සිව්වන වරටත් ජපානයෙන් අපවිත්‍ර මොඩර්නා එන්නත් කුප්පි හමුවෙයි

සිව්වන වතාවටද ජපානයෙන් අපවිත්‍ර කුප්පි තුල දැමූ මොඩර්නා එන්නත් තොගයක් හමුවී ඇත.

ඒ අනුව කනගාවාහී එන්නත්කරණයට යොදාගත් මොඩර්නා එන්නත් කුප්පි තුල කළු පැහැති යම් ද්‍රව්‍යක් තිබී ඊයේ (31) හදුනාගෙන තිබේ.

මෙම සොයාගැනීමත් සමඟ අදාල එන්නත් කරණ ස්ථානයේ සහ කනගාවාහී මොඩර්නා එන්නත් ලබාදීම වහාම නවතා දැමීමට ජපාන බලධාරීන් තීරණය කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.


මීට පෙර ඉකුත් සිතියේදී පළමු වරට ජපානයෙන් මොඩර්නා එන්නත් කුප්පි කිහිපයක් තුල බාහිර ද්‍රව්‍යක් තිබී හදුනාගෙන තිබූ අතර අදාල කුප්පි ඇතුලත් වූ මිලියන 1.63ක් වූ එම සමස්ථ එන්නත් තොගයම ඉවත් කිරීමටද එරට රජය විසින් තීරණය කරනු ලැබීය.

පළමු අපවිත්‍ර එනනත් කුප්පි තොගය සම්බන්ධයෙන් මොඩර්නා සමාගම පවසා සිටියේ තමන් එන්නත් ඇසිරීමේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබූ ස්පාඤ්ඤ සමාගම අතින් සිදුවූ අතපසුවීමකින් අදාල කුප්පි අපවිත්‍රව ඇති බවට සැකකරනය බවයි.

එහිදී අදල ස්පාඤ්ඤ සමාගම තමන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවට ප්‍රකාශකර තිබිණි.

ඊට අමතරව තවත් එවැනිම සිදුවීම්දෙකක් වර්තාවී තිබූ අතර එහිදීද අදාල එන්නත් තොග ලබාදීම වහාම නවතා දැමීමට පියවරගෙන තිබිණි.

කෙසේ වෙතත් මුලින්ම අපවිත්‍ර බවට හදුනාගත් මොඩර්නා එන්නත් තොගයෙන් පුද්ගලයින් 3790කට එන්නත් ලබාදී තිබූ බවට වර්තා විය.

පසුව ඉකුත් සෙනසුරදා (28) අදාල සැකකටයුතු එන්නත් තොග වලින් එන්නත් ලබාගත් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බවද ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජපානයට මොඩර්නා එන්නත් ගෙන්වා බෙදාහරින ටකාඩා ෆාමසූටිකල් සමාගම අවස්ථා හතරකදීම එන්නත කුප්පි අපවිත්‍ර වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති අතර එම සමාගමේ වෙබ් අඩවියේ නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉතාම විරල සිදුවීමක් ලෙස භාහිර ද්‍රව්‍යක් ඇතුලු වීමේ හැකි බව සඳහන් කර ඇතැයි ජපාන මාධ්‍ය වර්තා කරයි.

Exit mobile version