මෛත්‍රී අර්බුදයක… පාස්කු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සූදානම්….

කාදිනල් හිමියන් ඇතුළු සමස්ථ ලෝක කතෝලික ප්‍රජාවගේ ගර්හාවට ලක් වෙමින් මෙතෙක් ක්‍රියාත්මක නොකර තිබූ පාස්කු කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය ක ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

කාදිනල් හිමියන් විසින් මීට පෙර ප්‍රකාශ කළේ  පාස්කු කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම තුළ දේශපාලනික වශයෙන් රජයේ ඇතැම් පාර්ශවයන් ආරක්ෂා කරගැනීමේ අභිලාෂයක් ඇති බවය.

එය සනාථ කරමින් පසුගිය නොවැම්බර් 24 දා කල්‍යාණිපුර රන් පිවිසුම ජනතා අයිතියට පත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කීවේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව හිටපු රජය විසින් පත් කළ ජනාධිපති කොමිසමම එහි වැරදිකරුවන් ලෙස හිටපු ජනාධිපති, අගමැති, සහ ඇමතිමණ්ඩලය නම් කර ඇති බවය. අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් නොකර එම අධිකරණ ක්‍රියාවලිය පවත්වාගැනීමට උත්සාහ කිරීමේ දී    කඩිනම් විසඳුමක් ඉල්ලන්නේ නම් පාර්ලිමේන්තු පනතක් ගෙනැවිත් මීට වගකියන අයගේ අයිතිවාසිකම් අහෝසිකර දමන බවත් ඔහු පැවසුවේය..


ඊට දෙදිනකට පසු, එනම් නොවැම්බර් 26 පාස්කු ප්‍රහාරයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන්ම වගකිව යුතු බවත්,  ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් සංචාරක සහ සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් කීවේය.

කෙසේ වෙතත් මෙතෙක් සඟවා තිබූ පාස්කු කොමිසමේ නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේ   ඉතාම බරපතල ලෙස රජය විවේචනය කරමින් මෛත්‍රීපාල සිරිසේන පසුගිය අඟහරුවාදා (05) මාතලේ ශ්‍රී ලංකා නිදහස්පක්ෂ සම්මේලනයේ දී කළ කතාවෙන් පසුව බව පැවසේ.

ආණ්ඩුවේ  ධුර කාලයෙහි ඉතිරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන් නැතිව වුවද පවත්වාගත හැකි බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඊයේ බණ්ඩාරනායක ගුණ සමරු උළෙල නිමා වී මාධ්‍ය හමුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා කීවේ නව ජවයකින් නව බලාපොරොත්තුවක් සහිතව තමන් අලුත් ගමනක් ආරම්භ කර ඇති බවය.

 

 

 

Exit mobile version