fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රී පැජට් පාරේ නිවස අත් හරී… පොලොන්නරු යන්න බඩු අස් කරයි….

මාස 2ක් ago
in පුවත්
582 6
0
Share on FacebookShare on Twitter

හිටපු ජනපති  මෛත්‍රීපාල සිරිසේන පැජට් පාරේ  ඔහු මේ දක්වා පදිංචි වී සිටි නිවස හැර යෑම සඳහා මේ වනවිට  නිවසේ බඩු අස්කරමින් ඉන්න බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

මේ වනවිටත් ඔහුට කොළඹ නිවසක් නැති නිසා එම සියලු බඩු භාන්ඩ පොලොන්නරුව තෙක් ප්‍රවාහණය කිරීමට සැලසුම් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

නිවසේ සිද්ධිය සම්බන්ධව නිල ප්‍රකාශයක් නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් තීරණය කර ඇතැයි ද දැනගන්නට ඇත.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   භාවිත කරමින් සිටි පැජට් පාරේ ඔහු ජනපතිවරයාව සිටිය දී භාවිතා කළ නිවසය. එම  නිවස අඛණ්ඩව භාවිත කිරීමට යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය කැබිනට් තීන්දුවක් ගෙන තිබිණි.

එම තීරණය   එම තීරණය මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරහා අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පයිකියසෝති සරවනමුත්තු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු යසන්ත කෝදාගොඩ සහ විනිසුරු මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල  පසුගිය 29 වැනිදා එම කැබිනට්  අත්හිටුවමින්    අතුරු නියෝගයක් නිකුත් කළේය.

මෙම නියෝගය පෙත්සම විභාගයේ  අවසන් තීරණය දක්වා බලපැවැත්විනි. මේ නියෝගය නිකුත් කිරීමට පෙර   පසුගිය  (28) මෛත්‍රිපාල සිරිසේන   ශ්‍රේෂඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසය

ජනාධිපතිවරයින් විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට හිමි විය යුතු ප්‍රතිලාභ ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තැබුවේ 1986 වසරේ පෙබරවාරි මස 18 වන දාය. එය එම වසරේ පෙබරවාරි මස 21 වන දා නිකුත් කෙරිණි.

‘1986 අංක 4 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත’ට අනුව,  “සෑම හිටපු ජනාධිපතිවරයෙකුට ම සහ හිටපු ජනාධිපතිවරයෙකුගේ වැන්දඹුවකට ම ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක් නිවාස කුලියෙන් තොරව සැපයිය යුතුය.”

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, යම් හෙයකින් උචිත නිවාසයක් සැපයීමට නොහැකි අවස්ථාවක අදාළ ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුපෙන් තුනෙන් එකකට සමාන දීමනාවක් නිවාස කුලිය ලෙස ලබා දිය යුතු බවය.

මෙම පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකු අභාවයට පත් වුවහොත් හිමි විශ්‍රාම වැටුපෙන් තුනෙන් දෙකකට සමාන විශ්‍රාම වැටුපක් සහ නිල නිවස බිරිදට හෝ සැමියාට ඔවුන් ජීවත් වන තුරු ලබා දිය යුතුය.

කෙසේ වෙතත් මේ නිවාස   සින්නක්කරව ලබා දීමක් නොවේ.

හිටපු ජනාධිපතිවරයා කොළඹ නිවස හැර යන්නේ ඒ නෛතික තත්වයන් තිබිය දී ය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පැජට් පාරේ නිවස සම්බන්ධව පැන නැගී ඇති ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා රජය සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස්පක්ෂය සූදානම් වෙමින් සිටියේය.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අප කළ විමසීමක දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්   කියා සිටියේ හිටපු ජනාධිපතිවරයෙක් වශයෙන් මෛත්‍රීපාල සිරිසේනට නිවසක් ඇතුළු ව්‍යවස්ථානුකූලව හිමි වරප්‍රසාද හිමි  විය යුතු බවයි.

හිටපු ජනාධිපතිවරුන් සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්  මේ වනවිටත් එම වරප්‍රසාද භුක්ති විඳින බවය.

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

පේරාදෙණියේ සැත්කම් නැවැත්වීමට රෝහල් අධ්‍යක්ෂ තීරණය කර ඇත්තේ අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීම් 03කට පස්සේ….

Next Post

හොංකොංහි දරුවන් 2000ක් මාපියන්ගෙන් වෙන් කෙරේ

Related Posts

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

මැයි 29, 2022
STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

මැයි 29, 2022
death

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

මැයි 29, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!
  • කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….
  • අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!
  • අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…
  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    281 shares
    Share 112 Tweet 70
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    223 shares
    Share 89 Tweet 56
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    223 shares
    Share 89 Tweet 56
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    218 shares
    Share 87 Tweet 55
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

    203 shares
    Share 81 Tweet 51
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    211 shares
    Share 84 Tweet 53

Highlights

අවුරුදු 74 දී සාමාන්‍යපෙළ ලියන චන්ද්‍රදාස සීයා කියන කතාව…

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

“සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

by editor
මැයි 29, 2022
0

රට තුළ නිශ්පාදනය වන ආහාර මෙන්ම...

STALIN

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

by editor
මැයි 29, 2022
0

දිනසේන රතුගමගේ - තමිල්නාඩු මහ ඇමතිවරයා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist