බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වෙලාවේ රාජ්‍ය සේවක පඩි වැඩි කරන්න හැකියාවක් නෑ… සියඹලාපිටිය කියයි… ජනතාව වැට් සියයට 20 කරන්න එකඟනම් නම් පඩි වැඩි කළ හැකියි…. බන්දුල පවසයි!

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රුපියල් විසි දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා රාජ්‍ය සේවකයින් හෙට දිනයේ වර්ජනයකට සූදානම් වුවද මේ අවස්ථාවේ වැටුප් වැඩි කිරීම කළ නොහැකි බව මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය පවසයි. 

ප්‍රවාහන සහ මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන පවසන්නේ රටේ ජනතාව සියයට විස්සක් වැට් බද්ද ලෙස ගෙවන්නට එකඟ වන්නේ නම් අදාල රාජ්‍ය සේවක පඩි වැඩිවීම සිදුකළ හැකි බවය.

රජය පාර්ශවයෙන් මෙම අදහස් ප්‍රකාශ වන්නේ  සිය මුලික වැටුප රුපියල් 20000 ක් දක්වා වැඩිකරගැනීම සඳහා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් හෙට සහ අනිද්දා වෘත්තීය අරගලයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක ය.

රන්ජිත් සියඹලාපිටිය නියෝජ්‍ය මුදල් ඇමතිවරයා අද මේ පිළිබඳව සිය අදහස් දැක්වූයේ මෙසේය.

2022 -23 අතර රට ඉතා අර්බුදකාරී අඩියක තිබුණේ. ඒත්    රජය ඉතාම අසීරු තත්ත්වයක ඉඳන් රාජ්‍ය සේවක වැටුප කොහොම හරි ගෙවාගෙන ආව.  2024 දි ජනාධිපතිතුමා මුදල් ඇමති ලෙස රුපියල් දස දහසක් රාජ්‍ය සේවක වැටුප් වැඩි කළා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මම දකිනවා එක් දෙයක්.  එය තවත් වැඩි කළ යුතුයි හැකියාවක් තියනවා නම්. හැබැයි ප්‍රශ්නය තියෙන්නේ අපට පුලුවන් ද ඒක. ඉන් වෙන්නේ භාණ්ඩාගාරයට අලුත‍් වැය බරක් ඇති වීම. ඒ නිසා අපට වියදම් වැඩි කරගන්න පුලුවන්ද කියන ප්‍රධාන ප්‍රශ්නයට රජය මුහුණ දෙනවා.

මේ අවස්ථාවේ වැටුප් වැඩිකිරීම ප්‍රායෝගිකව කිරීමට අපහසු කටයුත්තක් බව මුදල් රාජ්‍ය ඇමතිවරයා පැහැදිලි කර දුන්නේය.

ඇමති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ රාජ්‍ය සේවක වැටුප් ගෙවිය යුත්තේ ජනතාවගේ බදු මුදලින් බවය.

“සමහර අය හිතනවා මේ පඩි දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයගේ  සල්ලිවලින් නැතිනම්  අපේ ආණ්ඩුවේ පුද්ගලික මුදල්වලින්  කියලා. මේ වැටුප් ගෙවන්නේ මේ රටේ වැඩ කරන ජනතාවගේ බදු මුදල්වලින්.  “

“මේ අය ඉල්ලන මුදලේ  විදයම දරන්න පුලුවන් ප්‍රමාණවත් ආදායමක් ආණ්ඩුවට නෑ.  මේ  රටේ සමස්ථ ජනතාව ලෑස්ති නම් වැට් එක සියයට 20ට  වැඩි කරන්න මේ ඉල්ලීම් දෙන්න පුලුවන්. “

“ඒ හැර විකල්ප ක්‍රමයක් මොකක් ද?. විකුණන්න දෙයක් තියනව ද?.  මේ රට නැත්තටම නැතිවෙයි මේ රටේ ජනතාව  මේ විදිහට  උද්ඝෝෂණ වැඩ වර්ජන සහ වෙනත් දේවල්වලට පෙළඹුනොත්. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය!

Next Post

තවත් විශිෂ්ටයෙකුගේ ගේ නික්ම යෑම… ලයනල් ප්‍රනාන්දු දිවි සැරියෙන් සමුගනී…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.