තුෂාරී කළුබෝවිල –
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය වර්ධනය වීම හේතුවෙන් දිවයින් පුරාවැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුර, නැගෙනහිර, වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් බස්නාහිර, සබරගමුව, වයඹ, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ක ට වැඩි තද වැසි ද ඇති වන බව ඔවුහූ පවසති.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු
අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට අනතුරු ඇඟවේ.







