බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනුවන්ගොඩ කොවිඩ් නිසා බිහිසුණුම අවදානමට පත් ගමේ ඛේදවාචකය සියැසින් දුටුවෙමු….

by editor
ඔක්තෝබර් 15, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මරණය පිළිබඳ බිහිසුණු සෙවනැලි අතර හුදකලා කළ බියපත් මිනිසුන්ගේ ගිලි ගිය දෑස් දකිමින් හිඳිමු.  සිනා පොදක් නැත. සාද කතා නැත. සුන් වූ බලාපොරොත්තු සහිත ජිවිතවල වේදනාව දකින්නට මේ මොහොතේ එළුවාපිටිය ගමට යා යුතුය.

ගමට එන සියලුම මං පෙත් වසා දමාය. නිට්ටඹුව ගුවන්තොටුපල පාරේ වේයන්ගොඩ පසුකර එන විට හමුවන ප්‍රධාන භූමි ලකුණක් වන පැරණි තෙල්මෝල අසලින් ගම තුළට දිවෙන ප්‍රධාන මාර්ගය පොලිස් මාර්ග බාධකය  යොදා  වසා දමා ඇත. ගම වටෙන් ප්‍රවේශවන  අනෙක් අතුරු මාර්ග වැටවල් ගසා මුලුමනින්ම අහුරා තිබේ.

ගමේ ප්‍රධාන ප්‍රවේශයේ පොලිස් බාධක

ආසාදිතයන් 24යි..

ගමේ කොවිඩ් ආසාදිතයන් 24ක් දැනට හමු වී ඇත. ගම තුළ නිරෝධායනයට ලක් කළ පවුල් ගණන 49කි. ගමේ පොඩි පන්සලත් නිරෝධායනය කර ඇත. ඒ පොඩි හාමුදුරුවරු සිව් දෙනෙක් හා පන්සලේ ආවතේවකාර දරුවෙක් මේ ආසාදිතයන් අතරය.   කොවිඩ් වසංගතය තුළ මාරක අවදානමට ලක් වූ ලංකාවේ ප්‍රධානම ගම එළුවාපිටිය ය. අද මේ මිනිස්සු බාහිර සමාජයෙන් වෙන් කර ඇත.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

චිරාත් කාලයක් පැවති සංස්කෘතික වටිනාකම් වෛරසය විසින් ප්‍රශ්න කර ඇත.

මේ ගමන අසීරු ගමනකි. ජීවිතය කුමක් දැකි තේරුම් කර දෙන ගමනකි.  ගමම ගෙදරක මිදුලක් සේ පිරී ගිය එළුවාපිටිය ගමේ හුදකලා මාර්ගය  ඔස්සේ ගමන් කරමින් හිඳිමු.  පොඩි උන් කොටු වී ඇති පුංචි ඉඩමේ ඉදිවැට අසලට වී බලා සිටිති. උන්ට වෙනදා මෙන් ඒ සීමාව පසු කරන්නට ඉඩ නැත. කුමක් දෝ අනියත බියක් මේ පුංචි උන්ගේ නෙත් තුළත් ගැබ් වී ඇති සෙයකි.  උන්ගේ මුහුණේත් සිනාවකුදු නොවේ.

නිරෝධායනයට ලක් කර ඇති පන්සල

පොඩි පන්සල නිරෝධායනය කර ඇති පරිසරයක හැම දුකක්ම කියන්නට දුවගෙන එන ගමේ මහ පන්සලත් මිනිසුන්ගෙන් දුරස් කර තිබේ.  ජන ජීවිතය මොනතරම් විකල් වී ඇතිදැයි ගම තුළ දකින සෑම දසුනකින්ම පෙනේ.

හාත්පස පෙනෙන්නේ දුගී බවේ වේදනාත්මක ලකුණුය. අත්තනගල්ලේ වලව්ව මේ රටේ අවුරුදු විස්සකටත් අධික කාලයක් රට පාලනය කළේය. අත්තනගල්ල ප්‍රාදේශීය සභාව තුළ අද හුදකලා වී ඇති මේ දුගී ගම්මානය අපට දර්ශනය කරන්නේ උන්ගේ රට කරවීමේ යථාර්ථය නොවේදැයි සිතේ.

ලොක් ඩවුන් නොකර ලොක්ඩවුන් කිරීම

තවමත් මුලුමනින් හුදකලා කර නැති, ලෙක් ඩවුන් කිරීමේ   නෛතික ආවරණයන් නොසැලසුණු, එහෙත් සංචරණ සීමා පනවා ඇති හුදකලා ගම්මානය  තතත්වය බොහෝ සේ වෙනස්ය.

මේ තත්වය තුළ රජයේ ආධාර සැපයිය හැක්කේ නිශ්චිතව නිරෝධායනය කළ පවුල් වලට පමණි. එම පවුල් ගණන 49කි. නිරෝධායනය කළ පවුල්වලට රුපියල් 2000ක් විටිනා වියලි සලාක ඊයේ වෙනවිට ලැබී තිබිණි.

වසා දමා ඇති කඩ පිල්…

ගමේ පවුල් ගණන 917කි. කුඩා ඉඩම් ඒකකවල කොටුවුණු බොහෝ දෙනෙක් ජීවත් වෙන්නේ එදිනෙදා කුලියක් කරමිනි. සියලුම කඩපිල් වසා දමාය. එළියට යන්නට කිසිම ඉඩක් නැත. එදා වේල සොයාගත් අසරණයන් ගත කරන්නේ අතේ සතයක් නැති මට්ටමකය.  අර්බුදයකට ගොස් ඇත්තේ මේ මිනිසුන්ගේ ජිවිතය. ලොක් ඩවුන් කර නැති නිසා මේ සියලුම දෙනාට ප්‍රතිපාදන රජයෙන් සැපයෙන්නේ නැත. මැතිවරණයට පෙර ඡන්ද හිඟා කෑ දේශපාලන හිඟන්නන්ගෙන් එකා බැගින් මේ ගමේ ගෙවල් දහයක් ගැන බැලුවා නම්  මේ මිනිස්සු ගැන මෙච්චර ලතවෙන්නට සිදුව්නනේ නැත.  එහෙත් ඒ අපේ විදිහ නොවේ.

“ ඊයේ ග්‍රම සේවක නෝනට ගමේ ගෑණු කෙනෙක් කතා කරලා තිබුණා… ඒ මනුස්සයා අහලා තිබුණෙ අනේ නෝනා කෑම බඩු මොනව හරි බෙදනව ද ?. දවල්ට ගෙදර කන්න හාල් ඇටයක් නෑ කියලා… ග්‍රාමසේවක නොනා ගමේ  දන්න කෙනෙක් අතේ ඒ ගෙදර හාල් තුනපහ ටිකක් යවලා තිබුණා… එළියට එනනෙ නැති ගමේ ඇත්ත මේකයි…“  අප හමුවේ එක් වියපත් මිනිසෙක් පැවසුවේය.

“ ලොක් ඩවුන් වෙලා නැති නිසා ගමේ හැම කෙනක්ම අවාරණය වන විදිහට ප්‍රතිපාදන සලසන්න බෑ… අපට නෛතිකව ආධාර දෙන්න බලයක් තියෙන්නෙ නිරෝධායනය කළ පවුල් 49ක් සම්බන්ධව විතරයි. මේක ගැටලුවක් තමයි. ඒත් කරන්න දෙයක් නෑ,.. කොහොමත් අද දවස ඇතුලෙ මහජන බැංකුවෙ ඒ.ටී.එම් මැෂින් එක්ක, නිට්ටඹුව සතොසෙන් වියලි ආහාර ලොරියක් යවන්න බලාපොරොත්තු වෙනවා.  හෙට වෙනකොට ගමේ කඩ කිහිපයක් විවෘත කරන්න සැලසුම් කරලා තියනවා“ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසයි.

අතේ සත පහක් නැති ගැමියන්ට ඒ.ටි.එම් මැෂින් එවනවා වෙනුවට ප්‍රායෝගක වන්නේ මේ මොහොතේ දැනෙන කුසගින්න නිවීමය.  ඒ වෙනුවෙන් ගමේ ප්‍රධාන පන්සල වන ශ්‍රී බෝධි රුක්ඛාරාම පුරාණ විහාරයේ නායක හාමුදුවරුවන් වහන්සේ වූ  පූජ්‍ය හඳපාන්වෙල පඤ්ඤානන්ද හිමිපාණෝ වැඩ පිළිවෙළක් සංවිධානය කරමින් සිටිති.

“ හැමෝම කතා කරල අහන්නෙ පන්සලට මොනවද වෙන්න තියෙන්නෙ කියලා… මහත්තයො. අපි පන්සලේ හය දෙනෙක් ඉන්නවා. අපිට මොනව හරි උයාගෙන කන්න පුලුවන් පරිසරයක් තියනවා. කුඹුරෙන් හාල් පංගුව ලැබුණා. පන්සල් වත්තෙ එළවළුවක් දෙකක් වවන් තියනවා. පොල් ටික තියනවා. අපිට තව දවස් 15ක් 20ක් ජිවත් වෙන්න පුලුවන්.“

“ ප්‍රශ්නය තියෙන්නෙ ගමට. නිරෝධානය වචේචි පවුල්වලට රජයෙ ආධාරවත් ලැබෙනවා. ඒත් අනෙකි මිනිස්සු… එදා වේල හොයාගත්තු  සමහර මිනිස්සු ගොඩාක් අසරණයි. සල්ලි තියන අය ඉන්නවා. ඒත් ඒ සල්ලි වැඩක් නෑ. කඩයක් නෑ බඩුවක් මුට්ටුවක් ගන්න. මම මට කතා කරන හැමෝ එක්කම සංවිධානය වෙලා තව දවස් 3ක් මේ මිනිස්සුන්ට අල්ලන් ඉන්න වැඩ පිළිළෙක් හදන්න හදන්නෙ. “

“පවුල් 917යි ගමේ. එකම ගෙදර ඉන්න වෙන වෙන පවුල් ඒකකත් තියනවා. ඔක්කොම දාහක් කියලා හිතුවොත් එක පවුලකට හාල් කිලෝ පහ ගානෙ දෙන්න පුලුවන්න නම් ලක්ෂ පහක් ඇතුලෙ මේක කරන්න පුලුවන්… දැන් ලක්ෂ 4ක් විතර බඩු ලැබිලා තියනවා. අද (15) හවස් වෙනකොට අත්‍යවශ්‍ය පවුල් ටිකකට හරි මේ ද්‍රව්‍ය බෙදලා දීලා වැඩේ පටන් ගන්නවා. රජයෙන් මොනව හරි වැඩපිළිවෙළක් හදයි. එතකම් අපි අල්ලගෙන ඉන්න මිනිස්සුන්ට ශක්තියක් දෙන්න ඕන,“

නායක හාමුදුරුවෝ කියති.

ව්‍යසනය ඇරඹුනා පමණය. ගමේ තවත් පී.සී,ආර්. පරීක්ෂණ 150ක වාර්තා අද හවස් වනවිට ලැබෙන්නට නියමිතය. එළුවාපිටියේ කතාව තවත් සංකීර්ණ වන්නට නියම වන ලකුණු    පෙනේ.

කුසගින්න, අපේක්ෂා භංගත්වයට වඩා  මහා සමාජයෙන් හුදකලාවීමේ වේදනාව මේ මිනිස්සු අත් විඳිමින් සිටිති. තමන්ගේ යැයි සිතූ කිසිම දෙයක් තමන්ගේ නොවන බව තේරුම් ගනිමින් සිටිති.

මිනිස් පුලුටක් නැති මාර්ගයේ මරණීය පාලුවක මූසලකම ගල් වී තිබේ. අපි ඒ නුහුරු පාලුව අතර හුදකලා වී සිටියෙමු. ජීවිතය ඒ තරම් නොවැදගත් කඩමාල්ලක් බව මේ පරිසරය අපට කියා දෙමින් ඇත. ඒ පාඩම ඉගන ගත හැකි නම් ලෝකය මේ තරම් අප්‍රසන්න තැනක් වන්නේ නැත.

 

 

Tags: විශේෂ
Share69Tweet43
Previous Post

රෝගීන් හමුවෙන ගම් ලොක්ඩවුන් කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලයි

Next Post

මිනුවන්ගොඩ ගම් 03කටත් සංචරණ සීමා පැනවේ… දැන් ගම්පහ ගම් 06කට සීමා…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.