සිය නිල නිවසේ සඟවා තිබූ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගැනුණු මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ඇතුළු හය දෙනා සතියක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට මොණරාගල මහෙස්ත්‍රාත් අධිකරණය අද අවසරය ලබා දී ඇත. ඊයේ (08) රාත්‍රී විශේෂ කාර්ය බළකා කණඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අද දින මොණරාගල පොලිසියට භාර දී ඇති අතර මොණරාගල පොලිසිය මඟින් ඔහු අධිකරණයට ඉදිරිපත් කොට අදාළ රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ.
මේ වනවිට සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති අතර ඒ අනුව ඔවුන් විසින් මීට අදාළ විමර්ශණ සිදු කිරීමට නියමිතය. සිසිල කුමාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ අත්අඩංගුවට ගැනුණු මොනරාගල බුද්ධම ප්‍රදේශයේ පදිංචිකරුවකු ගේ නිවසේ පොළොවේ ලෝහ නිරීක්ෂණය කරන ස්කෑනර් යන්ත්‍රයක්ද පැවති අතර මොවුන් ප්‍රදේශයේ නිධන් හාරන බවට පෙර විශේෂ කාර්ය බලකායට තොරතුරු ලැබි තිබිණි. මේ පිළිබඳ ව විමර්ෂණ කළ විශේෂ කාර්ය බලකායට පොලිස් අධිකාරීවරයාගේ නිවසේ තිබී මෙම ගංජා තොගයක් නිධන් හැරීමේ කටයුතුවලදී භාවිත වන පන්දම් ඇතුළු උපකරණ කිහියක්ද හමුවී ඇත







