මේක වැරදි තීරණයක්… මම අමාරුවෙ වැටිලා… කෘෂිකර්ම ලේකම් පාර්ලිමේන්තු උසස් නිලතල කාරක සභාවට පැමිණ කියයි!

පසුගිය 22 දා කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවට පැමිණ  කාබනික වගාව සඳහා ගත්  මේ  හදිසි තීන්දුව වැරදි බවත් එය ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඉන් තමන් විශාල අසීරුතාවයකට පත්ව ඇති බවත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ..

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට අවස්ථාවක් සලසා දෙන ලෙසත් ඔහු එහිදී ඉල්ලා ඇති බව පැවසේ.

ඊයේ (23) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක දී මේ පිළිබඳව හෙළි කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ මේ වනවිට  තනි පුද්ගලයෙකුගේ හිතුවක්කාරී තක්කඩි තීරණයක් නිසා රට තුළ සේම පාර්ලිමේන්තුව තුළත් බලවත් නොසන්සුන් තාවයක් ඇති වී තිබෙන බවය.


ඔහු එහි දී මෙසේ ද පැවසුවේය.

කතානායකවරයාත් පවසා තිබෙනවා ඔහුගේ තේ වත්තට අලාභහානි සිදුවෙලා කියලා. විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා මන්ත්‍රීවරු අත්සන් කරලා පෙත්සමක් ජනාධිපතිට යවමු කියලා. ඒකයි ඇත්ත තත්වය.

ජනාධිපතිවරයා තනි පුද්ගලයෙක් ලෙස හිතුවක්කාරී තක්කඩි තීන්දු ගනිමින් ඉන්නවා. ඒ නිසා මේ විනාශකාරී තීරණය වෙනස් කරන්න ඕනෑ.

කාබනික පොහොර වගාවට කවුරුත් අකමැති නැහැ. නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් වන්නේ ඒ සඳහා අවම වශයෙන් වසර 10ක් ගත වෙන බව. ඒ සියල්ල අත්හැර තමයි ජනාධිපතිවරයා මේ අමනෝඥ මුග්ධ තීරණය අරගෙන තිබෙන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු ඇතැම් දේ වෙනස් කරමින් තිබෙනවා. කෘමිනාශක සහ වල්නාශක ගේනවීමට අවසර දෙනවා. ඒ නිසා අපේ රටේ කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාවය හා ගොවි ජනතාවගේ ජීවිත ගැන හිතලා මේ ඇති වී තිබෙන අර්බුදයට පිළියම් ලබා දිය යුතුයි. ඒ පිළිබඳව වැඩි අවධානයක් ලබාදිය යුතුයි.

Exit mobile version