බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේක සමාව දීම පිළිබඳ ප්‍රශ්නයක් නොවෙයි… ඔහු සමාව දුන්නෙ ඔහු සමාව ඉල්ලන්නත් කලින් – සිරිල් ගාමිණී පියතුමා

by editor
පෙබරවාරි 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කිර්ති ප්‍රනාන්දු – 

කාදිනල්තුමා ඇතුළු සමස්ථ කතෝලික ජනතාව විසින් පාස්කු අපරාධය සම්බන්ධව සමාව දුන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා විසින් සමාව ඉල්ලනට පෙර බවත් මෙතන මතුව ඇත්තේ සමාව දීම පිළිබඳ ප්‍රශ්නයක් නොවන බවත් සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පාස්කු ප්‍රහාර සිද්ධිය පිළිබඳව සමාව ඉල්ලිම සම්බන්ධව ලංකාසර කළ විමසීමක දී උන්වහන්සේ ප්‍රකාශ කළේ කිතුණු දහමට අනුව සමාව ඉල්ලිය යුත්තේ තමන් විසින් කළ වැරදි පිළිගෙන ඒ වැරදි නිවැරදි කරගැනීමේ අධිශ්ඨානය සහිතව බවත් සමාව දිම ඇත්තේ ඒ සිත් හැරීම තුළ බවත්ය.

නමුත් ඕනෑම අපරාධයක් කර “ මට සමාවෙන්න“ යැයි කීමෙන් සමාජමය වගකිම සම්පූර්ණ නොවන බව පියතුමා පෙන්වා දුන්නේය.

සිරිල් ගාමිණී පියතුමා ඒ සම්බන්ධව සිය පැහැදිලි කිරීම කළේ මෙසේය.

“ කෙනෙකුට සමාව ඉල්ලන්න පුලුවන්. එ් සම්බන්ධව කිසිම ප්‍රශ්නයක් නෑ. සමාව දීම කතෝලි ක්‍රිස්තියානි අපේ මූලික කාරණාවක්. තේරුම් ගන්න ඕන මේකයි. සමාව දීම හෝ සමාව ඉල්ලීම පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නෙ.“

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

“ මේ අපරාධය පිළිබඳ සත්‍යය ලෝකයට හෙළිදරවු කිරිමයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපි බලන්න ඕන මේක පසුපස කුමන්ත්‍රණයක් තිබුණද නැද්ද කියලා. කුමන්ත්‍රණයක් තිබුණා කියලා තමයි හිටපු නීතිපතිවරයත් තියන්නේ. එහෙමනම් මේ කුමන්ත්‍රණය කුමක් ද?,

මෙතන ප්‍රශ්නය තියෙන්නෙ වගකීම් පැහැර හැරීම කියන එක. මානව හිමිකම් නඩුවෙදි සලකා බලලා තියෙන්නෙ මේ අයගෙ වගකීම් කඩකිරීම. අපේ ප්‍රශ්නය වගකීම කඩකිරීම සිදුවන්නේ හුදෙක් ඒ අයගේ නොදැනුවත්කම නිසාද?. ජනාධිපතිවරයෙක් තමන් සතු වගකීම සහ යුතුකම් දැනගෙන ඉදලා නැද්ද?. ප්‍රායෝගිකව අපට විශ්වාස කරන්න අමාරුයි ඒගොල්ල දන්නෙ නැති නිසා වගකිම් කඩඋනා කියලා.

අපි අහන ප්‍රශ්නය වගකීම් කඩවුනේ ඇයි ?. ඒක තමයි අපි හොයාගෙන යන්න ඕන දේ.
ඒ වගකිම් කඩවිම තවත් කාටහරි ඕන නිසා සිදුවුනා ද? . ඒක අපරාධ පරීක්ෂණයක්. සීඅයිඩි මගින් පොලිසිය මගින් විමර්ශන කරලා වැඩිදුරට සොයා ගත යුතු දෙයක්. ඒක තමයි වඩා වැදගත් . වැදගත් වන්නෙ දඬුවම් දෙනව ද කොච්චර ලොකු දඬුවමක් ද දෙන්නෙ කියන එක නෙමෙයි.

අපේ ප්‍රශ්නය මේ අහිංසක මිනිස්සු මේ තරම් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළේ කවුද?. ඒ පසුපස ඉන්නේ කවුද. ඒ සත්‍ය සොයා ගැනීමයි ඉතා වැදගත් වෙන්නේ.

මේ අපරාධය සම්බන්ධයෙන් පමණක් නොවෙයි. ඊට පස්සෙ එවැනි දේ සිදුනොවෙන්න වගබලා ගැනීමටත් ඒ සොයාගැනීම අවශ්‍යයයි. ඒක තමයි ජනාධිපති කොමිෂන් සභා කියන්නෙත්. ඒක තමයි පාර්ලිමේන්තු කාරක සභාව කියන්නෙත්. ඒ හින්දා තමයි මේක විමර්ශනය කළ යුතුයි කියන්නෙ.

අපැහැදිලි තැන් ගොඩක් තියනවා මෙතන. මේ නඩු තීන්දුවෙදි එක් පැත්තක් ගැන තමයි  තීන්දුව දීලා තියෙන්නෙ. නමුත් තව පැති කිපයක් මේකෙ තියනවා. ඒක අපිට හොඳටම තේරෙනවා. ඒ පැතිවලින් විමර්ශනය කරගෙන යා යුතුයි.

අපේ ඉල්ලීම එයයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

75වන නිදහස් දිනය සමරන්න… ගෝල්ෆේස් එකට නිරුවතින් එන්න…

Next Post

පළාත් මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙයි !

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.