බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස්සුන්ට දැනෙන්නේ නැතිනම් දත්ත ඇතුලේ ආර්ථික ස්ථාවර භාවයන් අත් කරගත්තට ප්‍රයෝජනයක් නෑ… ජනපති කියයි!

by editor
ජූලි 4, 2025 - Updated on ජූලි 5, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලා නොයන්නේ නම් සංඛ්‍යා ලේඛනවල කොපමණ ආර්ථික වර්ධනයක් අත්කර ගත්තද, ඵලක් නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සහභාගී වෙමිනි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය.

විශේෂයෙන්ම මීට වසර කිහිපයකට පෙර අප රටේ ආර්ථිකය විශාල කඩා වැටීමකට ලක් වූ බව අපි දන්නවා. ඒ කඩා වැටීමට හේතුසාධක අපට විවිධාකාරයෙන් හදුනා ගැනීමට පුළුවන්කම තිබෙනවා. එහෙත් එම ආර්ථික කඩා වැටීමට කිසිසේත්ම දායක නොවුණු ගම්වල සාමාන්‍ය ජනතාව එයින් විශාල පීඩාවකට පත් වූ බව අපි අමතක නොකළ යුතුයි.

ඔවුන්ට ආහාර මිලදී ගැනීම, නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් හොඳ සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම, අධ්‍යාපනය වෙනුවෙන් පහසුකම් නිර්මාණය කිරීම, ග්‍රාමීය යටිතල පහසුකම් වර්ධනය කිරීම ආදී කේෂ්ත්‍රවල විශාල බිඳවැටීමක් සිදු වුණා. එ’නිසා ග්‍රාමීය ජනතාවගේ ජීවිතය නඟා සිටුවීමට වත්මන් රජයට අභියෝගයක් සහ වගකීමක් තිබෙනවා. එය කිසිසේත්ම අත්හළ නොහැකි වගකීමක්.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

අප ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයන් අතර ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන තිබෙනවා.

අද වන විට, ආර්ථිකය සැලකිය යුතු ලෙස ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට අපි සමත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් ඩොලරයේ අගය රුපියල් 300ට ආසන්නයේ තබා ගැනීම, විදෙස් සංචිත ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීම, භාණ්ඩාගාරයේ ආදායම අප අපේක්ෂා කරන ඉලක්ක දක්වා ගෙන යාම, බැංකු පොලී අනුපාතිකය තනි ඉලක්කමක පවත්වා ගැනීම ආදී ආර්ථිකයේ ස්ථාවරභාවය සදහා වූ සාධක සැලකිය යුතු ප්‍රමාණයකින් සම්පූර්ණ කර ගැනීමට අපි සමත්වී තිබෙනවා. ඒ වගේම, අප රට කෙරෙහි ආයෝජනවල සහ ආයෝජකයන්ගේ විශ්වාසය ක්‍රමානුකූලව වර්ධනය කර ගැනීමටද සමත් වී තිබෙනවා.

නතර වී තිබූ ව්‍යාපෘති රැසක් යළි ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා සාර්ථක ලෙස අපි අවසන් කර තිබෙනවා. ඒ වගේම නව ව්‍යාපෘති ගණනාවක් පිළිබඳව යෝජනා විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා. එහි වැදගත් යෝජනා ගණනාවකට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලබා දී තිබෙනවා. එ’නිසා අලුත් ආයෝජන, අලුත් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි අප අවධානය යොමු කර තිබෙනවා. අප ක්‍රියාත්මක කරන වඩාත් ප්‍රතිඵලදායී ආයෝජන ව්‍යාපෘතිවලින්, එක පැත්තකින්, ආර්ථික ස්ථාවරභාවයත්, අනික් පැත්තෙන් ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත හැකියි.

හැබැයි, එම ආර්ථික ප්‍රතිලාභ පහළ ග්‍රාමීය ජනතාවට ගලාගෙන යන්නේ නැත්නම් සංඛ්‍යා ලේඛන තුළ පමණක් ආර්ථික ස්ථාවරභාවයත්, ආර්ථික වර්ධනයත් අත්පත් කර ගත්තාට ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි එක් පසෙකින් ආර්ථික වර්ධනය අත්පත්කරගත යුතු සේම, අනෙක් පසින්, ආර්ථික ප්‍රසාරණයක් සිදු කළ යුතුයි. ග්‍රාමීය ජනතාව සඳහා ආර්ථික අවස්ථා නිර්මාණය නොවන්නේ නම්, ඔවුන් ආර්ථිකයේ පංගුකරුවන් නොවේ නම්, සාමාන්‍ය ජනතාව ආර්ථිකයෙන් පිටමං කළ පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා අපේ ප්‍රධාන ප්‍රවේශය වන්නේ ආර්ථිකය ප්‍රසාරණය කිරීමත්, ග්‍රාමීයව විසිරුණු ජන ප්‍රජාව එම ආර්ථිකයේ පංගුකරුවන් බවට පත් කර ගැනීමත් බව කිව යුතුයි.

එය කළ හැකි වන්නේ, එම ජනතාව මේ මොහොතේ නියැළෙන ආර්ථික ප්‍රභව වඩා ප්‍රතිඵලදායී, වඩාත් කාර්යක්ෂම හා ලාභදායී ක්ෂේත්‍ර බවට පත් කළ හොත් පමණයි. ඒ නිසා ග්‍රාමීය ජනතාව මේ මොහොතේ නියැළෙන ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නංවා ලාභ ලබන ව්‍යාපාර බවට පත් කළ යුතුයි. ඒ වගේම, ඔවුන්ට ලැබෙන ආර්ථික අවස්ථා පුළුල් කිරීමද ඉතා වැදගත්. ඒ අනුව නව ආර්ථික ප්‍රභව ග්‍රාමීය ජනතාව වෙනුවෙන් නිර්මාණය කිරීමට අපි ප්‍රමුඛතාව ලබා දී තිබෙනවා. එමගින්, ඔවුන් ආර්ථිකයේ සක්‍රිය කොටස්කරුවන් බවට පත් කර ගත හැකියි.

දිළිඳුකම ආර්ථික තලයෙන් එහා ගිය සමාජයීය ගැටලුවක් බවට පත් ව තිබෙනවා. දිළිඳු ජනතාව සමාජයෙන් කොන් කරන ලද පිරිසක් බවට පත් ව තිබෙනවා. ඒ නිසා ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ කාර්යභාරයක් ලෙස සලකනවා. එහිදී, අධ්‍යාපනය ඉතා වැදගත් ක්ෂේත්‍රයක්. දුප්පත් රේඛාව සහ නූගත් රේඛාව එකට සමපාත වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන අවස්ථා තව තවත් පුළුල් කර දිය යුතුයි. මේ සියල්ල සිදු කළද, ඕනෑම සමාජයක, ඕනෑම අවස්ථාවක, අසීරුතාවට පත් වන ජන සමාජයක් සිටිනවා. දියුණු යැ’යි සම්මත රාජ්‍යවල පවා එවැනි ජන ප්‍රජාවක් සිටිනවා. එම ජනතාව බලා ගැනීම සඳහා සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි.

සහනධාර යනු නරක මෙවලමක් නොවෙයි. නිශ්චිත මොහොතක එම ජන ප්‍රජාවට රැකවරණයක් නොමැති නම් එම ජනප්‍රජාව රැක බලා ගැනීම ආණ්ඩුවක වගකීමක් වෙනවා. හැබැයි, මෙම වගකීම සැලකිය යුතු ප්‍රමාණයකින් අවභාවිතයට ලක් වී තිබෙනවා. එය දේශපාලන මෙවලමක් බවට පත් ව තිබෙනවා. සහනාධාර වැඩපිළිවෙළ සැලකිය යුතු ප්‍රමාණයකින් දේශපාලනීකරණයට ලක් වීම නිසා ඒ සඳහා විවේචන ගොඩනැඟී තිබෙනවා.

ජාතික ජනබලවේගයේ අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වන්නේ ඉලක්ක සහගත ජන ප්‍රජාවට සහානාධාර ලබා දීමයි. කවුද? කාටද? යන්න ඉලක්ක කර ආධාර ලබා දිය යුතුයි. මම හිතනවා රජයකට එබඳු වගකීමක් තිබෙනවා වගේම,සමාජයත් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු ව තිබෙනවා. රජයෙන් යමක් ලබා දෙනවා නම් ලැබෙන සෑමදේම තමන්ටත් ලැබිය යුතුයි කියන මතය අපේ සමාජයේ තිබෙනවා. එය වැරදියි. අපේ රාජ්‍යය එහෙම සංස්කෘතියක්, සමාජ බැඳීමක් සහිත රාජ්‍යයක් නොවෙයි. සෑමවිටම රැක බලා ගන්න අවශ්‍ය කෙනා රැක බලා ගැනීම අපේ සංස්කෘතික ලක්ෂණයක්. පසුගිය කාලයේ සිදු වූ විකෘති තත්ව හේතුවෙන් අද ආධාර ලැබිය යුතු අයට ආධාර දෙන්න හදනවා නම්, ඇතැමුන්ගේ ප්‍රයත්නයක් තිබෙනවා තමන්ටත් එය ලබා ගැනීමට.

ඒ නිසා නව සංස්කෘතියක් අවශ්‍යයි. රජය විසින් ලබා දෙන ආධාර ලැබිය යුතු කෙනාටම තමයි ලැබිය යුත්තේ කියා තමන්ට ස්වයංව දැනෙන්න අවශ්‍යයි. තමන්ට හැකියාව තිබුණාට අල්ලපු ගෙදර කෙනාට ඒ හැකියාව නැහැ. උදව්වක් කරන්න අවශ්‍යයි කියා කෙනෙක්ට සිතෙන්න අවශ්‍යයි. එහෙත්, අද අපේ රටේ සංස්කෘතිය කුමක්ද? කුමක් හෝ දෙනවා නම් ලබා ගැනීම සඳහා පොර බැදීමක් තිබෙනවා. තමන්ට එය සුදුසුද? නැද්ද? අවශ්‍යද නැද්ද? තමන්ට හිමිකමක් තිබෙනවාද? නැද්ද? කියන සාධකයකින් තොරව. ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරනවා.

හැබැයි, අපි කවුරුත් දන්න, හැමදාම කතා කරන මේ සහනාධාර වැඩපිළිවෙළ මත සැමදාම රඳා පවතින්න බැහැ. සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ නිසා සෑම විටම සහනාධාර වැඩපිළිවෙළක් තිබෙනවා. එහෙත් එය, එකම කෙනා, එකම ප්‍රජාව වෙනුවෙන් නොවෙයි. අනෙක් කෙනාත් ආර්ථිකයේ පංගුකරුවන් කර ගත යුතුයි.

මේ සදහා සැලකිය යුතු ප්‍රමාණයකින් ආණ්ඩු මුදල් වැය කර තිබෙනවා. ආසන්න වශයෙන් ගත හොත් අස්වැසුම වැඩසටහනට පමණක් රුපියල් බිලියන 230ක් වෙන් කර තිබෙනවා. තවත් ආධාර වැඩසටහන් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කර තිබෙනවා. එහෙත්, මේ මුදල් අපි ඉලක්ක සහගත ප්‍රජාවට ලබා දී තිබෙනවාද? එම මුදල්වලින් අපේක්ෂිත ප්‍රතිලාභ ලැබී තිබෙනවාද? එසේ ලැබී නැහැ.

විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙරට ආධාර වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒවා දෙස බැලූ විට ඒවායින් 50%කට වඩා වැය වන්නේ ආධාරය ලබා දීම සඳහා වන යාන්ත්‍රණය සකස් කිරීමටයි. නිලධාරියෙක් බලා ඉන්නවා ව්‍යාපෘතියක් ලැබුණු විට ඉන් කොටසක් තමන්ට ලබා ගන්නේ කොහොමද කියලා. තමන්ට රැකියාව තිබෙනවා. එහෙත් ඒ ව්‍යාපෘතිය තමන්ගේ විෂය පථයේ නොවෙයි. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දීමනාවක් අවශ්‍යයි කියා දන්වනවා. ඒ නිසා මේ ආධාරවලින් විශාල ප්‍රමාණයක් ආධාර ලැබිය යුතු කෙනාට වඩා ආධාර ලබා දීමේ යාන්ත්‍රණයට වියදම් කර තිබෙනවා. එපමණක් නෙවෙයි, එහි පුහුණුවට විශාල මුදලක් වියදම් කර තිබෙනවා. මේවා නතර කළ යුතුයි. ආධාරයක ඉලක්ක සහගත ප්‍රජාවට ආධාර ලබා දීමේ වගකීමක් රජයක් ලෙස අපටත්, රාජ්‍ය නිලධාරීන් ලෙස ඔබටත් තිබෙනවා.

එය කිසිසේත්ම අවභාවිතයේ යෙදවීමට ඉඩ නොදෙන බව අප ඔබට සහතික වෙනවා. ආධාර ලැබිය යුතු කෙනාට ලබා දීම සඳහා මෙහෙයුමක් දියත් කළ යුතුව තිබෙනවා.

ඒ වගේම, සෑම අමාත්‍යාංශයකින්ම මොනව හරි ලබා දිය යුතුයි කියා හිතන ප්‍රවණතාවක් තිබෙනවා. එහෙත්, ඉතා නිවැරදි දත්ත පද්ධතියක් මත පදනම්ව කුමක්ද? කුමන අරමුණකින්ද ලබාදිය යුත්තේ? යන්න තීරණය කළ යුතුව තිබෙනවා. එහෙත්, දැන් සිදු වී තිබෙන්නේ ඒ ආකාරයෙන් නොවෙයි. සෑම ආයතනයක්ම, දෙපාර්තමේන්තුවක්ම ආධාර දෙන්න පෙළඹිලා තිබෙනවා. එහෙත්, ග්‍රාමීය ජනතාවට ගලා ගෙන යන ආධාර සහ ඔවුන්ගේ ආර්ථිකය සවිබලගැන්වීම සඳහා සිදු කරන වැඩසටහන් සියල්ල ඒකාබද්ධ කළ යුතුයි. අපේ ආධාර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ ජීවත් වීම සඳහා පමණයි. එම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නංවන්න සමත් වී නැහැ. ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍ය වන්නේ ඒ නිසයි. ප්‍රජා ශක්ති වැඩසටහන අප දියත් කරන්නේ එම මෙහෙයුම ලෙසයි. එය ඉලක්ක සහගත මෙහෙයුමක්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා වැඩසටහන සකස් කළ යුතුයි.

වර්තමානය වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් පරිපාලන ව්‍යුහ ගොඩනැඟී තිබෙනවා. තවදුරටත් උප්පැන්න සහතිකයක් නොමැති දරුවෙක් ඉපදෙයි කියා මම හිතන්නේ නැහැ. එයා නිසි වයසට ආවාම හැඳුනුම්පතක් ගන්නවා. ඉදිරි වසර දෙක තුළ ඩිජිටල්කරණ යාන්ත්‍රණයකට යනවා. එහෙනම්, යාන්ත්‍රණයේ පහළම පරිපාලන ඒකකයේ තිබෙන වගකීම කුමක්ද? පහළ තිබෙන පරිපාලන ඒකකයේ වගකීම තමයි තම ඒකකයේ ස්වභාවය හඳුනාගෙන, ඒ ස්වභාවයෙන් ඉදිරියට ඒ ඒකකය ගෙන යෑම සඳහා සැලැස්මක් හදන එක. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙතැන් සිට අප ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් වැඩසටහනක් සකස් කළ යුතුයි. එතැනට මුදල් වියදම් කරන්න අවශ්‍යතාව තිබෙනවා, අප ඒ වෙනුවෙන් සූදානම්.

ඒ වගේම අපේ රාජ්‍ය යාන්ත්‍රණය සැලකිය යුතු ප්‍රමාණයකින් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් බව මම පිළිගන්නවා. රාජ්‍ය නිලධාරීන් සතුව තිබෙන වාහන සියල්ල ගත්තොත් අවුරුදු 15ට වඩා පැරණියි. පාරේ දුවන බස් රථ 50%කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ පාරේ දුවන්න නුසුදුසු වාහන. කාර්යාලයේ තිබෙන පරිගණක සැලකිය යුතු කාලයකින් කල් පැනලා. අපේ ආයතනවල තිබෙන සිස්ටම් යාවත්කාලීන වෙලා නැහැ. ගොඩනැගිලි දිරාපත් වෙමින් තිබෙනවා. සෑම පැත්තකින්ම බැලුවොත් නටඹුන් වූ රාජ්‍ය යාන්ත්‍රණයක් තමයි අප සතුව තිබෙන්නේ. අපි සාමාන්‍ය ගැමියෙක් වගේ බුලත් ටිකක්, පුවක් ටිකක් මල්ලේ දාගෙන කාර්යාලයට එනවා. ඕක තමයි ඇත්ත කතාව. පසුගිය අයවැයෙන් වැටුප් වැඩි කරලා මානව සම්පතට අවශ්‍ය සහාය ලබා දුන්නා.

එනිසා ඊළඟට එළැඹෙන අයවැය ලේඛනයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ භෞතික සම්පත් ගොඩනඟන්න කටයුතු කරනවා. භෞතික සම්පත් ගොඩනැඟීමට සාපේක්ෂව නව මෘදුකාංග පද්ධති හඳුන්වා දී අපි රාජ්‍යය නවීකරණය කර දෙන්නම්. හැබැයි, ඒ කරන්නේ පුරවැසියා වෙනුවෙන්. ඒ නවීකරණය කරන ලද රාජ්‍යය තුළ පරණ පුටුවේ පරණ කෙනෙක් නම් වාඩි වෙලා ඉන්නේ, එයින් ඇති ඵලක් නැහැ. එම නිසා ඒ නූතනත්වයට ගෙනා රාජ්‍ය යාන්ත්‍රණය තුළ අලුත් රාජ්‍ය සේවකයා අපට අවශ්‍යයි. මේ අභියෝගය අපට ජයග්‍රහණය කළ හැකි වන්නේ එසේ පමණයි. එසේ නොමැතිව, මේක දේශපාලන කාර්යයක්, මේක දේශපාලන අධිකාරියේ වැඩක්, ග්‍රාම සේවක මහත්තයාගේ, සංවර්ධන නිලධාරියාගේ වැඩක්, ප්‍රාදේශීය ලේකම්ගේ වැඩක් කියලා තැන තැන බෙදී විසිරිලා මේක කරන්න බැහැ. මෙය කිරීමට නම් දේශපාලන අධිකාරියත්, රාජ්‍ය යාන්ත්‍රණයත් අත්නොහරින ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. ප්‍රජා ශක්ති වැඩසටහනේ අරමුණ රාජ්‍ය යාන්ත්‍රණයත්, රාජ්‍ය නිලධාරියාත්, පුරවැසියාත් ඒකාබද්ධ යාන්ත්‍රණයකට ගෙන ඒමයි. එහෙම නොමැතිව. කිසිවක් සාර්ථක කර ගන්න බැහැ. අපට තිබෙන්නේ තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නොවෙයි, තිබෙන රාජ්‍යයක් පවත්වා ගෙන යන්න නම් පවතින විදිහ හොඳයි.

වැටුණු රාජ්‍යයක් ගොඩනඟන්න දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, පුරවැසියා ඒකාබද්ධ මෙහෙයුමකට ගෙන ආ යුතුයි. එනිසා වැටුණු රාජ්‍යයේ ආර්ථිකය අහිමි වූ ප්‍රජාවක් සිටිනවා. අන්න ඒ ප්‍රජාවට ආර්ථිකයේ අවස්ථා නිර්මාණය කිරීම සඳහා ඒකාබද්ධ මෙහෙයුමක් අවශ්‍යයි. මේ ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට අප සෑම දෙනාම එක්’ව වැඩ කරමු කියා මා ඉල්ලා සිටිනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය රෝයල් නර්සින් හෝම්

Next Post

අල්ලස් ගත් කදුරුවෙල ක්වාති විනිසුරු සහ ඔහුගේ ලිපිකරු රිමාන්ඩ්!

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.