බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අවුරුද්ද අවසන් වන තෙක් ඉන්ධන ගෙන්වන හැටි ගැන ජනපති හෙළි කරයි !

වෙනත් ආනයන සහ ඉන්ධන සැපයීම සීමා කරන්න වෙනවා - අපහසුතා ඉවසන්න...

by editor
අගෝස්තු 3, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම වසර අවසන් වන තුරු රටට අවශ්‍ය ඉන්ධන ගෙන්වා ගැනීමට අවශ්‍ය විදේශ විනිමය වෙනත් රටවලින් ණය ලෙස ලැබෙන තුරු බලා නොසිටින බවත් රටට එන අපනයන ආදායම සහ විදේශ ප්‍රේෂණ ඇතුළු ඩොලර් ආදායමවලට අනුකූලව ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පවසයි.

අද නව පාර්ලිමේන්තු සැසිය විවෘත කරමින් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ කතාවේදී මේ බව අනාවරණය කළ ජනාධිතිවරයා එතෙක් ඉන්ධනවලට අවශ්‍ය ඩොලර් ගෙවීම් තුළනය කර ගැනීම සඳහා තෝරා ගත්  ආනයන  සීමා කිරීමට සිදුවන බවද කියයි.

එසේම ඉන්ධන සැපයීම ද යම් මට්ටමකට සීමා කිරීමට සිදුවන බව පැවසූ ජනාධිපති වික්‍රමසිංහ මේ වසර අවසන් වන තුරු මේ අපහසුකම් රට වෙනුවෙන් දරා ගනිමු යයිද යෝජනා කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීවේය.

“ආර්ථික අර්බුදය නිසා අපි හැමෝම විවිධාකාර දුෂ්කරතා අත්විඳිනවා. පීඩාවන්ට ලක් වෙනවා. දුක් විදිනවා, කරදර විදිනවා. මේ දුක් කරදර සහ පීඩාවලින් මිදීමේ මාර්ගය කරා මේ රට ගෙනයාමට ඔබ සියළු දෙනාගේම සහාය ඇතිව මම කටයුතු කරනවා.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

මේ දුෂ්කරතාවයන්ගෙන් මිදීමට අප දීර්ඝ කාලීන විසඳුම් කරා යායුතුයි. නැවත කිසිදිනෙක මෙවැනි ආර්ථික අර්බුදයක් අපේ රටේ ඇති නොවන පරිදි ශක්තිමත් පදනමක් දැමිය යුතුය. ආර්ථිකය නවීකරණය කළයුතුයි. ආර්ථික ස්ථාවරත්වය ස්ථාපිත කර, තරඟකාරී අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කළයුතුයි. ඒ සදහා අවශ්‍ය වාර්තා සැළසුම්, නීති – රීති, අණ – පණත් සහ වැඩසටහන් දැන් අප සකස් කර ගෙන යනවා.

අද මම ඔබ ඉදිරියේ පැහැදිලි කරන්නේ අපේ ඉදිරි ගමන සඳහා පදනම් වන සැළසුම් රාමුවයි. මේ රාමුව තුළ අප ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳ සවිස්තර තොරතුරු ඉදිරියේ පාර්ලිමේන්තුවට ගෙන එන අන්තර්කාලීන අයවැය සහ 2023 අයවැය ඔස්සේ ඉදිරිපත් කරනවා.

යළි නැගී සිටීමේ මුලික පියවරක් වශයෙන් අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා ආරම්භ කළා. අගෝස්තු මාසයේ සිට අප ඒ සාකච්ඡා යලිත් ඉදිරියට ගෙන යනවා. මුලික වටයේ මාණ්ඩලික සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපේ බලාපොරොත්තුවයි.

ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් ආයතනය සමඟ එක්වී ණය ස්ථාවර කරලීමේ සැළසුම් දැන් අවසන් අදියරට පැමිණ තියෙනවා. මේ සැළැස්ම නොබෝ දිනකින් අප ජාත්‍යන්තර අරමුදලට ඉදිරිපත් කරනවා.

ඉන්පසුව අපට ණය ආධාර ලබා දී ඇති රටවල් සමඟ සාකච්ඡා කරනවා. අනතුරුව පුද්ගලික ණයකරුවන් සමඟත් සාකච්ඡා අරඹනවා. ඔවුන් සමග එකඟතාවන්ට එළඹෙනවා.“ යයිද පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කොළඹ ජාතික රෝහල කොවිඩ් ප්‍රතිකාර සඳහා සූදානම් කෙරේ….

Next Post

විශේෂ වරප්‍රසාද නෑ… ගෝඨාභය සිංගප්පූරුව තුළ   සාමාන්‍ය සංචාරකයෙක්  – සිංගප්පූරු විදේශ අමාත්‍යාංශය

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.