නව වසර උදාවී දෙවන දිනය වනවිට ඉතිහාසයේ වැඩිම එළවළු මිල වාර්තා වී තිබේ. මෙම මිල වැඩිවීමේ ඉතිහාසගත තත්ත්වය සම්බන්ධව මැනිං පොදු වෙළෙඳ සංගමය උපුටා දක්විමින් දෙරණ පුවත් සේවය වාර්තා කරයි.
අද (2) දිනය තුළ එළවළු තොග කොළඹට එවා නැති අතර කැරට් කිලෝව රුපියල් 600ක් , තක්කාලි කිලෝව රුපියල් 600ක්, බෝංචි කිලෝව රුපියල් 600ක්, තක්කාලි කිලෝව රුපියල් 600ක්, අමු මිරිස් කිලෝව රුපියල් 1000ක් ගෝවා කිලෝව රුපියල් 500ක්, වම්බටු කිලෝව රුපියල් 500ක්, ලෙස පෑලියගොඩ මැනිං වෙළෙඳපලේ මිල නියම කර තිබේ.
සංගමය පවසන්නේ මේ ආකාරයට ඉදිරි කාලයේ දී එළවළු පරිභෝජනය මිනිස්සුන්ට හීනයක් වනු ඇති බවය.
මේ අතර එළවළු මිල ගණන් අධික ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ආයතනයේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය සමන්ත පල්ලියගුරු පවසන්නේ එළවළු මිල ඉහළ යෑමට ප්‍රධානතම හේතුව සැපයුම අඩුවීම බවය.
එමෙන්ම උත්සව සමය සමග එළවළු ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් මිල ගණන් ඉහළයෑමක් සිදුව ඇතැයි ද ඔහු කියයි.







