මෛත්‍රීගේ ප්‍රකාශය ගැන වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි පොලිස් ඇමති පොලිස්පතිට නියෝග කරයි!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන   පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට නියෝග කර තිබේ.

2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිටුපස සිටි සැබෑ අපරාධකරුවන් කවුරුන්ද යන්න තමන් හොඳින් දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා  (22) මහනුවර දී  ප්‍රකාශ කළේය.

උසාවියට කැඳවා රහස් ප්‍රකාශයක් ලබාදීමට අවස්ථාව සලසනවා නම් තමන් එම තොරතුරු විනිසුරුවරුන් ඉදිරියේ හෙළිදරව් කරන බවත් රහස් ප්‍රකාශයක් කරන්නේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළහොත් තමන්ගේ දරු පවුල් පිටින් විනාශ වීමේ අවදානම පවතින නිසා බවත් හිටපු ජනාධිපතිවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කාවින්ද ජයවර්ධන සහ මනෝ ගනේෂන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඊයේ (24) ඉල්ලා තිබිණි.


 

 

Exit mobile version