බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේ අවුරුද්දේ මුල් කාර්තුව තුළ පමණක් වන සතුන් නිසා රුපියල් බිලියන 30ක ආහාර භෝග හානි වෙලා! 

by editor
නොවැම්බර් 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

  • මේ වසරේ මුල් කාර්තුව තුළ  වැඩිම හානිය පොල් වලට… වන සත්ත්ව හානිය නිසා අහිමි වූ සමස්ත පොල් ගෙඩි සංඛ්‍යාව මිලියන 93ක්…    

2022 වසරේ පළමු භාගය තුළ මෙරට වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාව  හෙළි කරයි.

විශේෂයෙන්ම පිළිගත් ප්‍රභවයන්  මගින් ලබා ගත් මිල ගණන් මත පදනම් ව ඇස්තමේන්තු කළ විට එම ආහාර බෝග නිෂ්පාදන ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 30,215ක් යැයි එම වාර්තාව සඳහන් කරයි.

මෙම වාර්තාව පෙන්වා දෙන කාරණා අවධානයට යොමු කරමින් වන සතුන් විසින්  මෙරට වගාවන්ට සිදු කරන හානි හා වන අලි – මිනිස් ගැටුම් වළක්වා ගැනීමට ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කර විවිධ පාර්ශ්වයන්හි  අදහස් හා යෝජනා ලබා ගැනීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

2022 වසරේ වැඩිපුරම හානීයට පත්ව ඇති බෝගය වන්නේ පොල් ය. 

දිවයිනේ දිස්ත්‍රික්ක 21 ගොවිජන සේවා සංවර්ධන බල ප්‍රදේශ 207ක් තුළ පොල් වගා බිම් හෙක්ටෙයාර් 51,816ක් රටට අහිමි වූ සමස්ත පොල් ගෙඩි සංඛ්‍යාව මිලියන 93 ඉක්මවයි. එම ප්‍රදේශ තුළ පොල් වගා කර ඇති සමස්ත ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 275,540කි. ඉන් වනසත්ව හානියට ලක්ව ඇති සමස්ත  පොල් ඉඩම් ප්‍රමාණය සියයට 21කි. වන සත්ව හානියට ලක් වූ පොල් ගෙඩි මිලියන 93 නිසා රටට අහිමිව ඇති පාඩුව රු. මි. 6638 ඉක්මවයි. 

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

මේ අන්දමින් වී වගාවට ද එල්ල වී ඇති බලපෑම සුලුපටු නොවේ. 2021/22 මහ කන්නයේ සමස්ත වී වගා වපසරියෙන් සියයට 5.6ක් හෙවත් හෙක්ටයාර් 31,922ක් වන සත්ව හානිය නිසා රටට අහිමිව ගොස් ඇත. 

.කෙසේ වුවද භෝග හානි සිදු කරන සත්ත්ව ලැයිස්තුවට වන අලි, ගෝනුන් හා මුවන් ඇතුළත් නොකරන ලෙස ද අමාත්‍ය මහින්ද අමරවීර  මෙහිදී අදාල නිලධාරින්ට උපදෙස් දී ඇත. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රභාකරන්ගේ උපන් දිනය දා උතුරු නැගෙනහිර පළාත් පුරා දැවැන්ත මහවිරු සැමරුම් 18ක්…

Next Post

ඉල්ලූ දේ නොලැබුනොත් ගෙදර යකා නටන නිසා උපදේශනයට ගෙනා පුංචි එකා….

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.