අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාරාන්තික රෝග සඳහා අධාර ඉල්ලුම්කරුවන්ගෙන් 46%කට ගෙවා නැති ජනාධිපති අරමුදල මන්ත්‍රීවරු 02කට විදෙස් ප්‍රතිකාර සඳහා එක් කෝටි අනූ ලක්ෂයක් වියදම් කරලා!

විගණනය හෙළි කරන කතාවක්...

by editor
නොවැම්බර් 17, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදෙස් රෝහලක දී කළ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකු  සඳහා  ජනාධිපති අරමුදල රුපියල් එක්කෝටි අනූ එක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබේ.

මෙලෙස මුදල් ගෙවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී රංජිත් සොයිසාට සහ වත්මන් පාර්ලිමේන්තුවේ පොදුජන පෙරමුණු පත් කළ මන්ත්‍රී ජයන්ත වීරසිංහට ය.  

රංජිත් සොයිසා මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වූ අතර ඔහු වෙනුවෙන්  ගෙවා තිබෙන මුදල රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂ හැටදහසකි. එම මුදල පසුගිය වසරේ දී සහ ඊට පෙර වසරේ දී කොටස් දෙකකට ගෙවා ඇත. ජයන්ත වීරසිංහ මන්ත්‍රීවරයා වෙනුවෙන් ගෙවා තිබෙන මුදල  රුපියල් හැට නව ලක්ෂ පනස් පන් දහසක් වෙයි.  .

මේ අතර හෘද සැත්කම්, පිළිකා රෝග, මොළය ආශ්‍රිත රෝග, දණහිස් හා උකුළ ආශ්‍රිත රෝග, වකුගඩු රෝග  සහ වෙනත් ප්‍රතිකාර සඳහා පසුගිය වසරේ දී රෝගීන් පන් දහස් එකසිය එක් දෙනෙක් වෛද්‍යාධාර ඉල්ලීම් කර තිබූ නමුත් ගෙවීම් කර ඇත්තේ රෝගීන් දෙදහස් හත්සිය පනස් දෙනකු සඳහා පමණක් යැයි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කළ විගණන පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ. 

අයදුම්පත් ඉදිරිපත් කළ සංඛ්‍යාව හා ප්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව සැසඳීමේ දී එය සියයට පනස් හතරක ප්‍රතිශතයක් යැයි ද එම වාර්තාව පෙන්වා දෙයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය කළ විමසුමට කළමනාකාරීත්වය කිසිදු පිළිතුරක් ද ඉදිරිපත් කර නැත. 

එමෙන් ම  අඩු ආදායම්ලාභී පවුල්වල උසස් පෙළ විභාගයට සුදුසුකම් ලබන සිසුන් වෙනුවෙන් ලබා දෙන ශිෂ්‍යත්ව ප්‍රදානය සහ විශේෂ ව්‍යාපෘති වෙනුවෙන් පිළිවෙළින් රුපියල් කෝටි විස්සක් සහ දෙකෝටි පනස් ලක්ෂයක් වෙන් කර තිබූ නමුත් එම වැඩසටහන් කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බවත් විගණන වාර්තාව අනාවරණය කරයි. 

එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේ කොවිඩ් වසංගත තත්ත්වය සහ වෙනත් ගැටලුකාරී තත්ත්වයන් නිසා යැයි කළමනාකාරීත්වය සඳහන් කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුලතිව් මල්ලාවි ප්‍රදේශයේ අවුරුදු 2000ක ඉතිහාසයක් ඇති අතිශය වටිනා වාරි පද්ධතියක නටබුන් පිරිසක් කළුගල්වලට කඩයි… පිරිසක් ඒ මත කෝවිලක් හදයි..

Next Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයට හෙණ වදිද්දී නිහඬ ආණ්ඩුව ඉදිරියේ අපේ බුද්ධි සම්පත පෙරා ගන්නා නොරටනු ගැන බීබීසී කළ හෙළිදරව්ව!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.