මියන්මාරයේ ඔන්ලයින් වංචා මධ්‍යස්ථානවලින් මුදාගත් පුද්ගලයන් 250කට වැඩි පිරිසක් බදාදා තායිලන්තයට භාර දුන් බව තායිලන්ත හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේය.ෙඒ නීතිවිරෝධී සයිබ අපරාධ ම මැඩලීමේ මෙහෙයුමකිනි. .
තායිලන්තය පසුගිය සතියේ මියන්මාරයේ සයිබර් වංචා මෙහෙයුම් සිදුකරන බවට සැක කෙරෙන ප්‍රදේශ පහකට විදුලිය, අන්තර්ජාල ප්‍රවේශය සහ තෙල් සැපයුම කපා හැරියේය. එහෙත් වංචාකරුවන් එක දිගට ජෙනරේට යොදා ගෙන විදුලිය උපදවා ස්වකීය ජවාරම් පවත්වාගෙන යන බව වින්දිතයන්ගේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදේශිය ප්රවෘත්ති ඒජන්සි වාර්තා කළේය.
මියන්මාරයේ අන්තර්ජාල වංචා මධ්‍යස්ථානවලින් බේරාගත් 250 කට අධික පිරිසක් අද (12) තායිලන්තයට භාර දුන් බව තායි නිලධාරින් නිවේදයන කරන්නේ මේ අතරය. බේරාගත් මෙම කණ්ඩායම තායි-මියන්මාර දේශසීමාවේ කයින් ප්‍රාන්තයේ ගම්මානයක් වන කියුක් කෙට් හි වංචා මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි බව එම ප්‍රදේශය පාලනය කරන මියන්මාර කැරලිකාර කණ්ඩායමක් වන ප්රජාතන්ත්රවාදී කැරන් බෞද්ධ හමුදාව විදෙස් පුවත් ඒජන්සිවලට දන්වා තිබේ. .
බේරාගත් පුද්ගලයින් ජාවාරම් වින්දිතයින් ලෙස ඔවුන්ගේ තත්ත්වය තහවුරු කිරීමට සහ ඔවුන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට පෙර අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය හැකි බවට තක්සේරු කිරීමට පරීක්ෂාවට ලක් කරන ලදී.







