සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෛත්‍රී තාත්තා දයාසිරි පුතාගේ බෙල්ල කැපූ හැටි දයාසිරි පුතාම කියයි!

by editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පෙරේදා (05) දිනයේම තමන් සමග ගතකර කිසිම වෙනසක් නොපෙන්වා වැඩකළ මෛත්‍රීපාල සිරිසේන හවස තමන් තනතුරෙන් අස්කල බව දන්වා ලිපිය එවන විට තමන්ට අදහාගත නොහැකි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළවාහල මහලේකම් දයාසිරි ජයසේකර  පවසයි.

ඔහු කියන්නේ තමන් මෛත්‍රීපාල සිරිසේනට සැලකුවේ පියෙකු ලෙසින් බවත් තාත්තා මේ ආකාරයෙන් පුතාගේ බෙල්ල කැපීම හිතාගන්නටවත් නොහැකි බව ඔහු වැඩිදුරටත් කියයි.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසන්නේ මෛත්‍රීපාල සිරිසේනට හුරු මේ උදේ එකට සිට හවසට බෙල්ල කැපීමේ කලාව තමාට නුහුරු බවය. තනතුරු ලොකු දේවල් නොවුන ද   තමන්ට වූ මේ අසාධාරණය සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා කීවේය.

තලවතුගොඩදී ඊයේ (06 දා) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර   මෙසේ ද කීවේය.

“තනතුරු කියන ඒවා මට එච්චර ලොකු නැහැ. මම බලය තිබියදී වගේම බලය නැතිවත් වැඩ කරලා තියෙනවා. ඒ නිසා මම පක්‍ෂයේ සංවිධායකයන්ගෙන් හා පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ මම පක්‍ෂය අතහැර යන්නේ නැහැ,  විපක්‍ෂයේ අනෙකුත් බලවේග සමග එකතුවෙලා නැවත පක්‍ෂය නඟාසිටුවීමයි මගේ අරමුණ. නැවත පක්‍ෂය නැගිටුවනකන් ඉවසීමෙන් ඉන්න කියල මම සියලු දෙනාගෙන්ම ඉල්ලනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෛත්‍රිපාල සිරිසේන මහතා 05 වැනිදා උදේ ඉඳලාම මාත්  එක්ක එකට හිටියේ. එතුමා මගේ කිසිම ගැටලුවක් ගැන මට  නොකියා, හිටපු ගමන් නින්දෙන් ඇහැරිලා වගේ රෑ මට ලියුමක් එවනවා, මාව අස්කලා කියලා. මට හිතාගන්නවත්  බැරි වුණා.  ඒක ඉතින් එතුමාට පුරුදු ඇති. නමුත් මට ඒවා පුරුදු නැහැ.

ආණ්ඩුවේ ඇමැති ධුර ගත්ත පිරිසක් පක්‍ෂයට ඇතුළුවෙලා  පක්‍ෂය විනාශ කරන්න කුමන්ත්‍රණය කරනවා. මෙතන ගැටලුව ඒකයි.

මෛත්‍රිපාල සිරිසේන මහතාට මම සැලකුවේ තාත්තා කෙනකුට වගේ. තාත්තා පුතාගේ බෙල්ල කපන එක තමයි හිතාගන්න බැරි.

කොහොම වුණත් මේ ඉවත් කිරීමට විරුද්ධව මම  නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පක්‍ෂයෙන් ඉවත් වෙලා ආණ්ඩුවේ ඇමැතිකම් ගන්න අයට පුළුවන් නම් පක්‍ෂය ඇතුළට ඇවිත් අපිව එළියට දාන්න කොහේවත් නොගිහින් පක්‍ෂය ගොඩදාපු මට නීතිය ඉදිරියට ගිහින් මේ ප්‍රශ්නය විසඳා ගන්න බැරි වෙන්න බැහැනේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවට ශ්‍රී.ල.නි.ප.ය එක්වීමට විරුද්ධ වූ දයාසිරි පන්නා මෛත්‍රි යළි රනිල් එක්ක එක් වෙන්න යයි…

Next Post

පොළොන්නරුව මහා රෝහලේ විශේෂඥ වෛද්‍යවරු 43න් 3ක් විදෙස් ගත වෙලා….සාමාන්‍ය වෛද්‍යවරු 5ක්තු ගිහින්…GMOA කියයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.