මහනුවර අසේල කුරුළුවංශ –
මෙම වසරේ පෙබරවාරි 15 දක්වා කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකළ සෝදිසි කිරීම් මගින් මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවූ පුද්ගලයින් 30 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ පවසයි.
මහනුවරින් 22 ක් තෙල්දෙණියෙන් 07 ක් හා ගම්පොළින් 01 ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළේ යැයි ද ඔහු කීවේය.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව හමුවේ අදහස් දක්වමන් නියෝජ්‍ය පොලිස්පතිවරයා අද (24) මෙම තොරතුරු අනාවරණය කළේය.
අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තගේ සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන්ගේ සම සභාපතීවයෙන් කමිටු රැස්වීම මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
අත්අඩංගුවට ගත් පිරිස අතරින් බහුතරය ත්‍රිරෝද රථ රියදුරන් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.
මත්ද්‍රව්‍ය භාවිත කර රිය පැදවුවහොත් ජීවිතානතය දක්වා රියදුරු බලපත්‍රය අහෝසි කිරීමේ හැකියාව මෝටර් රථ පනතට අනුව අධිකරණයට තිබෙන බවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේදී පොලීසිය ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන බවත් සුදත් මාසිංහගේ පැවසුවේය.







