බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව ලෙල්ලමේ දී  සිදුවන්නේ නිරපරාද ඝාතනයක්… ව්‍යාපාරිකයෙක් තරුණයා ඝාතනයට කොන්ත්‍රාත්තුව ලබා  දී ඇත්තෙ වැරදි අවබෝධයකින්!

by editor
අගෝස්තු 15, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මීගමුව පිටිපන ලෙල්ලමේ මාළු වෙන්දේසි පොළ අසල දී   පසුගිය සෙනසුරාදා  (12දා) උදෑසන හිසට වෙඩි තබා ඝාතනයට ලක්කළ  කඩවසම්  තරුණ කායවර්ධන ක්‍රීඩකයාගේ ඝාතනය වැරදි අවබෝධයක් මත ලබා දුන් කොන්ත්‍රාත් ඝාතනයක ප්‍රතිඵලයක් බව විමර්ශන අංශ හෙළි කරයි.

කොන්ත්‍රාත්තුව ලබා ගත් ඝාතකයන් නිවැරදි ලෙස තම ඉලක්කය ලබා ගෙන මෙම තරුණයාට වෙඩි තබා ඝාතනය කළ ද කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයා වැරදි අවබෝධයක් මත මෙම තරුණයා නම් කර  ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දීම හේතුවෙන් අදාල ඝාතනය නිරපරාද ඝාතනයක් බව ද විමර්ශන අංශ කියයි.

ඝාතනයට ලක් වූයේ දුම්ගල්පිටිය ලෙල්ලමේ රථ ගාල පරිපාලනය ටෙන්ඩර් මගින් ලබා ගත් පුද්ගලයා ලඟ  රැකිකයා කරමින් එහි නවත්වන  වාහන සඳහා ගාස්තු අයකිරීම රැකියාව ලෙස කළ මීගමුවේ උතුර පිටිපන පදිංචිව සිටි  නයිදප්පුලාගේ  ධනුෂ්ක ඇන්ජන් උමයංග නැමැති   තරුණ කායවර්ධන ක්‍රීඩකයාය.

එම ව්‍යාපාරය පවත්වාගෙන යන පුද්ගලයාගේ බිරිය කිසියම් තැනැත්තෙක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබේ.

එම පුද්ගලයා මෙම තරුණ කායවර්ධක ක්‍රීඩකයාගේ මිතුරෙක් බව ද පැවසේ.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ව්‍යාපාරික බිරිය සිය අනියම් පෙම්වතා හමුවීමට යෑමට සෑම අවස්ථාවකම මෙම තරුණයාගේ ත්‍රී රෝද රථය භාවිතා කිරීමත්,  පෙම්වතා හමුවීම සම්බන්ධීකරනය මෙම තරුණයා හරහා සිදුකිරීමත් හේතුවෙන් ව්‍යාපාරිකයා උපකල්පනය කර ඇත්තේ සිය බිරිය අනියම් සම්බන්ධය පවත්වන්නේ මෙම කඩවසම් තරුණයා සමග බවයැයි හෙළි වී ඇත.

තමන් ලඟම රැකියාව කරමින් තමන්ගේ හොඳම ගෝලයා ලෙස සිටින පුද්ගලයා තමන්ගේ බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වනු ඇතැයි සැක කළ ව්‍යාපාරිකයා මෙම තරුණයාගේ  ඝාතන කොන්ත්‍රාත්තුව ඩුබායිහි සිටිමින්  දකුණේ පාතාලය මෙහෙයවන හීනටියන ප්‍රදේශයේ අපරාධකරුවෙකුට ලබා දී ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.

ඒ අනුව ඔහු  ලෙල්ලමේ   රැකියාවේ යෙදී සිටිය දී  පසුගිය සෙනසුරාදා උදෑසන 9.15ට පමණ යතුරු පැදියකින් පැමිණි ඝාතකයා තරුණයා අසලටම ගොස් මිලි මීටර 9 වර්ගයේ ගිනි අවියකින් ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබේ.

මෙම තරුණයා මෑතක දි පැවැත්වෙන කායවර්ධන තරගයකට ඉදිරිපත් වීමට සූදානමින් සිට  ඇත. ඔහු මත් පැන් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන පාතාලය සමග කිසිම සම්බන්ධතාවයක් නැති පුද්ගලයෙක් බව වාර්තා වේ.

තව දෙමසකින් විවාහයට ඇතුළත් වීමේ සැලසුම ද ඔහුට තිබී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට තරුණයා ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් ව්‍යාපාරිකයා සැඟව පලා ගොස් ඇත.  පොලිසිය ඔහු සොයා ගැනීමේ මෙහෙයුමක නිරතව ඇත.

මීගමුව පොලිිසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තවමත් පලමුවැනියා තමන් බව දඹුල්ල අවුරා බී ලව් කැන්ඩිට කියා දෙයි… කැන්ඩි 20කින් පරාදයි!

Next Post

විදේශ පුහුණුව අවසන් කර ආපු විශේෂඥ වෛද්‍යවරුන් 263න් 120ක් නොකියාම ආපහු ගිහින් !

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.