මෙම මාසයට අදාළ අස්වැසුම දීමනාව අද(13) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ ප්‍රතිලාභ හිමිවන පවුල් 1,725,795ක ප්‍රමාණයක් වෙනුවෙන් මෙම ප්‍රදානය සිදුකරන බවය.
ඔවුගේ ගිණුම් වෙත බැර කෙරෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 12කට අධිකයි.







