බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාසයකින් ඉන්ධන නෑ… ගිලන් රථ සේවාත් අක්‍රීයයි… මනම්පිටි, අරලගංවිල, වැලිකන්ද රෝහල්   අද සිට වැසෙයි…

හදිසි ප්‍රතිකාර පමණයි... අදත් රෝගීන් 5000ක් අසරණ වෙයි... සියලුම බාහිර ප්‍රතිකාර සහ නේවාසික ප්‍රතිකාර නැහැ.....

by editor
ජූලි 17, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

රෝහල් සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි නොලැබීමෙන් පොලොන්නරුව අරලගංවිල ,වැලිකන්ද,  මනම්පිටිය යන ප්‍රාදේශීය රෝහල් තුනේ හදිසි ප්‍රතිකාර හැර බාහිර රෝගී ප්‍රතිකාර කිරීම සහ නේවාසිකව ප්‍රතිකාර ලබාදීම සියල්ල  අද ( 17 )  දහවල් සිට නතර කර දැමීමට පියවර ගත් බව එම රෝහල් සෞඛ්‍ය කාර්යය මණ්ඩලය සඳහන් කරයි.

මෙම තත්ත්වයත් සමඟ අද  අදාල රෝහල් වලින් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්   5000 කට අධික සංඛ්‍යාවක් ආපසු හැරී යාමට සිදු විය.

මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ ගිලන් රථ සේවාවද ඉන්ධන පහසුකම් නොමැතිවීමෙන් සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව  මනම්පිටිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය  නිලධාරී දීපාල් අසංක   අප කළ විමසීමකදී සඳහන් කළේය.

මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ  සේවකයින් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් සේවය කරන අතර ඔවුන්ට රෝහල කරා පැමිණීමට ඉන්ධන නොමැති අතර ප්‍රවාහන පහසුකම් නොමැතිකම නිසා ඔවුන් මෙන්ම රෝගී ජනතාව දැඩි අසීරු අසීරුතාවට පත්ව සිටිති.

අරලගංවිල සහ වැලිකන්ද රෝහල්වලද සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් ඉන්ධන නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි අසීරුතාවට පත්ව සිටින අතර රෝහල් කටයුතුද අඩපණ වී ඇති බව රෝගීහු සඳහන් කරති,

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මෙම රෝහල්වල හදිසි ප්‍රතිකාර කටයුතු පමණක් සිදුකරන අතර මෙම රෝහල් වල කටයුතු අඩපණ  වීමත් සමඟ පොළොන්නරුව දිඹුලාගල වැලිකන්ද කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 86ක පුද්ගලයන් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් දැඩි අවදානමකට පත්ව සිටිති.

මෙම රෝහල් පිහිටා තිබෙන ප්‍රදේශවල  පිරවුම්හල්වලට දැනට මාසයකට ආසන්න කාලයක සිට ඩීසල් සහ පෙට්‍රල් නොපැමිණීම නිසා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවට පත්ව ඇත.

වන අලි  පහරදීම් මෙන්ම හදිසි අනතුරු සහ දුෂ්කර පළාත්වල සර්පයන් දෂ්ඨ කිරීම, ඇතුළු හදිසි රෝගීන් මෙම රෝහල් කරා රැගෙන  එති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයෙකු ඡන්දයෙන් නොව කතිකාවතක් මඟින් ඒකමතිකව පත් කළ යුතුයි – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

Next Post

LPL දින නියමයක් නැතිව කල් යයි….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.