නැවත වරක් මැලේරියා රෝගය රටපුරා පැතිරීමේ අවදානමක් මතුව ඇතැයි මැලේරියා මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර සදහන් කරයි.
අවසාන වශයෙන් මැලේරියා මරණයක් සිදුවූයේ වසර 2007දී වන අතර ලංකාවෙන් අවසන් මැලේරියා රෝගියා හමු වූයේ වසර 2012 දී ය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසර 2016 දී මැලේරියාව තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කළ බවද විශේෂඥවරයා සඳහන් කරයි.
මේ වසරේදී මැලේරියාව වැළදුණ රෝගීන් 25 දෙනෙකු හමු වි ඇති බවත්, ඉන් රෝගීන් 24 දෙනෙකුම අප්‍රිකානු රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් බවත් වෛද්‍ය රණවීර පෙන්වා දෙයි.
සම් වන විට යාපනය නගරයෙන් හදුනා ගත් මැලේරියා රොගියා අප්‍රිකානු රටක සිට මෙරටට පැමිණ ඇත්තේ පසුගිය දෙසැම්බර් 7 වෙනිදාය. එම රෝගියා සොයා ගැනීමට හැකිව ඇත්තේ දෙසැම්බර් 25 වෙනිදා යැයිද හෙතෙම කීවේය.
එක් දිස්ත්‍රික්කයක මැලේරියාව පැතිර ගියහොත් එය රටපුරා සියලුම දිස්ත්‍රික්කයන් වෙත පැතිර යාමට ඉඩ ඇති බැවින් මේ වන විට යාපනය නගරය පුරා මැලේරියා මර්දන වැඩ සටහනක් ආරම්භ කර ඇතැයි අධ්‍යක්ෂවරයා පැවසීය.