කීර්ති ප්‍රනාන්දු –
අද වෙළෙඳපලේ වී මිල හා සසඳනවිට කැකුළු සහල් කිලෝවක නිශ්පාදන වියදම පමණක් රුපියල් 260ක් පමණ වන බවත් සිදුව ඇත්තේ තවත් මහා අර්බුදයක් නිර්මාණය කිරීම බවත් සමස්ථ ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ. පී රන්ජිත් ලංකාසරට පැවසුවේය.
මේ මහපොළොවේ යථාර්ථය කුමක් දැයි නොදන ගැසට් ගැසීම සහ රිවස් කිරීම කරන මේ ආණ්ඩුව සතුව වී තිබේ නම් කොටාගෙන ඔය මිලට ලබා දෙන ලෙසත් මේ වනවිට වෙළෙඳපලේ යථාර්ථය නම් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනවලට යටත්ව සහල් මිල කළ නොහැකි බවත්ය.
“ මොනව ද මේ මිනිස්සු මේ කරන්නෙ. අද මෝලට වී මිටියක් එනකොට රුපියල් දහ දහස් එකසීයයි. වී කිලෝ එකක් මෝලට එනකොට රුපියල් 170 – 175යි. කැකළු හාල් හාල් කිලෝ එකක් හදාගන්න රුපියල් 260 ක් වියදම් වෙනවා. සම්බා නාඩු කිලෝ එකක් හදාගන්න 295ක් යනවා. “
“හාල් කිලෝ එකක් 220ට දෙන්න අපි ලඟනම් වී නෑ. ආණ්ඩුවට කොටලා දෙන්න කියන්න. අපි වැඩ නෑ. මෝල් ටික වැහිලා තියෙන්නෙ. මම දන්නෙ නෑ කුඩා මෝල් කීයක් ඇරල ද කියලා.
මේ පොළොවෙ ඇත්ත මොක්ක ද කියලා අපි ගිය සතියට කලින් සතියෙ හම්බවෙලා කියන්න ඕන අයට කිව්වා. ඉන්ධන මිළ, ප්‍රවාහන වියදම්, අමතරකොටස් එක්ක වැයවෙන පිරිවැය ගැන කිව්වා. පුලුවන් හැම විදිහටම පැහැදිලි කලා පාලන මිල දායි. ඒ මිලට විකුනන්න බෑ… පෝලිම් හැදෙයි හාල්වලට. ඕන වැඩි මිලට විකිණුවා කියලා අහිංසක මිනිස්සු අහුවෙයි. අපි ආයෙ කියන්න යන්නෙත් නෑ, මේ ටිකේ කළේ වී ලෝඩ් එකක් ගෙන්නලා කොටලා මුදල් වෙච්චි ගාන බලල විකුණුව එක . ගිය සතිය වී මිටිය රුපියල් 9500යි… හාල්වෙනකොට කිලෝ එක 270යි. අද රුපියල් දහ දහස් එකසීයයි. මට තේරෙන්නෙ නෑ.. මේ වී හාල් කරලා මුදල් වෙන ගානට කවුරු හරි ගත්තොත් විකුණනවා. නැතිනම් නිකම් ඉන්නවා. “
ඔහු කීවේය. රජය නිකුත් කළ ගැසට් නිවේදනය පහත දැක්වේ.








