මොඩර්නා කොවිඩ් එන්නත නිපදවන මොඩර්නා ඉන්කෝපරේෂන් සමාගම කොවිඩ් ආසාදනයට සහ සෙසු වෛරස උණවලට එරෙහිව ක්‍රියා කරන තනි මාත්‍රා එන්නතක් නිපදවා ඇති අතර එහි පරීක්ෂණ අත්හදාබැලීම් ආරම්භ කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසයි.
මෙය ඉදිරියේදී දැනට එන්නත් ලබා ගත් පුද්ගලයන්ට ප්‍රතිශක්ති වර්ධක එන්නතක් ලෙස නිපදවෙන අතර වසරකට වරක් තනි මාත්‍රාවක් ලෙසින් ලබා ගත හැකි වන පරිදි එය වැඩිදියුණු කරන බව මොඩර්නා සමාගම සඳහන් කර ඇත.
මොඩර්නාහි ප්‍රධාන විධායක නිලධාරී ස්ටෙෆාන් බැන්සල් පසුගියදා මාධ්‍යයට පැවසුවේ “ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ප්‍රතිශක්ති වර්ධකයක් වෙළෙඳපොළට ගෙන ඒමට අපට හැකි නම් මෙය ඉතා ඉදිරියෙන් තිබෙන විශාල අවස්ථාවක් කියා අපි විශ්වාස කරමු.“ යන්නය.
නව එන්නතේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදුව ඇති අතර මෙම නව COVID-19 එන්නත සඳහා තවමත් එක්සත් ජනපදයේ අවසරයක් ලැබී නොමැත. එසේ වුවද මෙම තනි එන්නතේ පර්යේෂණ අදිවර මේ වනවිට දියත් වෙමින් වවතින බවය.
මීට අමතරව මාස 6 සිට අවුරුදු 11 දක්වා ළමයින් සඳහා සිය අනුමත COVID-19 එන්නත පරීක්‍ෂා කිරීමේ කටයුතුද මේ වනවිට සිදුවෙමින් පවතින බව රොයිටර් පුත් සේවය සඳහන් කරයි.