බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැතිවරණයට දිනයක් ලැබේවි… නමුත් අගවිනිසුරු ඇතුළු සියලු විනිසුරුවරුන් එකට වාඩි වුනත් රටේ ආර්ථික ප්‍රශ්නයට විසඳුමක් ලබා ගන්න බෑ…. ජනපති කියයි!

by editor
පෙබරවාරි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් දිය හැකි නමුත්  රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුලු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුව ද උසාවියේ දී  විසඳ ගත නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ආර්ථිකය පවත්වා ගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවට බවත්   පාර්ලිමේන්තුවේ 225  එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතු බවත් කී ජනාධිපතිවරයා අවශ්‍ය නම් තමන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට, ජාතික ජන බලවේගයේ හර්ෂ ඉරාන් වැනි මන්ත්‍රීවරුන්ට ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් අවස්ථාවක් ලබා දිය හැකි බව කීවේය.

ජනාධිපතිවරයා කීවේ  මේ ආකාරයට බිඳවැටුණු රටකට සහය දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර ලෝකයේ වෙනත් කිසිඳු ආයතනයක් නොමැති බවය.   ඊට වෙනස් පාරක් ඇතිනම් කියන ලෙසත් ජනාධිපතිවරයා පැවසුවේය. .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයන් හා නීතිඥවරුන් සමග ඊයේ (20) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමිනි.

රටේ සහ ජනතාවගේ අනාගතය සම්බන්ධව කිසිවෙකුට සෙල්ලම් කළ නොහැකි බව ද අවධාරණය කළ ජනාධිපතිවරයා  තමා ජනාධිපති ධූරයේ වගකීම භාරගත්තේ මෙම අභියෝග පිළිබඳ නොදැන නොවන බවද කුමන බාධක හමුවේ වුවද රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙළ නවතා නොදමන බවද  අවධාරණය කළේය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

අද මෙම හමුව කැඳවනු ලැබුවේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පැහැදිළි කිරීමට සහ මෙම තත්ත්වයෙන් ගොඩඒමට ගතයුතු පියවර පිළිබඳ ඔබේ අදහස් සහ යෝජනා ලබා ගැනීම සඳහායි. අද අප මේ ගත කරමින් සිටින්නේ අසීරු කාලයක්. නිවසක ආර්ථිකය කඩා වැටුණු විට එය දැනෙන්නෙ නිවසේ පුද්ගලයින්ට. ව්‍යාපාරයක් කඩා වැටුණොත් ඒක ව්‍යාපාරිකයින්ට දැනෙනවා. නමුත් රටක ආර්ථිකයක් කඩා වැටුනොත් ඒක සමස්ත ජනතාවටම දැනෙනවා.

මීට මාස එකොළහකට පෙර අප මේ තත්ත්වයට මුහුණ දුන්නා. අපට ඉන්ධන, විදුලි බලය, ඖෂධ තිබුණේ නෑ. ඉතා දුෂ්කර තත්ත්වයකට රටක් ලෙස අපි මුහුණ දුන්නා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම නැවතුණා.

මම ජනාධිපති ධූරය භාර ගන්නා විට රටේ පැවතුණේ එවැනි ගැටලුකාරී තත්ත්වයක්. නමුත් අප නිසි සැලැස්මක් ඔස්සේ රටේ ආර්ථිකය ගොඩනැඟීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. ඒ වගේම ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික ලබා දුන්නා. නිසි වේලාවට එම පොහොර ලබාදීම නිසා මෙවර මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් ලැබී තිබෙනවා.

දැන් ඉන්ධන පෝලිම් නැහැ. විදුලි බලය තිබෙනවා.  ඒ අනුව රටේ ආර්ථිකය ටිකෙන් ටික පෙර තිබූ තත්ත්වයට වඩා හොඳ මට්ටමකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. නමුත් අපට තවත් ප්‍රශ්න තිබෙනවා.

අද උද්ධමනය ඉහළ මට්ටමක තිබෙනවා.  පොලී අනුපාතය ඉතා වැඩියි. ඒ නිසා ව්‍යාපාරික ප්‍රජාව අසීරුතාවට මුහුණ දී සිටින බව  අපි දන්නවා. ඒ වගේම නීතීඥවරුන්ටත්  ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමේදී ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා. රටේ මූලික ගැටලු රැසකට අප මේ වන විට විසඳුම් ලබාදී තිබෙන බව කිව යුතුයි. ඒ වගේම තවත් ගැටලු ගණනාවක් අප ඉදිරියේ තිබෙනවා.

රටක් බංකොලොත් වූ විට යන්න තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටයි. ඒ හැර ලෝකයේ රටක් බංකොලොත් වූ විට  ආධාර ලබා දෙන්න වෙනත් සංවිධානයක් නෑ. ආර්ථිකය කඩා වැටුණු හැම රටක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර තමයි නැවත ගොඩ ආවේ.  කඩා වැටුණු ආර්ථිකයෙන්  ගොඩ නඟන්න ග්‍රීසියට අවුරුදු 13 ක්  ගතවුණා.  මම අවුරුදු දහතුනක් ජනාධිපති ධූරයේ සිටීමට බලාපොරොත්තුවක් නැහැ.

මේ කඩා වැටුණු ආර්ථිකය ගොඩනැඟීමට නම් තිබෙන්නේ එක ඉනිමගයි. ඒ තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා කියමින් ඉන්නවා. කඩාවැටුණු  ආර්ථිකය ගොඩ එන්න වෙනත් ඉණිමඟක් තියෙනව නම් කියන්න කියලා මම ඒ අයට යෝජනා කරනවා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ 2019 දි පැවති ආකාරයට අපේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% ක් විය යුතුයි කියලයි. මේ වන විට එය 09% දක්වා පහළ ගොස් තිබෙනවා. ඔවුන් විමසා සිටින්නේ ඔබ ඔබේ ජනතාවට බදු සහන දෙනවා නම් අපි කොහොමද අපේ ජනතාවගෙන් වැඩියෙන් බදු අය ‍කර ගෙන  ඔබට සහනයක් දෙන්නේ කියලා.

ඒ නිසා අපේ ප්‍රතිපත්තිවලට විරුද්ධ අයටත් අවශ්‍ය නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න, යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීමට අපි සූදානම්. එම යෝජනාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වෙනවා ද කියා බලන්න පුළුවන්.

ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කළේ පසුගිය අගෝස්තු මාසයේ දී. ඒ අනුව සැප්තැම්බර් මාසයේදී මාණ්ඩලික ගිවිසුමට එකඟ වීමට හැකි වුණා. ඔවුන් අපට ක්‍රියාත්මක කිරීමට කරුණු පහළොවක් ලබා දුන්නා. එය දෙසැම්බර් 31 වැනිදාට පෙර ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කාලය ලබා දුන්නා. නමුත් එදිනට එය සිදු කරගන්න අපට නොහැකි වුණා.  ඉන්පසුව ජනවාරි 31 වැනිදා දක්වා කල් ලබා ගැනීමට අප කටයුතු කළා. එම අවස්ථාවේදීත් අපට එම කරුණු 15 ඉටු කරගන්න නොහැකි වුණා . අවසන් වශයෙන් පෙබරවාරි 15 වනදා දක්වා කල් ලබා ගැනීම සිදු කළා. පෙබරවාරි පහළොස් වෙනිදා සවස 06:00 වන විට අපි කරුණු සියල්ල සම්පූර්ණ කර වොෂින්ටන් නුවරට යොමු කලා.

මෙම කරුණු පහළොවෙන් එක් කරුණක් පමණයි  ප්‍රමාද වෙමින් තිබුණේ. ඒ විදුලිබල මණ්ඩලය ගාස්තු වැඩි කිරීම සම්බන්ධ කරුණයි. විදුලි බල මණ්ඩලයට වසරකට රුපියල් බිලියන 230ක් අලාභයක් සිදුවෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේ ලබාගන්නා රාජ්‍ය බදු වලින් ආයතන නඩත්තු කරන්න යන්න එපා කියලා.

එහෙම වුනොත් ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලෙහි සහය ලැබෙන්නේ නෑ කියලා දන්වා තිබුණා. නමුත් මේ රටේ එක් පුද්ගලයෙක් විදුලි ගාස්තුව වැඩි කිරීමට ගත් තීරණයට විරුද්ධව කටයුතු කළා. ඒ නිසා සති හයක් ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රමාද වුණා. නැත්නම් ජනවාරි මාසය අවසන් වන විට අපට මෙය අවසන් කළ හැකිව තිබුණා.  මේ වනවිට අපට ලබා දුන් කරුණු 15 ම  ඉටුකර අවසන්. දැන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවස්ථාවයි.

අපට ණය ලබා දී තිබෙන පැරිස් සමාජය ඉන්දියාව සහ චීනය  ණය  ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවට පැමිණ තිබෙනවා. පැරිස් සමාජය ඒ සඳහා අවශ්‍ය මූල්‍ය සහතිකය ලබා දෙන  ක්‍රමවේදයක් තිබෙනවා. ඉන්දියාවට තවත් ක්‍රමවේදයක් තිබෙනවා. චීනය තවත් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරනවා. පැරිස් සමාජයේ රටවල් ඔවුන්ගේ ක්‍රමවේදයට අමතරව  ඉන්දියාවේ ක්‍රමවේදයත් පිළිගෙන තිබෙනවා. නමුත් චීනයේ ක්‍රමවේදය ගැන තවම එකඟත්වයක් නෑ.

මේ   පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් යෝජනා කළේ සියලුදෙනා එක් වේදිකාවකට පැමිණ සාකච්ඡා කරන්න කියලා. නමුත් චීනය ලෝක බලවතෙක් නිසා ඔවුන්ගේ ක්‍රමවේදය  ඊට වෙනස්.

එළැඹෙන 23 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නගරයේ දී    ජී- 20 රටවල්වල මුදල් ඇමතිවරු සාකච්ඡාවක් පවත්වනවා.  ආර්ථිකය කඩා වැටුණු රටවල් වල ණය  ප්‍රතිව්‍යුහගත කරන්නේ කෙසේද යන්න සම්බන්ධවයි එහිදි සොයා බැලීමට නියමිතයි. එතනදි චීන මුදල් ඇමතිවරයා සමග  ශ්‍රී ලංකාවේ ණය  ප්‍රතිව්‍යුහගත  කිරීමේ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ ස්ථාවරය අනුව අප ක්‍රියාත්මක කිරීමට විකල්ප දෙක තුනක් තිබෙනවා.

අපට  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ආධාර නොලැබුනොත්  ඉදිරියට ඉන්ධන නැතුව, පැය 12ක පමණ විදුලි කප්පාදුවක් සමඟ ජීවත්වීමට සිදු වෙනවා.  යල කන්නයට පොහොර ටික ලැබෙන්නෙත් නැහැ. මේ තත්ත්වය යටතේ ජනතාවට ඉතා අසීරුතාවකට මුහුණ දෙන්න වෙනවා.

රටේ මූලික ප්‍රශ්නය ආර්ථික ගැටලුවයි. එය ඉලක්ක කර ගෙන තමයි අපි කටයුතු කළ යුත‍්තේ. එසේ නොමැතිව මේ ප්‍රශ්නය සැඟවිය නොහැකියි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණය ආණ්ඩු මාරු කරන එකක් නොවෙයි. පළාත් පාලන ඡන්දය තිබෙන දිනය සම්බන්ධයෙන් උසාවිය තීන්දුවක් ලබාදේවි. නමුත් රටේ ආර්ථික ප්‍රශ්නය අගවිනිසුරු ඇතුලු සියලු විනිශ්චයකාරවරුන් එකට වාඩි වුණත් උසාවියේ දී  විසඳ ගත හැකි දෙයක් නෙවෙයි.  ආර්ථිකය පවත්වා ගෙන යාමේ වගකීම තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. එම නිසා පාර්ලිමේන්තුවේ 225  එක තැනකට පැමිණ වැටුණ ආර්ථිකය ගොඩ ගැනීමට කටයුතු කළ යුතුයි.

අවශ්‍ය නම්  ජනතා විමුක්ති පෙරමුණ, සමගි බලවේගය ,ඉරාන්, හර්ශ ගෙ යෝජනා වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සඳහා සහයෝගය ලබා දෙන්නත් පුළුවන්.  සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ. ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා . අපට අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. ඕනෑම අයකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න.

මම රට බාරගත්තේ  කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවු අවස්ථාවකයි. රටේ ආර්ථිකය ගොඩනැගීමේ දී විවිධ බැනුම් අහන්න සිදුවෙනවා කියලා දැනගෙන  තමයි  ජනාධිපති ධූරය භාරගත්තේ.  නමුත් රටේ ආර්ථිකය ගොඩනගන්න ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම මම ගන්නවා. මේ වසර අවසානය වන විට රටේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්න හැකියාව තිබෙනවා. ලබන වසර ආරම්භයේ සිට ආර්ථික සංවර්ධනයේ මූලාරම්භය ඇති කිරීමට සැලසුම් කර තිබෙනවා.  ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ආකාරය පිළිබඳව අපි සැලැස්ම ක්‍රියාත්මක කරමින් තිබෙනවා. මගේ විශ්වාසයක් තිබෙනවා 2024 වන විට අප නැවත සංවර්ධනය කරා ගමන් කරන බව.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ලංකාවේ ප්‍රකට කිඹුලාවල වීදී ආහාර කඩවලට සිදුවන්නේ කුමක් ද?…

Next Post

සභාව මැද හබරාදූව පොහොට්ටු මන්ත්‍රී ජවිපෙ මන්ත්‍රීට පහර දීලා… ජවිපෙ මන්ත්‍රී කරාපිටිය රෝහලේ…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.