –
පවතින වියළි කාලගුණික තත්ත්වය සමඟ මේ දිනවල මහවැලි කලාපයන්හි ප්‍රධාන ජලාශවල ජලමට්ටම සීඝ්රයෙන් පහළ බසිමින් පවතී.

2017 වසරේ ජනවාරි මාසයේ පළමු වරට ජලය පුරවා ඇති මොරගහකන්ද ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 4,52,000 ක් පවතින අතර නියං තත්ත්වය හේතුවෙන් ජලාශයේ මේ වනවිට ජලධාරිතාව අක්කර අඩි 98,000 දක්වා අඩුවී ඇති බව මොරගහකන්ද ජලාශයේ කාර්යභාරය ඉංජිනේරු,සී. එස්. බණ්ඩාර සඳහන් කළේය.
මොරගහකන්ද ජලාශය මගින් ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, පරාක්‍රම සමුද්‍රය, ඇතුළු ප්‍රධාන ජලාශ කීපයක් සඳහා ජලය සැපයෙන අතර පවතින වියළි කාලගුණික තත්ත්වය සමග සීඝ්රයෙන් අඩුවී තිබෙන මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පෙර පැවති ඇලගමුව කනිෂ්ඨ විද්‍යාලය ජලාශයේ ජල මට්ටම අඩු වීමත් සමපෑදි තිබෙන අයුරු අප කැමරාවේ මෙලෙස සටහන් විය.