මියන්මාරයේ හමුදාව විසින් එරට මැතිවරණ කොමිසමේ සභාපති වූ ලා තෙයින් මහතා ඇතුළු නිලධාරීන් අත්‌අඩංගුවෙන් නිදහස් කිරීමට ක්‍රියා කරන ලෙස මෙරට මැතිවරණ කොමිසම අදාළ බලධාරීන් වෙනින් ඉල්ලා සිටි.
එම අත්අඩංගුවට ගැනීම පිළිබඳව බලවත් කම්පනයට පත්ව සිටින අතර මැතිවරණයෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය බැහැර කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් බලවන් කණස්සල්ල ප්‍රකාශ කර තිබේ.
මැතිවරණ කොමිසමේ නිලධාරීන් සිදු කරනු ලබන්නේ ඔවුනට නීතිය මගින් පැවරී ඇති නීත්‍යානුකූල කාර්යයක්
චන හෙයින් එම රාජකාරි කාර්යය ඉටු කිරීම හේතුකොට ගෙන ඔවුනට සිර ගන වීමට සිදුවීම ශෝචනීය බව මෙරට මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.
මියන්මාර මැතිවරණ “කොමිසමේ නිලධාරීන් අත්‌අඩංගුවට ගැනීම ප්‍රජානන්ත්‍රවාදී පාලන ක්‍රමයට බරපතල අගතියක් හා හානියක් ලෙස සලකන ශ්‍රී ලංකා මැනිවරණ කොමිෂන් සභාව මියන්මාර මැතිවරණ කොමිසමේ නිලධාරීන් නිදහස් කර ගැනීමට හැකි උපරිම බලපෑම් කරනු ලබන ලෙස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු බලවේගවලින් ඉල්ලා සිටී.