පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ළමුන් 117 දෙනෙකු ඇතුළු පලස්තීනුවන් 266 දෙනෙකු මිය ගොස් ඇති ඇති බව ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පවසන්නේ ඊශ්‍රායලයේ ගුවන් සහ මිසයිල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 4,741 ක් මිය ගොස් 15,898 ක් තුවාල ලබා ඇති බවය. මිය ගිය අයගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ළමුන් බව පලස්තීන ආරංචි මාර්ග කියයි.
කුඩා, ජනාකීර්ණ ගාසා තීරයේ මිලියන 2.3 ක ජනතාවක් අවතැන් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. විදුලිය, ජලය, ඉන්ධන, ආහාර, බෙහෙත් සහ ජලය නොමැතිව අපායක් නිර්මාණය වී ඇති ගාසා තීරය වඩාත් සමීප වන්නේ මරණයට බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ අතර මැදපෙරදිග කලාපය දක්වාම යුද්ධය අවුලුවන පරිසරයක් නිර්මාණය කරමින් ඊශ්‍රයාලය වෙත වැඩි වශයෙන් යුද ආධාර සැපයීමට ඇමරිකාව අද කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.







