දහවල් කාලයේ දීප්තිමත් අහසක් තිබුණ නමුත් අද 14 වැනි ආසියානු කුසලාන අවසන් මහා තරගයට වර්ෂාවෙන් බාධා වන බවට තක්සේරු කර ඇත.
එබැවින් අවසන් මහා තරගය සඳහා අමතර තවත් දිනයක් වෙන් කර තිබේ.
මේ මෝසම් සමයේ ශ්‍රී ලංකාවේ කාලගුණය යහපත් නොවුන බැවින්. තත්ත්වය පකිස්තානය සහ නේපාලය සමඟ පැවති තරගයත්, ඉන්දීය පකිස්ථාන මුල් වටයේ තරගයටත්, වර්ෂාවෙන් බාධා ඇති විය.
අයහපත් කාලගුණය හේතුවෙන් පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් තරගය ද පන්දු ඕවර 42කට සීමා විය. Accu Weather අනුව අද සවස 6ට සහ රාත්‍රී 11ට වර්ෂාව ඇති වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට ප්‍රේමදාස ක්‍රීඩාංගනය තරගය සඳහා සියලල් සූදානම් ය. දවහල් 12 සිට ප්‍රේක්ෂකයන්ට ප්‍රේක්ෂාගාර විවෘත කර තිබේ.