සිරිමන්ත රත්නසේකර –
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් ඇතුළු ඉහළ දේශපාඥයින් 40 දෙනෙක් රුපියල් කොටියටක ආසන්න ජල බිල්පත් ගෙවීම දිගින් දිගටම පැහැර හැර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
එම පිරිසෙන් එක් දේශපාලකඥයෙකුගේ හඟ ජල බිල රුපියල් ලක්ෂ 18ක් වෙතැයි ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
දේශපාලන බලය පාවිච්චි කරමින් බිල්පත් නොගෙවා මගහරින මේ පුද්ගලයින් 40 දෙනාගෙන් අදාල බිල්පත් අයක නොකරගන්නේ මන්දැයි සොයා බැලීමට විශේෂ අභ්‍යන්තර පරීක්ෂණයක් දියත් වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් හෙළි කරයි.
ඉරිදා දිවයින –







