බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ වසරේ මෙතෙක් අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය සමග බහුදින ධීවර යාත්‍රා 02 දික්ඕවිට වරායට!

by editor
ජනවාරි 25, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • වසරේ මුල් දවස් 24 තුළ මුහුදෙන් අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම රුපියල් බිලියන 08 ඉක්මවයි… මේ වසරේ අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය මේ කිලෝ ග්‍රෑම් 270යි…

දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමඟ නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා මේ වන විට දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබ තිබේ.

ශ්‍රී ලංකා පොලිසියෙන් ලද බුද්ධි තොරතුරකට අනුව නාවික හමුදාව විසින්  මෙම මෙහෙයුම සැලසුම් කර  තිබිණි.

නාවික හමුදාවේ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා (Offshore Patrol Vessels) යොදාගනිමින් දින කිහිපයක් පුරා දකුණු මුහුදේ සිදුකළ සෝදිසි කිරීමකින් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය.

එක් යාත්‍රාවක සැකකරුවන් 05ක් සහ අනෙක් යාත්‍රාවේ සැකකරුවන් 06ක් ලෙස  යාත්‍රා දෙකෙහි සිටි සැකකරුවන් 11 දෙනෙකු  යාත්‍රා දෙක සමග අත් අඩංගුවට පත් වී තිබේ.

මූලික පරීක්ෂණවලට අනුව මෙම යාත්‍රා තුළ කිලෝග්‍රෑම් 270 කට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් පවතින බවට සැක කෙරේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත්   ප්‍රකාශ කළ පරිදි, මෙම මත්ද්‍රව්‍ය තොගයේ නිශ්චිත බර සහ වර්ගය ඉදිරි විමර්ශනවලදී තහවුරු කර ගැනීමට නියමිත බවය.

දැනට වරාය වෙත රැගෙනවිත් ඇති යාත්‍රා දෙක සහ සැකකරුවන් 11 දෙනා වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය   වෙත භාරදීමට කටයුතු සූදානම් කර ඇත.

මේ වසරේ මුල් දවස් 24 තුළ සමුද්‍ර තීරයෙන් අත් අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය මෙම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 270ක ප්‍රමාණය ය.

මේ වසර තුළ මුහුදු මගින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන්  දේශීය පුද්ගලයින් 30කට අධික සංඛ්‍යාවක් සහ විදේශීය සැකකරුවන් කිහිපදෙනෙකු (විශේෂයෙන් ඉරාන සහ පාකිස්ථාන ජාතිකයින් විය හැකියි) නාවික හමුදා බුද්ධි අංශ සහ වෙරළාරක්ෂක බලකාය එක්ව අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම සහ මිගමුව අවට මුහුදු සීමාවන්හි කළ වැටලීම් වලදී පසුගිය දින 23 තුළ  දළ වශයෙන් තවත් කිලෝග්‍රෑම් 180 – 200 ක පමණ හෙරොයින් සහ අනෙකුත් මත්ද්‍රව්‍ය  නාවික හමුදාව විසින්  අත්අඩංගුවට ගෙන තිබුණි. මේ වසරේ මෙතෙක් අත් අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය වන මෙම කිලෝ ග්‍රෑම් 270ක මත්ද්‍රව්‍ය තොගයත්, පසුගිය දින 24 තුළ උතුරු සහ වයඹ මුහුදු තීරයේ කළ වැටලීම්ව දී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 800කට අධික ප්‍රමාණයත් සමග මෙතෙක් මේ වසරේ  අත්අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම (Street Value) රුපියල් බිලියන 8 ඉක්මවන බව නාවික හමුදා මූලාශ්‍ර පවසයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ හැටියට ක්‍රිකට් වෙනස් කර එංගලන්ත කණ්ඩායම කඩුළු 05ක පහසු ජයක් ලබා ගත් හැටි…

Next Post

කෝටි 13ක කුෂ් සහ හෂීස් සමග සැකකරුවන් 03ක් කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.