අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුස්ලිම් ජනතාවගේ  ආගමික සංස්කෘතික ප්‍රශ්න විසඳමින් ලබන පෙබරවාරියේ ජනපතිගෙන් සම්පූර්ණ ප්‍රකාශයක්!

by editor
දෙසැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ මුස්ලිම් ජනතාවගේ ආමික, සංස්කෘතික ගැටලු සියල්ලම විසඳාලමින්, ලබන පෙබරවාරියේ දී  තමන්  සම්පූර්ණ ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තුවන  බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසුවේය.  

ජනාධිපතිවරයා කීවේ මුස්ලිම් ජනතාවගේ අනන්‍ය සංස්කෘතික ප්‍රශ්න සඳහා නෛතික ආවරණයක් ලබා දෙන දෙන අතර  පාස්කු ප්‍රහාරයෙන් පසු සීමා වුන ඊජිප්තු කථිකාචාර්යවරුන් ගෙන්වීම, පොත්පත් ගෙන්වීම පිළිබඳ කරුණු සඳහා අවධානය යොමු කර මුස්ලිම් ආගමික අධ්‍යාපනය නගා සිටුවන බවය. මද්‍රසා පාසල් පාලනය කිරීම සඳහා නීතියක් සම්මත කිරීම, ත්‍රස්වාදය සම්බන්ධ කරගෙන අතාර්කික නඩු පැවරීම්  ඇතුළු ඉහත සියලු කාරණා පිළිබඳව අධ්‍යයනය කර ලබන පෙබරවාරියේ දී මෙම ප්‍රකාශය සිදුකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.

ජනපති ඇතුළු අමුත්තන් විද්‍යාලයේ ගුරු මණ්ඩලය සමග…

ජනාධිපතිවරයා   මේ බව සඳහන් කර සිටියේ බදුල්ල,  ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම්  උත්සවයට අද (27) පෙරවරුවේ එක් වෙමිනි.  ඌව පළාතේ පිහිටා ඇති එකම මුස්ලිම් ජාතික පාසල වන්නේ ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය

“රටේ දරුවන්ට හොද අනාගතයක් ගොඩනඟා දීමට නම් රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා මේ වන විට ලෝකයේ රටවල සහාය ලැබී තිබෙනවා.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ වැඩපිළිවෙළ තුළ අප ඉදිරියට ගමන් කළහොත් නියත වශයෙන්ම රට තුළ ස්ථාවර ආර්ථිකයක් ඇති කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ සමඟම රටේ අනෙකුත් ප්‍රශ්නවලට ද විසඳුම් ලැබෙනවා. “

“ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනැඟිමට අපට සහාය ලබාදෙන්න කියා දේශපාලන පක්ෂ ඇතුළු සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටියා. නමුත් අප බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ලැබී නැහැ. අද මේ රටේ විසඳාගත යුතු ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබෙනවා. කුමන පක්ෂයකට අයත් වුවත් එම ප්‍රශ්න විසදා ගැනීමට අපත් සමඟ එක්වන ලෙස මම එම  සියලු දෙනාගෙන් නැවත ඉල්ලා සිටිනවා.”

“පළමු කරුණ තමයි රට තුළ ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීම. දෙවැනි කරුණ වන්නේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීම. රටක් ඉදිරියට ගෙන යාමට නම් රටේ හොඳ ආර්ථිකයක් තිබිය යුතුයි. ඒ වගේම එක්සත් ජනතාවක් සිටිය යුතුයි. එසේම ශ්‍රී ලාංකීය අනන්‍යතාව තහවුරු විය යුතුයි. “

“සිංහල, දෙමළ, මුස්ලිම් කුමන ජාතියකට අයත් වුවත් සියලු ජනතාව ශ්‍රි ලාංකිකයන්. අද අපේ රටේ බහුහතරයක් සිටින්නේ සිංහල ජනතාව. සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යාමට අප කටයුතු කරනවා. එහිදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට මදිපුංචිකම් සිදු නොවිය යුතුයි. රටේ සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. සියලුදෙනා ශ්‍රී ලාංකිකයන් ලෙස ඉදිරියට ගියහොත් පමණයි ශක්තිමත් රටක් ගොඩනැඟිය හැකි වන්නේ. “

“සිංහල ජනතාවට බලපෑ ප්‍රශ්න ගණනාවකට අප මේ වන විට විසදුම් ලබාදී තිබෙන අතර අනෙකුත් ප්‍රශ්නවලටත් විසඳුම් ලබාදෙමින් සිටිනවා. ඒ වගේම අනෙකුත් ජන කොටස්වල ප්‍රශ්න කෙරෙහිත් රජය අවධානය යොමු කර තිබෙනවා. යුද්ධය අවසන් වුවත් ජිනිවාහි මානව හිමිකම් කොමිසම හමුවේ තවමත් නොවිසඳුන ප්‍රශ්න තිබෙනවා. එම ප්‍රශ්න විසඳිමට අවශ්‍ය පියවර රජයක් ලෙස අප ගෙන තිබෙනවා.”

“ඇතැම් ජනතාවගේ ගම්මාන අහිමි වී තිබෙනවා. එම නිසා මම තීරණය කර තිබෙනවා 1985 සිතියම අනුව ක්‍රියාත්මක වීමට. එම සිතියම අනුව තිබෙන ගම්මාන දැන් වනාන්තරවලට යට වී තිබෙනවා නම් ඒ ගම්මානවල ජනතාවට පදිංචි වීමට ඉඩ ලබා දීමට. ඒ වගේම එහි අයිතිය එම ජනතාවට ලබාදිය යුතුයි. ඒ අනුව උතුර හා නැගෙනහිර පළාත්වල ද්‍රවිඩ ජනතාව, මුස්ලිම් ජනතාව මෙන්ම සිංහල ජනතාවත් දැනටමත් එම අයිතිවාසිකම් ලබාගෙන තිබෙනවා. “

“ඒ අතරින් ඇතැම් පිරිස්වලට තවම එම භූමිවලට යාමට අවස්ථාව ලැබී නැහැ. එම ගැටලු පිළිබඳ අප වෙනම අවධානය යොමු කරමින් කටයුතු කරනවා. “

“ඒ වගේම අතුරුදන් වූවන්ගේ ගැටලුව, වන්දි ලබාදීම්  ඇතුළු මෙතෙක් විසඳුම් නොලැබුණු සියළු ප්‍රශ්න කෙරෙහි අප අවධානය යොමු කරමින් කටයුතු කරනවා. “

“එසේම උතුරේ සහ නැගෙනහිර ආර්ථිකය දියුණු කළ යුතුයි. සියළු ප්‍රශ්න විසඳුවත් ශක්තිමත් ආර්ථිකයක් නැත්නම් නැවත එම ප්‍රශ්න මතු වෙනවා.”

“ඒ වගේම කඳුකරයේ සිටින ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න කෙරෙහිත් අප විශේෂ අවධානයකින් කටයුතු කරන බව කිව යුතුයි. ඔවුන්ට ඉඩම් ලබා දීම, අධ්‍යාපනය දියුණු කිරීම ඇතුළු අයිතිවාසිකම් ලබාදීම පිළිබඳව අප විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. “

“එමෙන්ම මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න විසඳීම පිළිබඳව අප අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. මුස්ලිම් ජනතාව භූමදානය කිරීම පිළිබඳ ගැටලුවක් පසුගිය සමයේ මතුවුණා. කොවිඩ් සමයේ එම භූමදාන කටයුතු සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ඒ පිළිබඳ පසුව අනෙකුත් රටවල් තීරණ වෙනස් කළ නමුත් ලංකාවේ එම තීරණ වෙනස් කරන්න විශාල කාලයක් ගත වුණා. ඊට හේතු සොයා බලා නැවත එසේ නොවන අන්දමින් නීත්‍යානුකූලව අප එම පියවර ගන්නවා. අවසන් කටයුතු සිදු කරන්නේ කෙසේද කියා තම තමන්ගේ ආගම් අනුව තීරණය කළ යුතුයි. ඉදිරි පෙබරවාරි, මාර්තු වන විට ඒ පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට මම බලාපොරොත්තු වෙනවා. “

“ඒ වගේම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පනවා තිබු ඇතැම් සීමා ඉවත් කිරීම අතපසු වී තිබෙනවා. ඒ පිළිබඳ අප විශේෂ අවධානයකින් කටයුතු කරනවා. පොත්පත් ගෙන්වීම, ඊජිප්තුවෙන් කථිකාචාර්යවරුන් ගෙන්වීම වැනි කරණු කිහිපයක් තිබෙනවා. මුස්ලිම් ආගමික අධ්‍යාපනයට එය වැදගත් නිසා එම ගැටලුත් විසඳාගත යුතුයි.”

“මද්‍රසා පාසල් පාලනය කිරීමට නීතියෙන් කෙටුම්පතක් සකස් කිරීමේ කටයුතු සිදු කෙරුණා. නමුත් එය ඉදිරිපත් කර තිබුණේ නැහැ. එය ඉතා වැදගත්. මුස්ලිම් ජනතාවට බලපාන එවැනි කාරණා රැසක් තිබෙනවා. “

“ඒ වගේම ඇතැම් අයට විරුද්ධව පැනවූ නඩු තිබුණා. උසාවියෙන් එම නඩු විභාගයට නොගෙන ඉවත් කර තිබුණා.  ත්‍රස්තවාදයට සම්බන්ධයක් නැත්නම්, රටේ විප්ලවයක් ඇති කරන්න කියලා කියන්නේ නැත්නම් අදහස් ප්‍රකාශ කිරීම්වලට ඉඩ ලැබිය යුතුයි. නීතියෙන් එම ආරක්ෂාව සම්පූර්ණයෙන් සැලසිය යුතුයි. මේ කරුණු කෙරෙහි අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳ අදාළ අමාත්‍යාංශවලින් සහ නිලධාරීන්ගෙන් මම වාර්තා ඉල්ලා තිබෙනවා. ඒවා ලැබූණු පසු ලබන පෙබරවාරි වන විට සම්පූර්ණ ප්‍රකාශයක් කිරිමට මම බලාපොරොත්තු වෙනවා.”

“ඊට පෙර ආගමික නායකයන් සහ දේශපාලන නායකයන් හමු වී මෙම සියළු කරුණු ගැන සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.”

මෙහිදී බදුල්ල,  ගුරුතලාව මුස්ලිම් ජාතික පාසලේ සියවස් සැමරුම නිමිත්තෙන් එළිදැක්වුණු  විද්‍යාලයේ නව වෙබ් අඩවිය ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිනි.

විද්‍යාලයේ සියවස් සැමරුමට සමගාමීව එළිදැක්වුණු සමරු කලාපය විදුහල්පති ඒ. ඒ. සම්මුන්  විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පොස උසස් පෙළ විභාගයන්හිදී විශිෂ්ඨතා දැක්වූ විද්‍යාලයීය සිසු දරුවන් වෙත පදක්කම් පැළඳවීමද ජනාධිපති රනිල් වික්‍රමසිංහ   අතින් සිදුවිය.

විද්‍යාලයේ සියවස් සැමරුමට සුභාශීංසන එක් කරමින්  සමරු ග්‍රන්ථයෙහි සටහනක් ද තැබූ ජනාධිපතිවරයා විද්‍යාලීය ආචාර්ය මණ්ඩලය සමඟ සමුහ ඡායාරූපයකටද එක් විය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කතරගම මහ කපුවා ඇප පිට නිදහස්…

Next Post

කළුතර  බන්ධනාගාරය තුළ ඝාතනය කළ රැඳවියාගේ මරණය සම්බන්ධව විවෘත තීන්දුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.