fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ නින්දිත විනාශයට අනුබල දුන් කිසිම දේශපාලකයෙක් තව දුරටත් මහජන නියෝජිතයෙක් නොවේ…

සාමකාමී අරගලයට කළ   සාහසික අපරාධය කළ උන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න... මහා නායක හිමිවරු ඉල්ලති...

1 සතියක් ago
in පුවත්
512 5
0
Share on FacebookShare on Twitter

පටු දේශපාලන අරමුණු පෙරදැරි කර ගනිමින් සමාකාමී අරගලකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළා දකින බව ත්‍රෛනිකායික මහනායක හිමිවරු ප්‍රකාශ කර සිටිති.

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති, අගමැති, විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති.

එහි මෙසේද සඳහන් වෙයි.

රට තුළ උද්ගතව ඇති සමාජ, දේශපාලන හා ආර්ථික අර්බුදයන්ට විසඳුම් ඉල්ලා සාමකාමි අරගලයක නිරත වු මහජනතාව වෙත එල්ල කළ සහාසික ප්‍රහාරයන් ප්‍රජාතන්ත්‍රවාදයට මෙන්ම මනුෂ්‍යත්වයට ද  නිගා දෙන්නකි.

ඍජුව හා වක්‍රව මෙම නින්දිත ක්‍රියා මාර්ගය සඳහා අනුබල දුන් දේශපාලන නාකයින්ට ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන මහජන නියෝජිතයන් ලෙස රැඳී සිටීමට තවදුරටත් සදාචාරාත්මක අයිතියක් නැති බව අපි තරයේ විශ්වාස කරමු.

රටේ සමස්ත මහජනයාගේ ජීවිත, දේපොළ මෙන් ම නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ද ආරක්ෂා කිරීමට රාජ්‍ය පාලකයා ව්‍යවස්ථාවෙන් බැඳී සිටියි. බලලෝභී අවිචාරවත් දේශපාලන න්‍යාය පත්‍රයන් පෙරදැරි කරගෙන සිදුකළ මෙම ප්‍රහාරයන්ට සම්බන්ධ සියලු වගකිවයුත්තන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු අදාළ ආයතන කටයුතු කළ යුතු ය.

තව ද රටේ ඇතිවුණු දේශපාලන, සමාජ, ආර්ථික අර්බුද නිසා මීට පෙර අප විසින් හා විවිධ පාර්ශවයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කෙරෙහි කඩිනම්ව අවධානය යොමු නොකිරීම නිසා මෙබඳු ප්‍රතිවිපාක දක්නට ලැබෙන බව සිහිපත් කර සිටිමු.

මෙම තීරණාත්මක අවස්ථාව තුළ විමසිලිමත්ව සබුද්ධිමත්ව හා ඉවසිලිමත්ව කටයුතු කර අර්බුදකාරී තත්ත්වයන් විසඳා ගැනීමට කටයුතු කරන ලෙස සියලු වගකිව යුතු පාර්ශ්වයන්ට හා රට වැසියන් සියලු දෙනා වෙත මෙයින් සිහිපත් කර සිටිමු.

එම ප්‍රකාශය පහත දැක්වේ.

 

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ප්‍රසන්නගේ ගෙදරත් අලුගොඩක්!

Next Post

“මැර මන්ත්‍රී අල්ලන්නැයි ඉල්ලා ජනතාව මහනුවර පොලිසිය වටලති

Related Posts

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මැයි 18, 2022
Dan and Saman

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

    218 shares
    Share 87 Tweet 55

Highlights

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ලංකාවේ අසරණ දෙමළ ජනතාවට  තමිල්නාඩුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් කෝටි 04ක්..

මැයි 09 අපරාධය ගැන පොහොට්ටු මන්ත්‍රීවරු 06ක ගෙන් විමසන්න   CID ය අද පාර්ලිමේන්තුවට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

by editor
මැයි 18, 2022
0

යල කන්නය සඳහා වලව කලාපයේ ගොවීන්ට ...

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

by editor
මැයි 18, 2022
0

ගෝල්ෆේස් සහ අරලියගහමන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලකරුවන්ට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist