මාතර . සම්පත් –
අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ගේ මූලිකත්වයෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ගේ සහභාගිත්වයෙන් අද උදේ 9ට සිදු කිරීමට නියමිතව තිබූ මාතර කොටවිල ක්‍රීඩා නේවාසිකාගාරයට මුල් ගල් තැබීමේ උත්සවයට දේශපාලයකන් සහභාගී වීම මැතිවරණ නිලධාරීන් විසින් තහනම් කිරීම නිසා ඩලස් අලප්පෙරුම ඇතුළු කිසිම දේශපාලකයෙකුට ඊට සහභාගී වීමට නොහැකි වූ අතර පැමිණ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මුල් ගල තබා ව්‍යාපෘතිය ඇරඔුහ.
මෙම උත්සවය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්ප කුමාර බැට්ටගේ විසින් විශාල වියදමක් දරා සංවිධානය කර තිබිණි. එහෙත් මැතිවරණ නිලධාරීන් විසින් දේශපාලනඥයන්ට සහභාගිවීම තහනම් කිරීම හේතුවෙන් එම උත්සවයට අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇතුළු දේශපාලනඥයන්ට සහභාගි වීමට අවස්ථාවක් නොලැබී ගියේය.
අනතුරුව පැමිණ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මුල් ගල් තැබීම සිදු කළේය .
මෙය රුපියල් මිලියන එකසිය අසූවක් වැය වන ව්‍යාපෘතියකි .