දිනසේන රතුගමගේ –
මෙවර නත්තල් දේව මෙහෙය පවත්වන අවස්ථාවේදී පැළඳීම සඳහා දේශීය අත් යන්ත්‍ර භාවිතයෙන් සකස් කරණ ලද විශේෂ ලෝගුවක් හා මකූඨයක් මන්නාරම රදගුරු එමානුවල් ෆ්‍රැන්සිස් හිමිපාණන් වෙත වවුනියාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චමින්ද ප්‍රීති විරාජ් වාසල විසින් 24 දා පිළිගන්වනු ලැබීය.
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ උපදෙස් හා අනුශාසනා මත ප්‍රධාන නත්තල් දේවමෙහයන් සඳහා රදගුරුතුමන්ලා පළඳිනු ලබන ලෝගුව හා මකූඨයය දේශීය අත්යන්ත්‍ර භාවිතයෙන් සකස් කර පිළිගැන්වීම බතික් අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟලුම් නිෂ්පාදනය රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරගේ අදහසකට අනුව සිදු කෙරුණි.
මන්නාරම රදගුරු නිවසේදී මේ පිළිගැන්වීම සිදු වූ අතර නත්තල් උදාව වෙනුවෙන් මන්නාරම මඩු දේවස්ථානයේ පැවති දේව මෙහෙයේදී රදගුරු හිමිපාණෝ එම ලෝගුව හා මකූඨය පැළඳ දේව මෙහෙය පවත්වනු ලැබීය.