සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුහුද මැද ඇතිවූ ධීවර – නාවික හමුදා ගැටුම… ධීවර ඇමති නාවික හමුදාවෙන් වාර්තාවක් ඉල්ලයි!

by editor
ජූනි 5, 2025
in පුවත්
Deep sea drug trafficking
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලයේ කුච්චවේලි මුහුදු තීරයේ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් පිරිසක් සහ නාවික හමුදා නිලධාරින් අතර ඇති වූ ගැටුම අතර  ඇත් වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් පවත්වා හැකි ඉක්මනින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ධීවර, ජලජ සහ සාගර සම්පත් ඇමැති රාමලිංගම් චන්ද්‍රසේකරන් නාවික හමුදාවට දැනුම් දී තිබේ.

දැනට වාර්තාවන පරිදි බලපත්‍ර කොන්දේසි කඩකරමින් සුරුක්කු දැල් දමා කුච්චවේලි මුහුදේ මසුන් ඇල්ලු මෙම ධීවර පිරිස  අත් අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දී ඇති වූ ගැටුමක් අතරතුර  වෙඩි තැබීම වාර්තා වන්නේය. ගැටුම අතර පහරකෑමට ලක් වූ නාවික භටයින් දෙදෙනෙක් ද වෙඩි ප්‍රහාරයට ලක් වූ ධීවරයෙක් ද ත්‍රී කුණාමලය මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

කෙසේ වෙතත් මෙම ගැටුමෙන් පහර කෑමට ලක් වූ නාවික භටයන් හා වෙඩි වැදුණු තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බව ත්‍රිකුණාමලය රෝහල් ආරංචි මාර්ග තහවුරු කළේය.

සුරුක්කු දැල් භාවිත කරමින් මසුන් ඇල්ලූ සිවු දෙනකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඒ අවට ධීවර කටයුතුවල යෙදී සිටි තවත් පිරිසක් මෙම සැකකරුවන් මුදා ගැනීමට උත්සාහ දරා ඇති බවත් ඉන්පසු ගැටුම හටගෙන ඇති බවත් පොලීසිය කියයි. වෙඩි තැබීමට විරෝධය පලකරමින් ධීවර කාර්මිකයින් පිරිසක් ඊයේ විරෝධතාවයක ද නිරත වි තිබිණි.

ගැටුම ඇති වූ අවස්ථාවේ නාවික භටයන් පස්දෙනකු නාවික හමුදා යාත්‍රාවේ  සිට ඇති අතර ඉන් තිදෙනකුගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන වෙඩි තැබූ බවට සැක කරන ගිනි අවිය ද පොලිස් භාරයට ගෙන තිබේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මේ සම්බන්ධව අදහස් දක්වන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් පවසන්නේ නීති විරෝධී ධීවර කටයුතුවලින් සාගර සම්පතටම සිදුකරන අසීමිත ව්‍යසනය පාලනය කිරීම අනිවාර්යය සාධයක් ලෙස සලකා නාවික හමුදාවට ඒ සාගර අපරාධ වැලැක්වීමට උපදෙස් ලබා දී ඇති නමුත් සාගර සම්පත් කොල්ල කන නීති විරෝධී ධීවර කර්මාන්තය මෙන්ම ඒ පසුබිමේ සිදුවන වෙඩි තැබීම් ද නිවැරදි නැති බවය.

“නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමට නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිදුවීම ද නීති විරෝධී මසුන් ඇල්ලීම නිසා සිදු වූවක් බව කියනවා.සත්‍යය දැනගත හැක්කේ පරීක්ෂණවලින් පසුව පමණයි. නීති විරෝධී මසුන් ඇල්ලීම ද වැරදියි, වෙඩි තැබීමද වැරදියි, ඒ සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමත් වැරදියි. නාවික හමුදාවේ වාර්තාව ලැබුණු පසුයි නිගමනයකට එළඹිය හැකි වන්නේ . ඒ අනුව ඊළඟ පියවර ගත හැකි වේවි.’ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ පුරපති ලෙස රීසා තේරීම සජබ තීරණය විය හැකියි… මේ ගැන සජබ නායකයා තවමත් අප සමග සාකච්ඡා කරලා නෑ… හකීම් කියයි!

Next Post

කුරුණෑගල පොලිස් කොට්ඨාසයට පත්කළ SSP ගේ පත්වීම ගැන පොලිසියත් පුදුමයෙන්…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.