බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාලදෙණියේ ත්‍රිත්ව ඝාතනයේ ඝාතකයා කොටු කරගත් හැටි…

by editor
මැයි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අළුයම 2.40ට පමණ ඇත. ධාරානිපාත වරුසාව විටින් විට ඇදහැලෙන්නේය.  නාල්ල පොලිසියේ රාත්‍රි මෙහෙයුම් රාජකාරි භාර සැරයන් 33008  පතිරණ සමග සැරයන් 55461 දිනේෂ්   සහ පොලිස් කොස්තාපල්  81112 සේනාධීර යන නිලධාරින් තිදෙනා පොලිස් ත්‍රිවිල් රථයක ජංගම මුර සංචාරයේ නිරතව සිටියේය.

තරමක පොදක් ඇදහැලෙමින් තිබිණි. දැඩි අඳුරය. පොලිස් කණ්ඩායම නාල්ල පොලිස් වසමේ  මාලදෙනිය පන්සල පසු කරන විට වම්පසින් පා පැදියක් තල්ලුකරගෙන එන පුද්ගලයෙක් දුටුවේය. ඒ තරමක කන්දක් සහිත ප්‍රදේශයකි. වැසි සහිත අළුයම  මහ කළුවරේ  හිසේ සිට වැසි කබායක් පොරවාගෙන පා පැදියක් තල්ලු කරගෙන එන මෙම පුද්ගලයා සම්බන්ධව පොලිස් නිලධාරීන්ගේ අවධානය යොමුවිය.

පොලිස් කණ්ඩායම ඔහු අසල නැවතුනේය. සාමාන්‍යයෙන් මේ අවේලාවේ යන පුද්ගලයින් සම්බන්ධව පොලිසිය කටයුතු කරන්නේ දැඩි අවධානයෙනි.  පොලිස් ත්‍රීරොද රථය පදවාගෙන ආවේ පොලිස් සැරයන් පතිරණය. එක්වරම ඔහුගේ අවධානයට ලක්වන්නේ මෙම පුද්ගලයා තල්ලු කරගෙන එන පා පැදිය පිළිබඳවය. දුහුවිලි වැදී මකුළුදැල් සහිත මේ පා පැදිය කලෙකින් භාවිතා කළ එකක් නොවුන බව ඔහුට වැටහුනේය.  මුලින්ම පොලිසියට සිතෙන්නේ මේ පාපැදි සොරෙක් විය හැකි බවය.

“ තමුන් කොහෙද මේ අවේලාවෙ යන්නේ… “ පොලිස් නිලධාරීන් විමසන්නේය.

“ මම මේ කොන්ක්‍රීට් එකක් දාන්න ගිහින් එන ගමන්. වැස්ස නිසා රෑ තිස්සෙ කොටුවුනා. මේ ගෙදර යනවා.” ඔහු පවසන්නේය. අනතුරුව පොලිසිය විමසන ප්‍රශ්නවලට මේ පුද්ගලයා දෙන පිළිතුරු නිශ්ඡිත නැත.  පොලිසිය කියන්නේ ඔහු ඇඳගෙන සිටින වැහි කබාය ගලවන ලෙසය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඊට ඔහු දක්වන්නේ බරපතල විරෝධයකි. විරෝධය නොතකා පොලිසිය වැහි කබාය ඉවත් කරන්නේය. ඇඳගෙන සිටින ටී ෂර්ට් එකේ පැල්ලම්ය.  ඔහු කරේ එල්ලාගෙන සිටින බෑගයකි.  බෑගය විවෘත කරන්නටත් ඔහු එකඟවෙන්නේ නැත. නිලධාරීන් කණ්ඩායම බෑගය රැගෙන විවෘත කරන්නේය. බෑගයේ අපිළිවෙළට පොලිතින් කවරයකට දැමූ මුදල් නෝට්ටු සිය ගණනකි. ඊට යටින් කටර් අඬුවක් පෙනුනි. මකුළුදැල් බැඳුන පා පැදිය, මුදල් තොගය, සහ පුද්ගලයා දක්වන අසාමාන්‍ය විරෝධය  හේතුවෙන් පොලිසිය සැක කරන්නේ මේ පුද්ගලයා යම් කිසි නීති විරෝධී කටයුත්තකට සම්බන්ධ තැනැත්තෙක් විය හැකි බවය.

අත් අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සැක සහිත සාධක තිබේ. යම් නීති විරෝධී කටයුත්තකට ඔහුගේ සම්බන්ධය ගැන සාධක ඇත. පොලිසිය ඔහුව පොලිසියට කැඳවාගෙන යෑමට කරන උත්සාහයට යළිත් ඔහු දැඩි ලෙස විරෝධය පල කරන්නේය. ඒ විරෝධය නොතකා සැකකරුට මාංචු දමන්නට පොලිසිය උත්සාහ කරන විට එතැන ඇතිවන්නේ ගැටුමකි. පුද්ගලයා දැඩි විරෝධය පලකරන්නේය. පොලිසිය බලය පාවිච්චි කර මෙම තැනැත්තාට මාංචු දමා නාල්ල පොලිසියට රැගෙන එන්නේය.

රැගෙන විත් බෑගය පරීක්ෂා කරන්නේය. බෑගයේ උඩින්ම  ඇති කවරයේ මුදලින් රුපියල්  දෙලක්ෂ හැට පනස් දහස් හයසිය විස්සක මුදලකි. රත්තරන් සහ පිරිමි  කාන්තා මුදු දෙකක්, අඟල් 21ක් පමණ දිග චේන් පොටකි, උල් පිහියක්,  උල්කටුවක්, කටර් අඬුවක් ග්ලව්ස් දෙකක්, බෑගයේ ඇත. මේ භාණ්ඩ  සම්බන්ධ කිසිම විමසීමකට සැකකරු පිළිතුරු දෙන්නේ නැත.

මේ අතර සල්ලි බෑගයේ තිබී හමුවන අනන්‍යතා පත්‍රයකි. එය ලයනල් නැමැති පුද්ගලයෙක් වර්ෂ 2002 දී එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ගත් කාර්ඩ් පතකි. පොලිස් සැරයන් පතිරණ ඇතුළු කණ්ඩායම සැකකරු ද නන්වාගෙන කාර්ඩ් එකේ සඳහන් ලයනල්ගේ නිවස සොයාගෙන  පිටත් වුනේය.

නිවසේ ලිපිනය සොයාගෙන යන පොලිසිය නවතින්නේ නිවසට යාබද නිවසක් අසලය. නිවැසියන්ගෙන් ලයනල් ගැන විමසනවිට ලයනල් තම ඥාතියෙක් බව කියන නිවැසි පුද්ගලයෙක් පොලිසිය සමග ලයනල්ගේ නිවස පෙන්වන්නට පැමිණෙන්නේය.

නම කතා කර හඬගැසුවත් ප්‍රතිචාරයක් නැත. පොලිස් සැරයන් පතිරණ දකින්නේ නිවසේ ඉදිරිපස දොර අඩවල් කර ඇති අයුරුය. දොර තල්ලු කර විදුලි පන්දම පත්තු කර බලනවිට පුද්ගලයෙක් බිම වැටී සිටින ආකාරය ඔවුන්ට පෙනුනේය.  නිවස තුළට ගොස් පරීක්ෂා කරනවිට පොලිසිය දකින්නේ සාලයට යාබද  කාමර දෙකක ඇඳන් මත වියපත් යුවලක් වැටී සිටින අයුරුය.

පරීක්ෂා කරන විට තිදෙනාම මියගොස් ඇති බව තහවුරු වූයේය. පොලිසිය විසින් කොටුකරගෙන සිටියේ බරපතල සමූහ ඝාතනයක අපරාධ කරුවෙකි. අත් අඩංගුවට ගත් සැකකරුවා   168, බංගදෙනිය, හලාවත ලිපිනයේ පදිංචි සමරතුංග විතානගේ රොෂාන් සමරතුංග නැමැත්තෙකි. අවුරුදු 42ක් වයසය. ඔහුගේ රැකියාව ඡායාරූප ඇල්බම නිශ්පාදනය කිරීම බව කියැවිනි. දෙදරු පියෙක් වූ මේ පුද්ගලයාගේ බිරිය   ඉන්නේත්  සමූහ ඝාතනය සිදුවූ නිවස අසලය.

බංගදෙනියේ සිටිමින් රැකියාව කරන සැකකරු  සතියකට දෙවරක් පමණ නිවසට යන එන බවත් මරා දමා සිටි වියපත් යුවල සහ ඔවුන්ගේ අබාධිත පුත්‍රයා බිරියගේ   බාප්පා,   පුංචි අම්මා සහ  හැවිරිදි  ඥාති සහෝදරයා බවත් විමර්ශනවලදී හෙළි වන්නේය. වියපත් පියා 80 වියැතිය. මව 77 වියැතිය. ආබාධිත පුද්ගලයා 42 හැවිරිදය.

දැනට සිදුකර මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා මුදල් කොල්ලකෑම සඳහා මෙම ත්‍රිත්තව ඝාතනය සිදුකර ඇති බවය. සොරකමට පැමිණි ඔහුව හඳුනා ගැනීම නිසා මෙම ඝාතන සිදුකර ඇති බවට ද ගෙල සිරකරමින් මෙම ඝාතන සිදුකරන්නට ඇති බවට ද පොලිසිය සැක කරයි. ඉදිරි විද්‍යාත්මක විමර්ශනවලදී සියල්ල හෙළි වීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලද සැනින් පොලිස්පතිවරයා  විසින් අත්අඩංගුවට ගැනීම සිදුකල පොලිස් සැරයන්වරයා වෙත දුරකථන ඇමතුමක් ගෙන ප්‍රසංශා  කර   ඉදිරියේදී මෙම අත් අඩංගුවට ගැනීම කළ නිළධාරීන්ට මුදල් ත්‍යාග ලබාදෙන බවටද ප්‍රකාශ කළේය.

නාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීරිගම නාල්ලේ ත්‍රිපුද්ගල ඝාතනයක්… වියපත් මා පිය යුවලක් සමග ඔවුන්ගේ පුතා එක තැන මරා දමලා…

Next Post

පසුගිය පැය 24 තුළ වැඩිම වැස්ස පුත්තලමට… බස්නාහිරට සහ වයඹට තද වැසි පිළිබඳ රතු නිවේදන!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.