ගම්පොල රෝහලේ දී අතුරුදහන්ව ජල ටැංකියේ තිබී හමුවූ කොවිඩ් ආසාදිත පොලිස් සාජන් වරයාගේ මළ සිරුර සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදීමට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සිව සුබ්‍රමනියම් කටයුතු කළේය.
මිය ගොස් දින පනස් හයක් ගතවූ මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව මෙලෙස විවෘත තීන්දුවක් ලබාදී ඇත්තේ මළ සිරුරේ කිසිදු ස්ථානයක සුළු හෝ සීරීමක් හෝ නොතිබූ නිසා බවද මිය යාමට හේතුව නිශ්චය කර ගැනීම සඳහා නිශ්චිත සාධකයක් සොයාගත නොහැකි වූ නිසා බව ද හෙතෙම පවසා තිබේ.
මළ සිරුරේ කොටස් රස පරීක්ෂක වෙත යවා තිබේ.
මෙම පුද්ගලයාගේ මරණය සිදුව ඇත්තේ කෙසේද යන්න වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.







