මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරුන් සහ නීතිඥවරියන් කණ්ඩායමක් වෘත්තීය වේදීන් ලෙස ස්වකීය අනන්‍යතාවය සහිතව ගෙයින් ගෙට ව්‍යපාරික ස්ථානයෙන් ව්‍යපාරික ස්ථානයට ගොස් ජනතාව දැනුම්වත් කරමින් මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමේ වැදගත්කම සම්බන්ධව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක නිරත වූහ.
පොළොන්නරුව නීතිඥ සංගමයේ රනිල් වීරසේකර ගේ ප්‍රධානත්වයෙන් මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ අතර එම අවස්ථාවට නීතිඥවරියන් ද එක් වී සිටිය.
එහිදී පොළොන්නරුව, කදුරුවෙල සහ හිඟුරක්ගොඩ වෙළෙඳ ව්‍යාපාරිකයන් මෙන්ම අවට ගම්මානවල ගම්වාසීන් අත්පත්‍රිකා ලබාදෙමින් පුළුල් සංවාදයක් ජනතාව සමග ඇති කරගැනිමට මෙම නීතිඥවරු කටයුතු කළහ.

ජාතික ජන බලවේගයේ පොළොන්නරුව දිස්ත්‍රික් සංවිධායක ටී.බී. සරත් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියේය.







